Menu

logo new 2015-5-11

Shamrock-png

ඥානසාරගේ රෙදි ගලවයි, බොදු බලය නිරුවත් වෙයි Featured

ඥානසාරගේ රෙදි ගලවයි, බොදු බලය නිරුවත් වෙයි

බොදුබල සේනාව නැමැති සංවිධානය විසින් මෙරට බෞද්ධ ජනතාව මුලා කොට ජාතිවාදි ගිනි ජාලාවන් ඇවිල වීමට තැත් කළ අතර ඒ සදහා මුල් වූ නායකයින් අතර ප්‍රමුඛ වන්නේ ගලාබොඩ අත්තේ ඥානසාර නැමැති සිවුරු හදින්නා බවත් ඔහු පැවැති පාලනයේ ආරක්ෂක ලේකම්වරයාගේ අනු දැනුම පිට මෙකී ක්‍රියාදාමයන් දියත් කළ බවත් දි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය නිරන්තරයෙන් හෙළි දරව් කළෙමු. ඒ හුදු සිවුරු හදින්නෙක් පිළිබදව ඇති අමනාපය හෝ ද්වේශය හේතුවෙන් නොව මොහුගේ ක්‍රියාකාරීත්වය විසින් ජාතීන් අතර වූ මහා ව්‍යසනයක් ඇවිලීම සම්බන්ධයෙන් වන බරපතල අනතුර හේතුවෙනි.

 

කෙසේ නමුත් මේ වනවිට අප හෙළිදරරව් කළ තොරතුරු සත්‍ය වෙමින් පවතින්නේ ඔහුගේ සමීපයේම සිටි පිරිස් විසින් ඔහුව හෙළිදරව් කරමින් සිටින නිසාවෙනි. මේ පසුගිය දිනෙක ඔහුගේ සමීපතමයෙක් වූ ජා-ඇල නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරයෙකුව සිටි අන්ජු පෙරේරා විසින් ඥානසාර නිරුවත් කළ අන්දමයි.  ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කළ හෙළිදරව්ව පහත පළවේ.

"සෝම හාමුදුරුවෝ වගේ චරිතයක් මේ රටේ නැති වීමෙන් හිස්වුන අඩුව පුරවන්න ඥානසාර හාමුදුරුවෝ නැවත ඉපදුනා කියලා තමයි මම හිතුවේ. ඒ හිතුන එකත් එක්ක බොදු බල සේනාවට මම එකතු වෙනවා. බොදු බල සේනාවේ බදුල්ල සමුළුවෙන් පස්සේ තමයි මම ඥානසාර හාමුදුරුවෝ ලගින්ම ආශ්‍රය කරන්නට පටන් ගත්තේ.

ඊට පස්සේ ඥානසාර හාමුදුරුවන්ගේ හැම වැඩකටම මම සම්බන්ධ වුනේ ගොඩක් කැමැත්තෙන්. මම සම්බන්ධ වෙන කාලේ ඥානසාර හාමුදුරුවන්ට දුර ගමන් යන්න වාහනයක් තිබුනෙත් නෑ. එතනින් පස්සේ හාමුදුරුවන්ට අවශ්‍යතා දෙකක් හැදෙනවා. එකක් හාමුදුරුවන්ගේ දුරගමන් පහසුව සඳහා හොඳ වාහනයක් නොතිබුන එක. මගේ ළඟ BMW එකයි ඩිෆෙන්ඩර් එකයි වාහන දෙකක් තිබුණා. මට ඥානසාර හාමුදුරුවෝ වෙනුවෙන් ඒ දේ කරන එක එච්චර ගැටළුවක් නෙමෙයි. අනික ආරක්ෂාව සම්බන්ධ අවශ්‍යතාවත් තිබුණා. මම දේශපාලඥයෙක් හැටියට නිතරම ළඟ පිරිසක් හිටියා. එතනින් පස්සේ ගමන් යද්දී ඥානසාර හාමුදුරුවෝ ඉස්සරහ තියාගෙන කාර් එකේ පිටිපස්සෙන් ඩිෆෙන්ඩරයේ කොල්ලො ටිකක් නිතරම අපි එක්ක ගියා.

ඒත් එක්කම ඥානසාර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතයටත් මම කිට්ටු වුනා. වාහනේ යන එන ගමන් අපි කතා කළා. විවිධ සම්බන්ධකම් තියෙනවා, මුලින් එන්.ජී.ඕ මුදල් එනවා කියලා මම පිළිගත්තේ නෑ මුලින්. මම ඥානසාර හාමුදුරුවන් එක්ක හිටියා. නමුත් මම බොදු බල සේනාවේ දැකපු දෙයක් තමා, සමුළු තියනවා, වැටලීම් කරනවා, මාධ්‍ය සංදර්ශන තියනවා විතරයි. එතනින් එහාට ගියපු ප්‍රායෝගික වැඩපිළිවෙලක් මම දැක්කේ නෑ. මම හාමුදුරුවොත් එක්ක මේ ගැන ගොඩක් අවස්ථා වලදී කතා කරල තියෙනවා, වැඩක් නෑ.

ඥානසාර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතය කියලා ගත්තොත් වැරදි තියෙනවා කියලා මම දැනගෙන හිටියා. මම තේරුම් ගත්ත දෙයක් තමා පුද්ගලික ජීවිතයේ මොන වැරදි තිබුණත්, මේ ගෙනයන වැඩසටහන හරි, මේ මතය හරි, පුද්ගලික ජීවිතය එලියට වැටුනොත් මෙයාගේ මේක අපේ සංවිධානයට බලපානවා. ඒක මේ ජාතික ව්‍යාපාරයට බලපාන්නේ. ඒක නිසා අපිත් මේදේ ආරක්ෂා කරන්න ඕනැ කියලා. ඇත්තටම අකමැති වුනත් ඒ වගේ ඒ විදියට හැසිරෙනවට ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඉවසුවා."

ඥානසාර සහ මනෝජා.

ඒ විදියේ හැසිරීම් කියලා කිව්වේ, දවසක් ඥානසාර හාමුදුරුවෝ කිව්වා. “මල්ලි මම දන්න අක්කා කෙනෙක් එනවා. ප්‍රංශයේ ඉඳන්, අපේ සංවිධානයට ගොඩක් උදව් කරන, ආවහම උදව් කරන්න පුළුවන් නේද?” කියලා ඇහුවා. මම ඕනෑ උදව්වක් කියන්න හාමුදුරුවනේ මම කරන්නම් කිව්වා. ඔය කියන අක්කා ආවා ප්‍රංශයේ ඉඳන්. ආවට පස්සේ මට හම්බ වුනා. මම සැක හිතුවේ නෑ ඒ කවුද කියලා. හම්බ වුනේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ පොල්ගහවෙල අසපුවේ වැඩසටහනක් තිබිල අපි ඒකට ගියා. ඒ අක්කත් ඇවිත් හිටියා. එයාග් නම “මනෝජා” එයා එක්ක තව දුවලා දෙන්නෙකුත් හිටියා.

වැඩසටහන ඉවර වෙලා හාමුදුරුවෝ මට කිව්වා “මල්ලි අක්කලා කොහේවත් එක්කන් ගියෙත් නෑ. ඔහොම්මම පොඩ්ඩක් අපි පොලොන්නරු යං. කැලේ එහෙම පොඩ්ඩක් පෙන්නලා එන්න” කියලා අපි ඊට පස්සේ පොලොන්නරු ගියා. මගේ වාහනේ ඩ්‍රයිව් කලේ මම. ඉස්සරහ ඥානසාර හාමුදුරුවෝ, පිටිපස්සේ මනෝජා අක්කයි, දුවලා දෙන්නයි. ඒ දරුවන්ගේ ලොකු ළමයට අවුරුදු 16ක් විතර ඇති, අනිත් එක්කෙනාට 14ක් විතර ඇති. අපි ගියා.

යනකොට මගදි නවත්තලා හාමුදුරුවෝ පිටිපස්සට ගියා, ලොකු ළමයා ඉස්සරහ සීට් එකට එවලා. එතනදි මම දැක්ක දරුවෝ දෙන්නෙක් ඉන්න තැනදී අසීමිත ආදරයක් මේ පොඩි දරුවට. ඒ දරුවා ලොකු දරුවට වඩා පෘෂ්ටිමත්. ඥානසාර හාමුදුරුවෝ වගේම මූනත් තියෙනවා. යනකල්ම පොඩි දරුවගේ මූන ඔඩොක්කුවේ තියාගෙන ඔළුව අතගගා තමයි ගියේ. එතනදි මට ඒ ගැන පොඩි සැකයක් ඇතිවුනා ඒ දරුවා ඥානසාර හාමුදුරුවන්ගෙද කියලා.

අපි පොලොන්නරු ගිහිල්ලා, හවස හෝටලයකට නිදාගන්න ගියා. ඒ දේවල් කතා කරලා හෝටලය බුක් කරලා තිබුනේ ඥානසාර හාමුදුරුවොයි. නන්ද හාමුදුරුවන්ගේ ඩ්‍රැයිවර් පැතුම්ගේ වාහනේ ගිය තවත් හාමුදුරුවෝ කිහිපදෙනෙකුයි එක්ක එක කාමරයක් ගත්තා. අපි වෙනම පැත්තක කාමරයක් ගත්තා. පහුවෙලා නැගිටලා මින්නේරියේ අලි බලන්න ගියා. ගිහින් අපි කොලඹ ආවා. ඒ යන අතරෙදි හැසිරීම් වලින් මට පැහැදිලි වුනා මේ සම්බන්ධය මොකක්ද කියලා. ඒක පස්සේ තහවුරු කරගත්තා. හාමුදුරුවෝම කිව්වා ඒ පොඩි දරුවා එයාගේ කියලා. ඇවිල්ලා මට කිව්වා හාමුදුරුවෝ, ඒ කුඩා දරුවා ටෙනිස් ගහනවා ප්‍රාංශ්වල, ලංකාවෙන් ගිය ගමන්ම ටුනමන්ට් එකකුත් තියෙනවා. ටෙනිස් ගහන්න තැනක් හොයලා දෙන්න කියලා. රත්තනපිටියේ සිංගාරා එකේ මෙම්බර් කෙනෙක් ඉන්නවා. මම කතා කරලා ඒ දරුවට සෙල්ලම් කරන්න හදලා දුන්නා. ඒ අක්කවයි ළමයයි එක්කන් ගිහිල්ලා සෙල්ලම් කරන්න දානවා. ඒ දවස්වල හැම වෙලාවෙම වගේ “මල්ලි අක්කලත් එක්ක අරෙහෙ යන්න, මෙහෙ යන්න, හාමුදුරුවෝ කියද්දි” ඕනැ තැනක ගියා. පවුලේ කෙනෙක් වගේ මම ඒ දේවල් කලා.

කතන්දරේ දන්නවා, මම මේ දේවල් දැකලා එලියට නොදා හිටියේ ඒක පුද්ගලයෙක්ගේ චරිතයක් නිසා මුළු ජාතික ව්‍යාපාරයම විනාශ වෙන්න දෙන්න බැරි නිසා. මම හොඳාකාරවම දන්නවා බොදු බල සේනාව විනාශ වුනොත්, මිනිස්සුන්ගේ ජාතික ව්‍යාපාර කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. මොකද මිනිස්සු රැවටිලා රැවටිලා මෙතෙන්න එක්කහු වුනා. ඒකත් මෙහෙමයි කියලා දැනගත්තහම ඒ විශ්වාසය නැතුව යනවා කියන එක නිසා. මම හැම වෙලාවෙම බැළුවෙ ඥානසාර හාමුදුරුවන්ගේ පැත්තෙන් එයාව ආරක්ෂා කරගන්න. ඊට පස්සේ අපි නුවර එලියට ගියා. මහියංගනය සමුළුවට යන ගමන්, යනකොට අක්කලා නන්ද හාමුදුරුවන්ගේ වාහනයේ තමයි ගියේ. හාමුදුරුවෝ මාත් එක්ක මගේ කාර් එකේ ගියා. ඒ යනකොට ළමයි දෙන්නයි අක්කගෙ නංගි “සුදු අක්කයි” ඒ අයත් සමුළුවට ආවා. සමුළුව ඉවර කරලා හාමුදුරුවෝ මට කිව්වා මල්ලි අපි අක්කලාත් එක්ක නුවරඑළි යන්නත් ඕනැ කියලා. එදා නුවර මඩවල පන්සලට යන ගමන් එන පාරේ හෝටලයක හාමුදුරුවෝ නතර වුනා අක්කලත් එක්ක. පහුවදා ආයෙම නුවරඑළි යන්න පිටත් වුනා. හාමුදුරුවො කිව්වා කොල්ලොක ටික ආපහු යවන්න කියලා. කොල්ලො ජීප් එකේ හිටියේ. මම කිව්වා මම එයාලත් එක්ක වෙනම ඉන්නම් හාමුදුරුවෝ අක්කලත් එක්ක ඉන්න කියලා. මොකද මට පාළුයි ඒකයි. අපි නුවරඑළි ගියා. නුවරඑළි යනකොට නවතින්න බලපුගේ හාමුදුරුවන්ට හරි ගියේ නෑ. ඊට පස්සේ සාමාන්‍ය ගෙදරක හාමුදුරුවොයි අක්කලයි පළවෙනි දවසේ නැවතුනා මම මගේ වියදමින් කොල්ලොත් එක්ක වෙන තැනක හිටියා.

දෙවන දවසේ හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා මල්ලි අක්කලාට මේ තැන සෙට් වෙන්නෙ නෑ. වෙන මීට වඩා හොඳ තැනක් බලන්න ඕනැ කියලා. ඊට පස්සෙ බන්ඩාරවෙල පාරේ යනකොට තියන බංගලාවක් තිබුනා දවසකට විසිපන්දාහක්. ඒ බංගලාවෙ තමයි හාමුදුරුවොයි අක්කලයි නතර වුනේ. එතනින් පස්සේ අපි දවස් තුනක් නැත්නම් හතරක් නුවරඑළි නතර වෙලා හිටියා. මම එතනින් පස්සේ ඒ ගෙදරට ගියේ නෑ. දවසකට එක වතාවක් විතර තමා ගියේ. එයාගේ පුද්ගලික ජීවිතය මම දන්නවා. එයාව අපහසුතාවයට පත්කරන්න මම කැමති නෑ. ඉතින් ඒ දවස් ටික එහෙම ගත කළා. නුවරඑළි යද්දි සිදුවීමක් සිදුවුනා මම අකමැතිම, රම්බොඩ පාස්වෙලා නෑවා. රටේ පිළිගත්, දැක්ක ගමන් කවුරුත් දන්න ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් වෙලත් ඥානසාර හාමුදුරුවෝ අර අක්කලත් එක්ක බැහැලා නෑවා. ලංකාවේ බෞද්ධ බලවේග මෙහෙයවන හාමුදුරු කෙනෙක් හැටියට කිසිම හිරිකිතයක් නැතුව අර ගෑණු ගොඩේම බැහැල නෑවා. එතනදි නාලා ඉවර වෙලා ආපහු එනකොට අක්කලා ආව වෑන් එක නොපෙනෙන මට්ටමට ආවට පස්සේ හාමුදුරුවෝ එලවන්න ආසයි, ගොඩාක් කාලෙකින් එලෙව්වෙත් නෑ, වාහනේ චුට්ටක් දෙන්න කිව්වා. මම බැහැලා අනිත් පැත්තට ඇවිත් හාමුදුරුවන්ට වාහනේ ගන්න දුන්නා. ටික දුරක් මගට එද්දි මගේ ෆෝන් එකට අක්කගෙන් කෝල් එකක් ආවා. “මල්ලි කව්ද වාහනේ එලවන්නේ? මම කිව්වා මම කියලා. නෑ මල්ලි මට බොරු කියන්න එපා. මම දන්නවා හාමුදුරුවො එලවන්නේ, මල්ලි වාහනේ ගන්න, තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දාගන්නද හදන්නේ. මල්ලි ගන්න, නැත්නම් අපි මෙතනින් අඩියක්වත් එන්නෙ නෑ ඉස්සරහට අපි වාහනේ නතර කරනවා,” කියලා කිව්වා.

මම හාමුදුරුවොන්ට කිව්වා අක්කලා නතර කළා මට වාහනේ ගන්න කිව්වා. නැත්නම් අක්කලා එන්නේ නෑ කිව්වා කියලා. හාමුදුරුවො ගෑණුත් එක්ක මුකුත් කරන්න බෑ කියලා කුණු හරපයක් කියලා බැහැලා අනිත් පැත්තට ආවා. මම වාහනේ ගත්තා. මම අක්ක කිව්වදේට කැමති වුනා. මොකද හාමුදුරුවන්ට එච්චර වාහනේ එලවන්නත් බෑ. මට බයත් හිතුනා පෙරලලා දායිද කියලා. මටත් ලොකු ප්‍රශ්නයක් තිබුනා. මගේ පොඩි එක්කෙනාට අසනීප වෙලා හිටියේ ගෙදර කවුරුත් හිටියෙත් නෑ. අකමැත්තෙන් වුණත් ඉන්න වුණා, දවස් හතර පහක් හාමුදුරුවො වෙනුවෙන්. ඔය ගියපු එක ගමනකවත් යන්න කියලා මම ඇඳුම් අරගෙන සුදානම් වෙලා නෙමෙයි ගියේ. මේ හැම දේම කළේ බොදු බල සේනාවේ හාමුදුරුවෝ ජාතික ව්‍යාපාරයේ නායකයා හින්දයි.

මම පුද්ගලික ජීවිතය ගැන හාමුදුරුවන්ට පෙන්නලා දෙන්න දුන්නේ නෑ. මොකද හාමුදුරුවෝ කෙනෙක් වුනාම දැනගන්න ඕනැ ජීවත්වෙන්න ඕනැ කොහොමද කියලා. මම ඒ දේවල් කිසිම වෙලාවක අනුමත කළේ නෑ. ඒත් මට ජාතික ව්‍යාපාරය රැකගන්න එහෙම කරන්න වුනා. හැබැයි දැන් මේ කරන්නේ බෞද්ධයෝ ඉල්ලපු ජාතික ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වුනු දේවල් නෙමෙයි. ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව රටට තියෙනවා. ඒත් බොදු බල සේනාව කියන්නේ ජාතික ව්‍යාපාරය මුහුණුවරින් ඉන්න, එයාලගේ අවශ්‍යතා ඉටුකරගන්න පවත්වාගෙන යන එකක්. ඒ නිසා මේක නවත්වන්න ඕනැ. ජාතික ව්‍යාපාරයක හිඩැස බොදු බල සේනාව පුරවන්නේ නෑ. බෞද්ධයන්ව මුලා කරනවා.

මේ දේවල් බොරු කියනව නම් මම අභියෝග කරනවා ඥානසාර හාමුදුරුවන්ට. මාධ්‍යයෙන්, ෆේස්බුක් එකෙන් මනෝජා ගැන සමහර දේවල් අපි දැක්කා ඒ කාලේ. ඒ දැම්ම අය හරියට දන්නෙ නැතුවයි දාලා තිබුණේ. මනෝජා අක්කා බොදු බල සේනාවේ කිට්ටු සම්බන්ධතාවක් තියෙන හැම කෙනෙක්ම දැකලා තියෙනවා. හැබැයි හාමුදුරුවොත් එක්ක එයාගෙ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා දන්නවද හැමෝම කියලා මම දන්නේ නෑ. ඥානසාර හාමුදුරුවන්ට මම අභියෝග කරනවා. ඩී.එන්.ඒ පරීක්ෂණයක් තියලා ඔප්පු කරන්න, පුළුවන්නම් ඒ මනෝජගෙ දරුවා එයාගෙ නෙමෙයි කියලා. මේ වෙනුවෙන් ඕනෑම අධිකරණයක නඩුවක් පැවරුවොත් ප්‍රධාන සාක්ෂියට එන්නෙ මම. මේ වගේ දුරාචාර හිමිවරුද බෞද්ධ රාජ්‍යයක් ගැන කතා කරන්නේ. බෞද්ධ බැතිමතුන්ව මුලා කරමින්, බොදු බල සේනා අටවාගෙන පුද්ගලික ලෞකික ජීවිතය ගත කරමින්, හොර වැඩ කරන්නේ කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.