Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ෆීල්ඩ් මාෂල්ගෙ මන්ත්‍රීධුරය ඉල්ලූ නඩුවෙන් විනිසුරුවෙක් ඉවත් වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔහු දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට යළි පත්කරන්නැයි ඉල්ලා ඔහුගේ හිටපු ලේකම් කපිතාන් සේනක හරිප්‍රියද සිල්වා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පත්කරනු ලැබ සිටි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් විනිසුරු චන්ද්‍රා ඒකනායක විනිසුරුවරිය ඊයේ ඉවත්ව ඇත.

Read more...

යහපාලනයේත් තැන් තැන්වල පරිප්පු 225 යි

රජය සහන යටතේ ලබාදුන් පරිප්පුවල මිල මේ දිනවල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මාත‍ලේ, ගම්පහ, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල්වල මේ දිනවල පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 200-225ත් අතර මිලකට අලෙවි වේ. වෙළෙඳසල් හිමියන් පවසන්නේ පරිප්පු මිල එකවරම ඉහළ දමා ඇති බවයි.

Read more...

අද ජවිපෙ ඇත්ත ජවිපෙ නොවෙයි- සෝමවංශ අමරසිංහ

ජනතා විමුක්ති පෙරමුණ එය පිහිට වූ අරමුණුවලින් ඉවත්ව අලියාගේ කරේ සීනු බදින්නට සැරසෙන බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංශ සදහන් කර සිටීත. ඔහු මේ බව සදහන් කොට සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Read more...

මිග් ගණුදෙනුව ගැන අහන්න ගෝඨා යළි කැදවයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධනට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ හෙට දින (20) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.

Read more...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට යයි ...!

සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ නැගෙනහිර නිවාස සෑදීම සදහා ටිරාන් අලස් විසින් පිහිට වූ රාඩා නැමැති ආයතනයෙන් සිදුව ඇති කෝටි 12.4ක වංචා සම්බන්ධයෙන් සැකපිට එම ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද කොටුව මහේස්ත්‍රාත්අධිකරණය හමුවේ සදහන් කොට සිටියේය

Read more...

කැම්පස් යන්න online ලියාපදිංචි වෙන්න

විශ්වවිද්‍යාල ලියාපදිංචිය මේ වර්ෂයේ සිට අන්තර්ජාලය හරහා සිදුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සදහන් කර සිටී.

Read more...

ෆීල්ඩ් මාෂල්ගේ පාර (photo)

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යුධ ජයග්‍රහණය සදහා දැක්වූ දායකත්වය මුල් කොටගෙන ඔහු නමින් මාවතක් නම් කිරීම අද සවස 3.00ට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

Read more...

යුද්ධයෙන් පසුව මේ රටේ සංහිදියාවක් පැවැතියේ නෑ - ජනපති

පශ්චාත් යුද සමය තුළ ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වයක් හිමි නොවූ බවත් සංවර්ධනය මෙන්ම සංහිදියාව ද එක සමානව ක්‍රියාත්මක කිරීම නව රජයේ අරමුණ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාතර පැවැති රණවිරු සැමරුම් උළෙලේදී සදහන් කර සිටියේය.

Read more...

අපි යුද්දයේ විජයග්‍රහණය සමරන්නේ නෑ - මංගල

මාතරදී හෙට පැවැත්වීමට නියමිත යුද්ධයේ ජයග්‍රහණය පිළිබද සැමරුම් උත්සවය මෙවර රණවිරු දිනයක් ලෙස පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇති බවත් එහිදී යුද්ධයේ ජයග්‍රහණය කිසිලෙසකින් සැමරීමක් සිදු නොවන බවත් විදේශ ඇමැති මංගල සමරවීර සදහන් කොට සිටි.

Read more...

නාමල්ගේ බෝතල් ආරක්ෂකයා ගැන නොබැලූ ජනාධිපති ආරක්ෂකයින් දොට්ට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ රැස්වීමේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට ඇති බව වාර්තාවේ.

Read more...

මන්ත්‍රීවරුන්ට නැති මුදල් සාගලට ලැබීම ගැටලුවක් - හදුන්නෙත්ති

පාර්ලිමේන්තු හා පළාත් පළාත්සභා මන්ත්‍රීවරුන්ට තම විමධ්‍යගත අරමුදලෙන් මුදල් නොලැබීම හේතුවෙන් තම බල ප්‍ර දේශයන්ට ජනතාවට සේවය කිරීමට නොහැකිවී ඇති බවත් එසේ වුවත් මැතිවරණයෙන් පරාජය වූ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායකට ජනතාවට සේවය කිරීම සදහා මුදල්වෙන්වී තිබීම ගැටලුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක සදහන් කොට සිටී.

Read more...

ඉදිරි සති දෙක තුළ යෝෂිත අත්අඩංගුවට...!

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී ඝාතනය කිරීමට ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.