Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අලියා ගත්තේ සල්ලිවලට නෙවෙයි - කෝටියක් දැම්මේ නිකන්

අලියා ගත්තේ සල්ලිවලට නෙවෙයි - කෝටියක් දැම්මේ නිකන්

මියෙන්මාර් රජයෙන් ශ්‍රී දළදා මාලිගයට 2007 වසරේදී අලියෙකු ලබාගෙන ඇත්තේ මිලදී ගැනීමක් වශයෙන් නොව පරිත්‍යාගයක් වශයෙන් බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ පරිත්‍යාගය සඳහා වටිනාකමක් ලබාදීමට පමණක් ලේඛනවල මිලක් දක්වා ඇති බවයි.

එහෙත් ඒ සඳහා දළදා මාලිගය කිසිඳු මුදලක් වැය කර නොමැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

දළදා මාලිගයට රුපියල් 26 කෝටි පනස්දහසක පමණ මුදලක් වැය කර මියෙන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව හිටපු රේගු අධ්‍යක්ෂවරයෙකු වූ සමන්ත ගුණසේකර මහතා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව අමාත්‍යවරයා විසින් විමර්ශනයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා පත් කර තිබුණි.

ඔහුගේ වාර්තාවට අනුව අදාළ ගණුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු බවටත් නිර්දේශ කර තිබූ බව වාර්තා වෙයි.

අද දෙරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.