Menu

logo new 2015-5-11

Shamrock-png

උතුරේ මල් කැකුළුවන් ජීවිත විනාශ කිරීම ඉහල යයි.

උතුරේ මල් කැකුළුවන් ජීවිත විනාශ කිරීම ඉහල යයි.
යුද්ධයෙන් පසුව උතුරේ සාමකාමී වටපිටාවක් ගොඩනැගුණද එය උතුරෙ වාසය කරන ළමා පරපුරට එතරම් සුබදායක පරිසරයක් නොවූ බව පැවසීමට සිදුව තිබේ.  ඒ සදහා හේතු පාදක වී ඇත්තේ උතුරේ  දිනෙන් දින ඉහල යමින් පවතින ළමා අපයෝජනයන්හි වර්ධනයක් පෙන්නුම් කිරීමයි. 
මෙහි ආසන්න ම සිදුවීම වාර්තා වන්නේ  පෙරේදා දින (මාර්තු මස 12) වන දින යාපනයේ පලෙයි අරත්ති නගර් ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියක් තම සීයා විසින් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමයි. මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය  තම වයස අවුරුදු 06ක සහොයුරිය ද සමග  මව විසින් සීයාගේ නිවසේ රදවා පුලෝපලෙයි පිහිටි ගොවි පොළ රැකියාව සදහා ගොස් ඇති අතර මව පැමිණි පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැරිය විසින් තම මවට දැනුම් දීමෙන් අනතුරුව මෙම ළදැරිය පලෙයි රෝහල වෙත අතුලත් කොට ඇත.  එම රෝහලෙහි ප්‍රතිකාර නොමැති වීමෙන් පසුව  වැඩිදුර ප්‍රතිකාර සදහා මෙම දැරිය කිලිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා ඇත. 
කෙසේ නමුත් මෙම සිදුවීම සිදුකළ දැරියගේ සීයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව දින 14ක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක්ද සිදුකොට ඇත. 
 
මෙය එක් සිදුවීමක් පමණක් වන අතර එයද ආසන්න දින කිහිපයෙහි සිදුවූවකි. එහෙත් මීට පෙරද මෙවැනි සිදුවීම් සිදුවීමෙන් උතුරේ අනාගතය ජය ගැනීමට සමත් ළමා කැකුළු මිලින වී යාම් වාර්තා විය. විද්‍ය දැරිය දූෂණය කොට ඝාතනයක කරනු ලබන්නේ ද ඇයගේ ඥාතිවරයෙකු විසින් වීම මෙහිලා විශේෂත්වයකි.  එයට සම්බන්ධ වූ අනෙක් පිරිස මෙහෙයවා ඇත්තේද දැරියගේ ඥාතිවරයෙකු විසින් වීම තවත් මෙහි ඇති අමානුෂීය හා ම්ලේච්ඡ ක්‍රියාදාමය කියාපාන්නක්ද වේ. 
 
විද්‍යාගේ ඝාතනයෙන් පසුවද පෙරද උතුරේ මෙවැනි දැරියන් තම ඥාතීන් හෝ අසල්වැසියන් විසින් දුෂණය කොට ඇති සංඛ්‍යාව අසීමාන්තිකය. මෙම තත්වය උතුරට පමණක් සීමාව නොවූවක් වුවත් උතුරෙන් වාර්තාවන ළමා අපයෝජන සදහා වන සමාජමය කරුණු රාශියක් ඇති බව මේ වනවිට ළමා හා කාන්තා කාර්යංශය සදහන් කොට සිටී.
 
පසුගිය වසරේ හා මේ වසරේ මුල් මාසයේ වාර්තා වූ එවැනි අපයෝජන කිහිපයක් පහත දැක්වෙන අතර වාර්තා නොවූ සංඛ්‍යාව මීට වඩා වර්ධනීය තත්වයක් බවද කාර්යංශ වාර්තාවන් සදහන් කරයි.
 
2015 අප්‍රේල් මස 18 වන දින පේදුරු තුඩුව පොලිස් බල ප්‍ර දේශයට අයත් සිරිප්පිඩ්ඩි බටහිර  පදිංචි වයස අවුරුදු  15 ක දැරියක්  අපයෝජනයට ලක්ව ඇත.
2015 10.23 වන දින පලෙයි පොලිස් බල ප්‍ර දේශයට අයත් පලෙයි ප්‍ර දේශයේ පදිංචි  වයස අවුරුදු 09ක පාසැල් දරියක් අපයෝජනයට  ලක්ව ඇත. 
2015 10.20 වන දින අච්චුවේලි පොලිස් බල ප්‍ර දේශයට අයත් සුගන්දිපුරම් වාසව්ලාන් පදිංචි වයස අවුරුදු 04ක දැරියක් අපයෝජනයට ලක්ව ඇත. 
2015.12.25 වන දින  වඩුක්කොඩෙයි පොලිස් බල ප්‍ර දේශයට අයත් පන්දාවෙට්ටිචුලිපුරම් පදිංචි වයස වයස අවුරුදු 14ක හා 17ක යන වයස් සීමාවන් වල පසුවන දැරියන් දෙදෙනෙකු අපයෝජනයට ලක්ව ඇත. 
2016.02.16 වන දින  වව්නියාව පොලිස් බල ප්‍ර දේශයට අයත් උක්කුලාන්කුලම් පදිංචි  වයස අවුරුදු 12 ක පාසැල් දරියක් දුෂණය කොට ඝාතනයට ලක් කිරීම.
2016.02.25 වන දින කනගරායම් කුලම්  පොලිස් බල ප්‍ර දේශයට අයත් පෙරියකුලම් පදිංචි  වයස අවුරුදු 06ක පාසල් දැරියක් ඇයගේ සීයා විසින් අපයෝජනට ලක්කිරීම.
 
යන සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර සැබෑ මහ පොළොවේ තත්වය මීට හාත්පසින් වෙනස් ස්වරූපයක් ගන්නා බව කාර්යංශය විසින් සදහන් කර සිටින අතර එවැනි සිදුවීම් සිදුවන බොහෝ ස්ථානයන්හි එවා වාර්තා නොවන්නේ අදාල පවුල්වල ඇති සමාජ පසුබිම  ද හේතුවෙනි. දෙමාපියන් විසින් අදාළ අපයෝජනය කරන ලද පුද්ගලයාට ඇති බිය මෙයින් ප්‍රධාන වන අතර මීට අමතරව දෙමාපියන් විසින් පොලිස් ස්ථානයන්ට යාමට ඇති මැලි කම හෝ බියසුළු බවද ප්‍රධානවේ. 
 
තවත් හේතුවක් වන්නේ අපයෝජනයට ලක්වූ දැරියන් විසින් එය සැගවා තබාගැනීම මෙන්ම අපයෝජනය කරන ලද පුද්ගලයා විසින් ඔවුන්ට එය නොපවසන ලෙස සිදුකරන ලද තර්ජයනයන්ද හේතුවෙන් බව ද සදහන්වේ. 
 
කෙසේ නමුත් ලංකාවේ දකුණේ මෙන්ම උතුරේද ළමුන් අනාරක්ෂිත වන අතර උතුරේ මේ තත්වය වර්ධනය වීම සදහා බලපා ඇත්තේ යුද්ධයෙන් පසුව පියවරුන් හා දෙමාපියන් අහිමි ළමුන් ප්‍රමාණයක් සමාජයට දායාද වීම හේතුවෙන් බවද සමාජ විද්‍යඥයන්ගේ මතය වී ඇත.
 
දිනෙන්දින වර්ධනය වන මෙම ළමා අපයෝජනයක් වළක්වා ගැනීමට රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම කළ යුතු අතර ඒ සදහා සමාජ දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක්ද දියත් කළ යුතුව ඇත. 
දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රටක අත්‍යවශ්‍ය ම කරුණක් බවද මෙහිලා අවධාරණය කළ යුතුව ඇත. 
 
තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.