Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

වියපත් බඹරුන් අරක්ගත් නාවින්නගේ සංස්කෘතිය

වියපත් බඹරුන් අරක්ගත් නාවින්නගේ සංස්කෘතිය

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්න හා සංස්කෘතික අමාත්‍යංශයේ දැක්ම රජයේ වෙඞ් අඩවියේ මෙසේ සඳහන්කර තිබේ. ඒ අනුව ශ‍්‍රී ලාංකේය පුරවැසියන්ගේ අනන්‍යතාවය දේශියව හා ජාත්‍යන්තර වශයෙන් තහවුරු කරමින්, ජාතියේ පෞඪ සංස්කෘතික උරුමය සුරැකීම සහ එයට සංස්කෘතියේ නගා සිටුවීම මෙම අමාත්‍යංශයේ දැක්මයි. දැක්ම සහ ප‍්‍රායෝගික භාවිතාව එකිනෙක පරස්පර බව පෙන්වා දෙමින් අද දවසේ මේ විවිධ විෂයන් පූට්ටු කරන ලද අමාත්‍යංශය ස්වයං විනාශය කැඳවා ගැනීම කණගාටුවට කරුණකි. ඒ සංස්කෘතිය යනු එස්. බී. නාවින්න අමාත්‍යවරයාගේ පෞද්ගලික බූදලයක් නොවන බැවිනි.

යහපාලන රජය පෙරට ආවේ වංචා දූෂණ සඳහා නැවතී මේ තිත තැබීම පිළබඳ ජනතාව තුළ අපේක්‍ෂාවන් ගොඩ නංවමිණි. නමුත් සංස්කෘතිය සංරක්‍ෂණය වෙනුවට නාවින්න අමාත්‍යවරයා අමාත්‍යංශයේ කටයුතු සඳහා පත් කරන ලද වියපත් බඹරුන් සංස්කෘතිය මෙන්ම මෙම අමාත්‍යංශය ද උලා කමින් සිටිති. මීට එක් නිදසුනක් වන්නේ මෙම අමාතයංශයට අයත් සංස්කෘතික සංරක්‍ෂණ සහ ඉදිකිරීම් සමාගමේ වර්තමාන තත්වයයි.
(මෙම ආයතනය අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියේ ද සඟවා තිබේ) මෙම ආයතනයට වර්තමාන පාලන අධිකාරියපත් කිරීමට ප‍්‍රථම රුපියල් ලක්‍ෂ 120 ක මුදල් තැන්පතුවක් හා අතිවිශාල වටිනාකමකින්යුතු ප‍්‍රාග්ධන භාණ්ඩ රැසක් පැවතුණි. මෙම අරමුදල් රැස්කර ගැනුනේ මීට පෙර මෙම ආයතනය මෙහෙය වූ පාලනාධිකාරයේ මෙහෙයවීම යටතේය. මධ්‍යමසංස්කෘතික අරමුදල සඳහා කොන්ත‍්‍රාත් පදනමින් සේවකයන් සැපයීම මහින් මෙම අරමුදල් රැස්කෙරුණි. එවකට වියපත් කලාකරුවන් නගාසිටුවීම ඇතුළු සුවශේෂිකටයුතු සඳහා මෙම අරමුදල් භාවිත විය. මීට අමතරව පසුගිය පාලනාධිකාරය යටතේ බංග්ලාදේශයේ සිදුකරන ලද ව්‍යාපෘතියක් සඳහා වන රුපියල් ලක්‍ෂ 35 ට අධික ගෙවීමක් ද පසුගිය දා ලැබී තිබුණි.
නමුත් මෙම ආයතනය තුළ සිදුවන අන්ත දූෂිත මූල්‍ය ක‍්‍රියාවලිය තුළ මෙම මුදල් අතුරුදන් වී ඇතිබව වාර්තා වේ. මෙම ආයතනය සඳහා අමාත්‍යවරයා විසින් පත් කර එවා ඇති වියපත් බඹරුන් දෙදෙනා මේ සඳහා සෘජු ලෙසමවල කිව යුතුය. මොවුන්ගේ පාලනය තුළ සංස්කෘතික සංරක්‍ෂණ සහ ඉදිකිරීම් සමාගම දූෂිත ආයතනයක් බවට පත් කොට තිබේ.

මෙම ආයතනයේ අරුම පුදුම කලමණාකරන අධ්‍යක්‍ෂවරයා පාලනය සඳහා සියලූම උපදෙස් ලබාගන්නේ නර්තන විෂයපමණත් හදාරා ඇති ගිණුම් ළිපිකාරිණියගෙනි. වියපත් බඹරුනට අවශ්‍ය සියලූම සේවාවන් ඇයගෙන් සිදුවන අතර ඇයට පමණක් පසුගිය කාලය තුළ වැටුප් වර්ධක ද ලබා දී ඇත. ගනකාධිකරණය පිළිබද කිසිඳු දැනුමක් නොමැති මෙම තැනැත්තිය හරහා නීතිවිරෝධි ආකාරයෙන් චෙක්පත් ලියවා ගනිමින්ආයතනයේ අරමුදල කාබාසිනියා කර තිබේ.

මේ වන විට ආයතනයේ නිල නොවන පාලිකාවවන්නේ ඇයයි. මීට කෘතගුණ සැලකීම පිණිස කලමනාකරණ අධ්‍යක්‍ෂවරයාගේ නිර්දේශය මත ඇයට පමණක් ආයතනය ආර්ථික අර්බුදයක තිබිය දී පවා ලක්‍ෂ ගනනින්ණයපහසුකම් සපයා දී තිබේ.
කිසිඳු ආයෝජනයක් සිදුනොකරමින් මේ විනාශ කර ඇත්තේ පසුගිය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කල සේවකයන් සඳහා වන්දි වශයෙන් සැපයිය යුතු මුදල්ය. තවද වයඹ පලාතේ වැව් ප‍්‍රතිසංස්කරණය සහ මාර්ග ප‍්‍රතිසංස්කරණය ස්වයං රැකියා සඳහා වෙන්කරන ලද මුදල් ද විධිමත් මූල්‍ය පටිපාටියකින් තොරව යෙදවා තිබෙන බවට සාධක අනාවරණය වෙමින් තිබේ.
මේ සියලූ කරුණු පිළිබඳ අදාල අංශයන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු අතර වහාම රජයේ විගනනයට ලක් කල යුතු බවඅවධාරණය කරමු. සංස්කෘතක සංරක්‍ෂණ සහ ඉදි කිරිම් ආයතනයේ වියපත් බඹරුන් පිලිබඳ විශේෂ හෙළිදර වුවක් ඉදරියේ දී බලාපොරොත්තු වන්න.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.