Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 23 May 2017

රට හරි මගට එමින් තිබුනා - රවී කරුණානායක

ආර්ථික අගාධයකට වැටී තිබූ රට ඉන් ගොඩගැනීමේ පාපකර්මය තමනට පල දුන් බවත් අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් හේතුවෙන් ආසියාවේ හොදම මුදල් ඇමති වූ තමන් ලංකාවට එපා වී ඇතැයි මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා කියයි.

Read more...

තැන්නේ හිමියන් 29 තෙක් රිමාන්ඩ්

නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23) නියෝග කළාය.

Read more...

කාලෝ ෆොන්සේකා නිල කාලය ජුනි 30 අවසන්

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි.

Read more...

සිසු ගැටුමක් හේතුවෙන් රුහුණ සරසවිය වසා දැමේ

ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඊයේ(22) රාත්‍රී විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර විශ්ව විද්‍යාලය තුළ දී මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තාවේ.

Read more...

මගේ මස්සිනා පාට් නෑ - හමුදාව මාස හයකින් ඉවත් කළ යුතුයි - සිවාජිලිංගම්

උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුලදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සදුදා (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Read more...

සීගිරියේ හෝටල් හදනවට විරුද්ධ වුණාට ‘කටුගෙට’ යවන්න හදන පුරාවිද්‍යා කොමසාරිස්

ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ගත කරවීමේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් මතු වේ. කෞතුක භාණ්ඩ කැඩී බිඳී යෑම මෙන්ම කෞතුක වස්තු වෙනුවට ව්‍යාජ භාණ්ඩ මාරු කිරීමට ඉඩකඩ ඇති බැවින් ආවාට ගියාට ඒවා විදෙස් ප්‍රදර්ශනවලට යවන්නට නොහැකිය. අවසානයේ කෞතුක භාණ්ඩ විදෙස් ගතකළ හැකි වන්නේ ඉතා බරපතළ කොන්දේසි යටතේය. එසේ යවනවා නම් යවන්නේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සඳහා පමණි. මේ සියල්ල සලකා බලා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත්, පුරාවිද්‍යා විද්වතුන්ගේත් විරෝධය නිසා පුරාවස්තු කොරියානු ප්‍රදර්ශනයට යැවීම වැළැකිණි. දේශපාලනික සබඳතා තහවුරු කර ගැනීමට පුරාවස්තු යැවීමේ නාටකයද එතැනින් අවසාන විය.

Read more...

විජේවීරගේ චරිතය නිසා බියර් එකක්වත් බිව්වේ නෑ - කමල්

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය දිනවල එක්තරා විදිහක අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතයට පණ පෙවීමට සිදුවීම. අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය වෙනුවෙනුයි ඔහු එම අභියෝගය බාරගත්තේ. මේ වන විටත් සිනමා ලෝලීන් අතර විශාල අවධානයක් දිනාගෙන තිබෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ හැටියේ එහි අත්දැකීම් “අප” සමග බෙදා හදා ගන්න කමල් අද්දර ආරච්චි අමතක කළේ නැහැ.

Read more...

ආගමික ස්ථානවලට ගැහුවොත් වැඩ වරදී

මුස්ලිම් පල්ලි ඇතුළු අනෙකුත් දේවස්ථානවලට පහරදීම් හා අන්‍ය ආගම්වලට බලපෑම් කරන අයට දැඩි පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.නව කැබිනට් ධුර දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක ප්‍රධානීන් අරලියගහ මැදුරට කැඳවා මෙම උපදෙස් ලබාදී ඇත.

Read more...

ලන්ඩන් සංගීත ප්‍රසංගයක බෝම්බ පිපිරීමෙන් 19ක් මිය යයි

ඊයේ රාත්‍රියේ 22 එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ සිදුවූ බෝම්බ පිපුරුමකින් 19දෙනෙකු මියගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. මැන්චෙස්ටර් හි පවැති පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයක් අවසානයේ මෙම පිපිරීම සිදුවී ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.