Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

වල් අලි කතාවේ අල්ලගත්තේ වලිඟය - කරුණාරත්න පරණවිතාන

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයෙන් පසු ඔබට හිමිවුණේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයයි. කොහොමද අලුත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු

වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් කරන්නේ වැඩ ලෝකයට මිනිසුන් සූදානම් කිරීම වැඩ ලෝකයට තරුණ ජනතාව සූදානම් කිරීම. එහෙම නැතිව කාර්යාල ලෝකයට ජනතාව සූදානම් කිරීම නෙවෙයි. අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ රැකියා කියන්නේ කාර්යාලීය රැකියා පමණයි කියලයි. අපේ රටේ පාසලුත් විශ්වවිද්‍යාලත් හිතන්නේ කාර්යාල ලෝකයට අප සූදානම් විය යුතුයි කියන ආකල්පය වගා දිගා කරමින්. එවැනි තත්ත්වයක වැඩ ලෝකයට උචිත ජනතාව දැනුමෙන් කුසලතාවලින් සන්නද්ධ කිරීමට ආකල්පවලින් පොහොසත් කිරීමේ වගකීම තමයි අපේ අමාත්‍යාංශයට බාර වී තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය දැන් මේවන විට වෘත්තීය පුහුණුවත් නිදහස් අධ්‍යාපනයේ කොටසක් බවට පත් කරල තියෙනවා අපේ අමාත්‍යාංශය මේ වන විට වෘත්තීය පුහුණුව පිළිබඳ නිපුණතාව ලබාදීමට වැඩ සටහන් රැසක් ආරම්භ කරලා තියෙනවා.

Read more...

ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අත්හැරපු මිනිස්සු - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

1931 ඉපදුණු නෙවිල් ප්‍රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසිපහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතළිස් ගණන්වල ඉන්න බලසම්පන්න වෛද්‍යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකක්ද මේ ජවය? කවුද මේ නෙවිල්? අපි හම්බවුණා.

Read more...

සටන්කාමී බලවේගවල ඇද කුද පෙන්නන්න යෑම ප්‍රශ්නය යට ගහන වෑයමක් - ටිල්වින් සිල්වා

ප්‍රශ්නය:- සයිටම් ප්‍රශ්නය අවුලෙන් අවුලට යද්දී රජයේ වෛද්‍යවරු ආණ්ඩුවිරෝධී ආයුධය බවට වර්ජනය පත්කරගන්නවා. ජවිපෙ මේ ක්‍රියාමාර්ග ගැන දරන අදහස මොකකද්ද?

Read more...

මම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා, මේ මිනිස්සුන්ට මම ගැන අගයක් නෑ - සුසන්තිකා ජයසිංහ

 මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

Read more...

දානේ අවුල් නම් දන්සැල් කැන්සල් - උපුල් රෝහණ

* පවතින පීඩාකාරී කාලගුණික තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන කිවුවොත්?

දැනට ඇතිවෙලා තියෙන කාලගුණික තත්ත්වය කිහිප ආකාරයකින්ම ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් කරනවා. එකක් තමයි මේ නියං කාලගුණයත් එක්ක ඇතිවී තිබෙන ජල හිඟය නිසා සෞඛ්‍ය තර්ජන කිහිපයක්ම එල්ලවෙලා තියෙනවා. මෙහිදී වඩා වැදගත් කාරණා දෙකක් මේ තුළ තියෙනවා. ඉන් එකක් තමයි පවතින ජල ප්‍රභව (මූලාශ්‍ර) අපවිත්‍ර වී තිබීම. අනෙක තමයි නියඟයට උත්තර හොයන්න , ඉල්ලුමට අවශ්‍ය සැපයුම දෙන්න හතු පිපෙනවා වගේ බිහිවෙලා තියෙන ජලය අලෙවි කරන ව්‍යාපාරිකයන් ඔවුන් මේ කර්මාන්තය සඳහා ලියාපදිංචිවෙලා ඕනෑම ජල ප්‍රභවයකින් ජලය අරගෙන විකුණන තත්ත්වයට පත්වෙලා.

Read more...

ශ්‍රී.ල.නි.පයේ ගමනක අවසානය බව පේනවා - ජනක බණ්ඩාර තෙන්නකෝන්

ආසන සංවිධායකකම අහිමිවීම, ශ්‍රී.ල.නි.ප.යට වෙන්නේ මොකද්ද? දේශපාලනයෙන් සමුගන්නවාද? යහපාලනය පිළිබඳ දරන අදහස කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

Read more...

නැවත එජාපයට එන්න කලින් බේරගනන් ගොඩක් දේවල් තියෙනවා - තිස්ස අත්තනායක

* රටේ වර්තමාන දේශපාලන වටපිටාව ගැන ඔබේ දැක්ම කිව්වොත්?

වර්තමාන දේශපාලනයේ ලොකු අවුලක් තියෙනවා කියලා හිතෙනවා.

* දේශපාලනය අවුල් යැයි ඔබ කියන්නේ ඇයි?

Read more...

කර්මාන්ත පුර ඇති කළාට ආයෝජකයෝ එන්නේ නෑ - ආණ්ඩුවේ ඇමැති චම්පික රණවක

අධික මුදලක් වැය කරන ව්‍යාපෘති රැසක් ඔබේ අමාත්‍යාංශය යටතේ තිබෙන්නෙ. මේ ව්‍යාපෘතිවල කාර්ය සාධනය පහළ මට්ටමක බවට චෝදනා නැඟෙනවා.

මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ. ඒවායේ යම් ප්‍රමාදයක් ඇති වෙනවා. නමුත් අපි පටන්ගත්තු වැඩ කාර්යක්ෂමව කෙරෙනවා.

Read more...

තනතුරු වෙනුවෙන් වෘත්තියේ ගුණය කෙලෙසන්නේ නෑ - විමලනාත් වීරරත්න

පසුගිය සතිය වන තුරු ඔබ ඉරුදින පුවත්පතේ කතුවරයා. දැන් ඔබ කවුද?

ඉරුදින කර්තෘ කියන එක එක්තරා නාමකරණයක් විතරයි. ඊට කලින් රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ කියන එකත් ඒ වගේ. මම කැමතියි ඒ ප්‍රශ්නෙට, ‘මම ජනමාධ්‍යවේදියෙක්’ කියල උත්තර දෙන්න. එදාටත්, අදටත් හෙටටත් ඒ හැඳින්වීම වලංගුයි.

 ජනමාධ්‍යවේදියා කියන භූමිකාව ඔබ විස්තර කරන්නෙ කොහොමද?

ප්‍රධානම කාරණය තමයි, ඔහු පොදු ජනතාවට වගකියන්න බැඳී සිටින කෙනෙක්. ‘පොදු ජන යහපත’ තමයි අන් සියලු කාරණාවලට ඉහළින් ඔහු සම්බන්ධයෙන් බලපවත්වන නියමය. ඒ වගේම ඔහු, වෘත්තීය ආචාරධර්ම පද්ධතියකින් බැඳී සිටිනවා.

Read more...

උද්ඝෝෂණ හමුවේ පොලීසිය අසරණ වෙනවා - පොලිස්පති

දිනෙන් දින රටපුරා ඇතිවෙන උද්ඝෝෂණ රැල්ලෙන් වඩාත් පීඩාවන්ට පත්වන්නේ පොලීසිය. මේ අභියෝගයට කොහොමද පොලීසිය මුහුණ දෙන්නේ....?

අනිවාර්යයෙන්ම විශාල අභියෝගයක්. අද යහපාලන රජයෙන් මිනිසුන්ට අසීමිත නිදහසක් දීලා තියෙනවා. ඒ නිදහස භුක්ති විදීමේ එක්තරා අංගයක් තමයි කිසිම සීමාවකින් තොරව ඕනෑම කෙනෙක් පළමු පියවරේ සිට උපරිම පියවර දක්වා යෑම.
සාමය සුරකින අපට මේ තත්ත්වය විශාල අභියෝගයක්. මේ නිසා සිදුවෙනවා නීතිය අනුව, මූලික හා මානුෂික අයිතීන් සුරැකෙන පරිදි කටයුතු කරන්න. පොලීසියේ අවම බලය පාවිච්චි කරන්න, පොදු දේපළ රකින්න, පොදු ජනතාවගේ පරිසරය හදන්න වැනි දේ කරන්න අපට සිදුවෙලා තියෙනවා. ඒවගේම උද්ඝෝෂකයන්ගේ අයිතීන් රකින්නත් මේ තත්ත්වයන් දෙක අතර සමබරතාවක් පවත්වා ගැනීමේ කර්තව්‍යයත් භාරවෙලා තියෙන්නේ පොලීසියට.

Read more...

දේශපාලනඥයෙකු පන්සලක් මාර්ගයෙන් සිංහරාජ වන විනාශයට අර අදිමින් සිටිනවා - පල්ලේගම අස්සජි හිමි

වන විනාශයන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් සමාජයේ නිර්මාණය වෙමින් පවතින වක වානුවක ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයේ පිවිසුම් දොරටුවක සිදුවීමට යන ආගමික මුහුණුවරින් පැමිණෙන වන විනාශයක්  පිළිබද පසුගිය දා දැඩි කතා බහක් නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් දෙනියාය පල්ලේගම විද්‍යාලයේ ආචාර්ය පල්ලේගම අස්සජි හිමියන් සමග දි ඉන්ඩිපෙන්ඩන්ට් කරුණු විමසීමක් සිදු කළේය මේ උන් වහන්සේ අප සමග කළ කතා බහයි. 

Read more...

මේක ෂුවර් නැති ආණ්ඩුවක් - කැළුම් අමරසිංහ

පළමු පෙරමුණ හරහා පසුගිය ආණ්ඩු පෙරළියේ පළමු වෙඩි මුරය දැල්වුවේ ඔබ ඇතුළු පිරිසක්. තරමක් අකාරුණික විදියට වුණත් පළමු ප්‍රශ්නය අහන්න වෙන්නෙ, 'වෙනස සනීපද?'

පි. - ඇත්තට ම හුඟක් අසනීපෙන් ඉන්නේ. මේ අසනීප තත්වය මොකද්ද කියලා ගත්තොත් එහෙම විශාල භයානකකමක් ඉදිරියෙන් පෙනෙමින් පවතිනවා. මේ භයානකකම වෙන්නේ, ඕනෙම ආණ්ඩුවකට දෘෂ්ටිවාදයක් තියෙනවා. පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ දෘෂ්ටිවාදය වුණෙ ජාතිකවාදය, දේශප්‍රේමය වගෙ දෘෂ්ටීන් මත පිහිටලා තමයි ඔවුන් කටයුතු කළේ. මගේ ආදරණීය මව්බිම, මගේ රත්තරං මව්බිම වගෙ වචන තමයි ඔවුන් පාවිච්චි කළේ. ඒකට ගැළපෙන ආකෘතීන් ටිකක් සහ ඒකට ගැළපෙන යුධ ජයග්‍රහණය ඇතුළු දේවල් ටිකක් ඔවුන් නිතර ම නඩත්තු කරගෙන ගියා. ඒ නිසා ඔවුන්ගේ දෘෂ්ටිවාදය ඉක්මනින් රට අල්ලාගත්තා වගේම රට තුළ ව්‍යාප්ත වෙලා තිබුණේ, බලාත්මක වෙලා තිබුණේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.