Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

19 ව්‍යවස්ථා සංශෝධනයේ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මෙන්න

senkolayaවිධායක ජනපති බලතල කප්පාදුවට අදාළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට නිකුත් කර තිබේ.

පිටු 76කින් සමන්විත එම අති විශේෂ ගැසට් නිවේදනය පහත සබැඳියෙන් ලබාගත හැකි ය.

http://documents.gov.lk/Bills/2015/19th%20Amendment/S.pdf

Read more...

ආණ්ඩුව හෙල්ලූ බැදුම්කරය ගැන රනිල් කතා කරයි

ranil-meetingජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බැදුම්කර සම්බන්ධ ප්‍රශ්නයට අද (17) අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පිළිතුරු දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් වන වගකීම ආණ්ඩුවක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ භාරගැනීමට හෝ ඒ සදහා වන පිළිතුර දීම සිදුකළ යුතු බව අනුර දිසානායක විසින් මීට ඉහතදී ප්‍රකාශ කරන ලදී.

Read more...

සුසිල්ට වළිගය පෑගේ

susil premඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන නොවන බව පවසමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනජනාධිපතිවරයා සභාපතිවරයා ලෙස වුවත් ඔහු සන්ධානයේ සභාපති නොව නායකයා බව පවසා සිටියේය.

Read more...

විධායකයේ බලතල අඩුවට එකගයි, එහෙත් මැතිවරණය අප්‍රේල් අවශ්‍යයි - ජවිපෙ

jvp-bell-and-flagපවතින ප්‍රායෝගික තත්වයන් මත සලකා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එන විධායකය සතු බලතල අඩුකිරීම සම්බන්ධයෙන් එකගවන නමුත් ජනවාරි 08 පැවැති මැතිවරණයෙන් පොරොන්දු වූ පරිදි අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණ්‍යක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ අද (16)රැස්වූ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත.

Read more...

19 ගැසට් කිරීමට අපි විරුද්ධයි - චම්පික රණවක

19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගනු පිණිස අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවද එය ගැසට් කිරීමට ජාතික හෙළ උරුමය එරෙහි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලි චම්පික රණවක කියා සිටියි.

Read more...

කැබිනට් එකේ 50% ඉන්නේ තක්කඩියෝ - ‍ෆොන්සේකා

යහපාලනය නමින් මේ ආණ්ඩුව බලයට පත්වී රටට කිසිදු යහපතක් මේ වන තෙක් උදාකොට නොමැති බවත් වත්මන් කැබිනට්ටුවෙහිත් සියයට 50 සිටින්නේ වංචාකාරයින් තක්කඩින් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් ෆොන්සේකා පවසයි.

Read more...

උමා ඔයට ඉහලින් ගිලා බසී

උමා ඔය ව්‍යාපෘතිය සදහා සකස් කළ උමගට ඉහලින් බණ්ඩාරවෙල අඹදණ්ඩෙගම ප්‍රදේශයේ අඩි 25ක විෂ්කම්භයකින් යුතු ප්‍රදේශයක් ඊයේ (15) රාත්‍රී ගිලා බැස ඇතැයි වාර්තාවේ. ඊයේ එම ප්‍රදේශයට බලපැවැත්වූ වර්ෂාපතනයත් සමග උමා ඔය උමගට ඉහලින් ශක්තියෙන් අඩු පාෂාණ ස්ථරයක් මෙසේ ගිලා බැසීමට ලක් ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read more...

යහපාලනයට අනුගත වනවාද ? ජවිපෙ මධ්‍යම කාරක සභාව කැදවයි.

දින සියය ඉක්ම යාමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජවිපෙ සිදුකරන බලපෑම් වෙනස් කළ යුතුද යන්න හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තිරීණ කිහිපයක් ගැනිම සදහා වන මධ්‍යම කාරක සභාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කැදවා ඇතැයි පා.ම. විජතහේරත් සදහන් කරයි.

Read more...

විධායකයේ බලතල කප්පාදු කළ 19 ය, කරළියට

විධායක ජනාධිපතිවරයා සතු බලතල විශාල ප්‍රමාණයක් කප්පාදු කරමින් සකස් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (15)පැවැති කැබිනට් රැස්වීමකදී සම්මත කිරිමට පියවරගෙන ඇති බව වාර්තාවේ.

Read more...

මහින්දගෙන් සන්ධානයත් ගැලවේ.. සභාපති මෛත්‍රී

m3-01එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කොට ගෙන ඇති බව වාර්තාවේ. මෙම පත්කිරීම සිදුකොට ඇත්තේ ඊයේ (14) රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම කාරක සභා රැස්වීමේදී වන අතර ඒ අනුව මෙතෙක් එහි සභාපතිත්වය දරූ මහින්ද රාජපක්ෂ සන්ධාන සභාපතිත්වය අහෝසි වී යනු ඇත. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්ව සිටි පක්ෂ මේ වන තෙක් නවපත්වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්දැනුම් දීනොමැති බවද වාර්තාවේ.

Read more...

වසර 25කට පසු තලෙයිමන්නාරම් සිට මඩු දක්වා දුම්රියක්

තලෙයිමන්නාරම් සිට මඩු දක්වා දුම්රිය අද (14) ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිංග් මෝඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම දුම්රිය මාර්ගයෙහි දුම්රියක් ගමන් ගනු ලබන්නේ වසර 25කට පසු වීම විශේෂත්වයක් වන අතර ඉන්දීය ආධාර යටතේ ඉදිවුනු මෙම දුම්රිය මාර්ගය යුද්ධය පැවැති කාල සීමාවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබීය.

Read more...

ජවිපෙ දිමුතු එජාපයෙන් නුවරට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු බණ්ඩාර අබේකෝන් එක්සත් ජාතික පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණයේදී තරග කිරිමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.