Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

හිටපු ජනාධිපතිවරියට අත්තනගල්ල දෙයි, වෙල්ගම, මහින්දානන්ද දොට්ට - අලුත් වැඩකට අත ගසයි

හිටපු ජනාධිපතිවරියට අත්තනගල්ල දෙයි, වෙල්ගම, මහින්දානන්ද දොට්ට - අලුත් වැඩකට අත ගසයි

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ගමන් මගේ නව ආරම්භයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසූවේ සෑබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවයි.

මහින්දානන්ද අලූත්ගමගේ සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීමට ඊයේ පියවර ගෙන තිබිණි.

ඒ අනුව, නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඉවත් කර නව සංවිධායකවරයා ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ.රණසිංහ මහතා පත් කර ඇත.

මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කුමාර වෙල්ගම මහතා ඉවත් කිරිමත් සමඟ ඒ සඳහා නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමතිනි සුමිත්‍රා ප්‍රියාංගනී අබේවීර පත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් යළි ඇගයීමක් ඊයේ සිදුකර ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදී ඇති අතර එහිදී කැපී පෙනෙන සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පත් කර තිබීමයි.

මෙහිදී නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් බොහෝ දෙනෙකුට එම තනතුරු යළි හිමිවී ඇති අතර එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් 50 දෙනෙකු ද ඊයේ (12) දිනයේදී පත් කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

කෙසේ වෙතත් යහපාලන රජයේ වෙනස ඇතැමුන්ට නොවැටහෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුරය, එප්පාවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් පැවසීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.