Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 22 May 2017

මෙවර ඌව වෙල්ලස්ස ඇමරිකාවට දෙන්නෙ ජනපති

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැළෑ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාල කැබිනට් පත්‍රිකාවට මේවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩම් නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

Read more...

වෙනස පන ගනී

සති දෙකකට ඉහත පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී මිශ්‍ර අදහස් දැක්වීම්වලට අවකාශය සකසා දෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේ තනතුරු වෙනසක් සිදුකෙරෙන තෙක් යළිත් කැබිනට් මණ්ඩල හමුවක් කැඳවෙන්නේ නොමැති බවය. එහෙත් පසුගිය සඳුදා උදෑසනම ඔහු, කැබිනට් ලේකම්වරයාට උපදෙස් දුන්නේ දින නියමයක් නොමැතිව කල් දැමුණු මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීම, එළැඹෙන දිනයේ එනම් අඟහරුවාදා දින පෙරවරු 10.00ට පැවැත්වෙන බව අමාත්‍යවරුන්ට දැනුම් දෙන ලෙසය.

Read more...

වාසු රෝහලේ වැඩි බරපතල නෑ..

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read more...

ගාලුමුව දොර හෝටල් භුමියේ අස්ථි කොටස් හමුවෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයට යාබද ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී තවත් මිනිස් අස්ථි කොටස් අද (22) හමු වී ඇත. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අධික්ෂනය යටතේ කැනීම් කටයුතු ආරම්භ කළ අතර හෙට (23) දිනයේත් කැනීම් සිදු කිරිමට නියමිත බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

IPL අවසන් තරගය ලකුණකින් මුම්බායි ඉන්දියනස් ජය ගනී

ඉන්දියානු ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ තෙවැනි වතාවටත් කිරුළු පැළඳීමට අද (21) රාත්‍රී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අද පැවති අවසන් තරගයේදී රයිසින් පූනේ සුපර්ජේන්ට් කණ්ඩායම එක් ලකුණකින් පරායට පත්කරමිනි.

Read more...

මංගලට මුදල්, රවීට විදෙස්, අමරවීරට රාජ්‍ය ඇමති, තිලක් මාරපනත් එයි

අද (22) සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශොධනය අනුව මේ වනවිට ඇමතිවරු 09 දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දී ඇති බවත් වාර්තා වේ.

Read more...

පරාජය වැළඳගැනීමට සිදුවන බව පසක් කරමිනි.

තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 47 ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දැමීමට දැඩි උත්සාහයක නිරත වූ අතර ඔහුට යම් පමණක හෝ සහායක් ලැබුනේ නායක රෝහිත් ෂර්මාගෙන් පමණි. ෂර්මා ලකුණු 24 ක් රැස්කළ අතර වෙනදා දකින මුම්බායි ක්‍රීඩකයන්ගේ ප්‍රවේගකාරී ප්‍රහාරය පාලනය කිරීමට පූනේ පන්දු යවන්නන් සමත් විය.

Read more...

කැබිනට් ඇමතිවරු දිවුරුම් දෙයි (ඡායාරූප සහිතයි)

කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මේ මොහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.

වෘත්තීය පුහුණු ඇමැති ලෙස චන්දිම වීරක්කොඩි මහතා අද(22) දිවුරුම් දුන්නේය.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read more...

වෛද්‍යවරු අද දවසේම වැඩ වර්ජනයේ

දිවයිනේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (22) දිනයේදී පැවැත් වීමට නියමිත පැය 4ක් වැඩ වර්ජනය පැය 24ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read more...

සංශෝධනයට කලින් ජනපති ඇමතිවරු කැදවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අද (22) පෙරවරු 8.30 වනවිට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.