Menu

logo new 2015-5-11

Shamrock-png

ජනපතිගේ ප්‍රකාශයෙන් පුපුරා ගියේ එජාප- ශ්‍රීලනිප සීතල ගැටුමයි - රංජිත් කීර්ති තෙන්නකෝන්

මල්වාන ඉඩමේ නඩුව ඉවරයි. අයිතිකාරයාගෙන් ප්‍රකාශයක්වත් ලියාගත්තේ නෑ. ජනපති කථාවේ නොකියූ කථාව මේකද? ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ලංකාවේ සමස්ථ දේශපාලන චිත්‍රය උණුසුම් කිරීමට සමත් විය. එම ප්‍රකාශය මුළු රටම තිගැස්මකට ලක් කොට ඇත.

මාගේ පුද්ගලික අදහස නම්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එම අවස්ථාවේ සිදු නොකළ යුතුව තිබූ දෙයක් බව යි. ස්වාධීන කොමිෂන් සභාවන් පිළිබද ලංකාවේ ජනතාවට අති මහත් බලාපොරොත්තු තබා ඇත. අප එම කොමිෂන් සභා සැබෑ ලෙසම සක්‍රීය විය යුතු බව විශ්වාස කරමු. ඉදිරියටත් ඒ වෙනුවෙන්ම පෙනී සිටිමු.

අප ගේ කැමැත්ත නොවන නමුත්, එහි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පසුබිම් වූ දේශපාලනික කරුණු හදුණා ගැනීම වැදගත් වේ. එය අද දවසේ ලංකාවේ දේශපාලන යථාර්ථය තේරුම් ගැනීමට හේතු පාදක වනු ඇත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක හමුදා නිලධාරීන් සහභාගි වු ‘සත්විරු උරුමය‘ උත්සවයේ දී ‘ස්වාධීන කොමිෂන් සභා, හිටපු නාවික හමුදාපතිවරු හා ආරක්ෂක ලේකම් අධිකරණයට ඉදිරිපත් කිරීම, වංචා හා දුෂණ විමර්ශනය සහ දිගු කලක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ සැකකරුවන් පිළිබඳ කළ කථාව සමාජයේ සියලු දේශපාලන පාර්ශවකරුවන්ට ලබා දුන් “Shock Treatment” කම්පන ප්‍රතිකාරයක් බවට පැහැදිලිය. එහි ක්ෂණික ප්‍රතිඑලය ජනාධිපතිවරයාට අවාසිදායක ‘කළු‘ පැල්ලමකි. නමුත්, එයින් විද්‍යාමානවන අර්බුදය කුමක් ද?

ආණ්ඩු පක්ෂයේ පාර්ශවකරුවන් වන එජාපය සහ ශ්‍රීලනිප රාජ්‍ය පාලනයේ දෛනික රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දිගු කලක් පුරා සීත ගැටුමක් තිබේ. මෙම ගැටුම් මහ බැංකුව, විනිවිද භාවයක් නොමැති ටෙන්ඩර් සහ වෙනත් ගනුදෙනු, අපරාධ විමර්ශන, දේශපාලන අවශ්‍යතා සඳහා දුෂණ වංචා විමර්ශන යොදා ගැනීම යන කරුණු මත පදනම් වී වර්ධනය වූ ඒවාය.

මෙම ප්‍රකාශයේ පළමු කොටස, එනම් නාවික හමුදාපතිවරුන් තිදෙනා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් වු ප්‍රකාශය වංචා හා දුෂණ විමර්ශනය සම්බන්ධයෙන් ඝෘණාත්මක බලපෑමක් සිදු කළ හැකි බවයි. ඇවන්ගාඩ් පරීක්ෂණ ආඩාල වූයේ මේ ආණ්ඩුවේ ඇතුළතින් හා පිටතින් එල්ල වූ බලපෑම් නිසා බව රහසක් නොවේ. අපරාධ නඩුවක්, දැන් දුෂණය සඳහා උත්සහ දැරීමක්, බවට ලඝු වී චෝදනා එල්ල වී තිබේ. හමුදා නිලධාරීන් වූ පමණින් ලංකා ආණ්ඩුවේ නීති පද්ධතියට පිටතින් කටයුතු කිරීමේ හැකියාවක් පැවතිය නොහැකි ය. ඇවන්ගාඩ් පළමු නැව සම්බන්ධයෙන් ද ගිණි අවි පනත යටතේ මේ නිලධාරීන්ට නඩු පැවරිය යුතු බවයි. එසේ තිබිය දී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රසිද්ධියේ නොසතුට පළ කිරීම දුෂණ විරෝධී ව්‍යාපාරයට දැඩි ඝෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇත්තේ ය. ඒ සමාජ ක්‍රියාකාරීන් ලෙස අපේ පැත්තේ කතාවයි. නමුත්, අපරාධ නඩු නිමිත්තක් අද ‘දුෂණයට තැත් කිරීම‘, අනුබලදීම වැනි චෝදනාවකට ලඝු වී තිබේ. ඇත්තට ඇවන්ගාඩ් අපරාධයක් ද? දුෂණයට තැත් කිරීමක් ද? මට නම් ඇවන්ගාඩ් අපරාධයක් මිස ‘දුෂණයට තැත් කිරීමක් නොවේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දෙවන කොටස, රහස් පොලීසිය, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දේශපාලන බලපෑම් එල්ලවන බව හා දේශපාලන න්‍යාය පත්‍රයක ක්‍රියාත්මක වන බවයි. ඒ සමඟම ජනාධිපතිවරයා තමන් කොමිසන් සභාවට දුරකතන ඇමතුම් ලබා නොදෙන බවත්, බලපෑම් නොකරන බවත් පවසයි. එසේ නම් මේ චෝදනා එල්ල වන්නේ කාටද? පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත ය.

එවැනි බලවත් චෝදනාවක් සඳහා පදනම සැකසෙන කරුණු කිහිපයක් මෙසේය.

1. ජනාධිපතිවරණ ප්‍රතිඑල නිකුත් වී දින කිහිපයකින් රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ මහතා අද දේශපාලන බලවේගයක් බවට පත්වෙමින් තිබේ. ඔහුට එරෙහිව ඇති චෝදනා විමසීමේ දී එවන් නිදහසක් ඔහුට හිමිවන්නේ කෙසේ ද? මේ වන විට අනාවරණය වී ඇති පරිදි ප්‍රශ්න සහගත මල්වාන ඉඩම සහ නිවසේ නීත්‍යානුකුල අයිතිය 2010 සිට 2015 ජනවාරි 15 දක්වා පැවතියේ තිරු කුමාර් නඩේෂන් වෙතය. බැසීල් ගේ සමීපතම හිතවතා අද අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයෙකි. ඔහු වැඩි වේලාවක් ගත කරන්නේ ද අරලිය ගහ මන්දිරයේ ය. දුෂණ විරෝධී පෙරමුණ අප මතු කරන කාරණය ද මෙයයි. තිරු කුමාර් ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් ලබා නොගන්නේ ඇයි? (2016 ඔක්තෝබර් 14, මෙම නඩුවේ තීරණාත්මක දිනයකි. )

2. මහ බැංකු බැදුම්කර බැඳුම්කර වංචා සිදුවීමේ මුල්‍ය අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ කෝප් විමර්ශන අතරමඟ නවතා දැමීම සහ මහ බැංකුව සිදු කළ විමර්ශනයේ කාර්යභාර නිලධාරිනිය මාරු කිරීම සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ රහස් පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු නොකිරීම. මහ බැංකු විමර්ශන වාර්තාවේ කොටසක් හෙළිදරව් කිරීම සිදු කළ පුද්ගලයා පිළිබඳ විමර්ශන අරඹා ඇත. නමුත්, මුල්‍ය අපරාධයේ පාර්ශවකරුවන්ට රජයේ නව තනතුරු හිමිව තිබේ. යහපාලන ආණ්ඩුවේ දැවැන්තම මුල්‍ය අපරාධයට දඩුවම් නැති ද?

3. මෙරට ඇති දැවැන්ත මුල්‍ය වංචා පිළිබඳ විමර්ශන ප්‍රගතියක් නොමැති පරිසරයක සංවිධානාත්මක මුල්‍ය අපරාධයක් නොවන සුළු සිදුවීමක් (මුල්‍ය අගයට අනුව) පිළිබඳ ජනාධිපතිවරයාගේ සමීපතම අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම්.ෆවුසි මහතා ට එරෙහිව නඩු පැවරීම ශ්‍රීලනිප යේ මන්ත්‍රී කණ්ඩායම අතර දැඩි අසහනයක් නිර්මාණය කොට ඇත. සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස මම ඇමතිවරුන්ට නඩු පැවරීමට අත් දෙකම ඔසවා කැමති ය. නමුත් රුපියල් ට්‍රිලියන 8 ක් හොරකම් කර ඇති රටක කැබිනට් අමාත්‍යවරයෙකුට වාහනයක් අයාථා පරිහරණය පිළිබද නඩු පැවරීම තුලින් සමාජයට ලැබෙන පණිවුඩය කුමක් ද? එය මෙරට දේශපාලන යථාර්ථය හා කොතරම් බද්ද වන්නේ ද? (අවධාරණය - මම ෆවුසි ඇමතිවරයාට නඩු පැවරීමට කිසි ලෙසකින් හෝ විරුද්ධ නැත)

4. ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ගේ රාජ්‍ය සේවයේ නියුතු දියණිය ද්වීතියන පදනම යටතේ සේවයෙන් නිදහස් කොට අමත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට ඇතුලත් කොට ඇත. මෙය රාජ්‍ය සේවයේ සුලබ ව්‍යවහාරයකි. ද්විතීයන පදනම මත නිදහස් කිරීම නීති විරෝධී බවට යම් විමර්ශන ආයතනයක් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවසන්නේ තමන්ගේ කාර්ය මණ්ඩලයට සේවකයෙකු ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් පවතින බවයි. රාජ්‍ය සේවකයෙකු ද්විතියන පදනම මත නිදහස් කිරීම නඩු පැවරිය යුතු තත්වයක් ලෙස දකින කොමිෂන් සභා එවැනි ප්‍රවේශයක් මහා පරිමාන මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නොදක්වන්නේ ඇයි? (නැතවත් - මම මේ විමර්ශනයට විරුද්ධ බව මෙයින් කිසි ලෙසකින් හෝ ගම්‍ය නොවේ.)

5. මහ බැංකුවට පරිබාහිර මුදල් අමාත්‍යාංශය සහ අයිසීටීඒ (ICTA) ආයතන හරහා බදු මුදල් එකතු කිරීමට “Payment Gateway” සෑදීමට දරණ උත්සහයක් වැළැක්වීමට ජනාධිපතිවරයා ඔක්තොබර් 11 දින මැදිහත්වී තිබුණි. ඒ අනුව අයබදු අය කිරීමේ “Payment Gateway” මහ බැංකුව මඟින් ක්‍රියාත්මක විය යුතු බවට ඔක්තෝබර් 12 දින මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත නිවේදනයක් නිකුත් කොට ඇත. දැවැන්ත වංචාවකට ඉඩ සැලසෙන ක්‍රියාවලියක් එමඟින් වැළැක්වුණු බව ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා වැනි වෘත්තිකයින්ගේ අදහස විය.

6. දේශපාලන මැදිහත්වීමක් නොවේ නම් විමල් වීරවංශ, ශෂී වීරවංශ පාස්පෝට්, උප්පැන්න නඩු විමර්ශන මෙලෙස මන්දගාමී විය හැකිද? විමල් ගේ නඩුව ප්‍රමාද කරන්නේ අගමැති ද? ජනපති ද?

ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවන් හි කාර්යභාරය පිළිබඳ නොසතුට එළිපිට ප්‍රකාශ කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම් මේවා බව පැහැදිලිය. තවත් අවශ්‍ය නම් මෙවැනි උදාහරණ සැපයිය හැකිය. ස්වාධීන කොමිෂන් සභා අල්ලසට දුෂණයට එරෙහිව පවරන සෑම නඩුවකට අපි සිවිල් සමාජය ලෙස අත්පොලසන් දෙන්නෙමු. නමුත්, ජනාධිපතිවරයා, පක්ෂ නායකයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාට එලෙසම තම පාක්ෂිකයා දෙස බැලිය හැකි ද? එය දේශපාලන යථාර්ථය ද?

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පෙර දිනකට හෝ දෙකකට පෙර කොමිෂන් සභාවක සමාජිකයෙකු අවස්ථා තුනක දී ජනාධිපතිවරයා හමුවී ඇති බව උඩරට නියෝජනය කරන අමාත්‍යවරයෙකු චෝදනා කොට ඇත. වංචා විමර්ශනය සම්බන්ධයෙන් පතල නමක් ඇති පුද්ගලයා ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාට රාජපක්ෂ පවුලේ සාමාජිකයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු දක්වා නැත. (ජනාධිපතිවරයා මේ බව සිය කථාවේ දී ඉතා පැහැදිලිව පවසයි) නමුත්, මෙම සිදුවීම් අතර ඇති සම්බන්ධය ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලට හිරිහැර කිරීමට නියෝග ලබාදෙන්නේය යන අදහස සමාජගත කිරීමට හේතුවේ. මෙය පක්ෂ දේශපාලනයට අතිශයින් සංවේදී බව අප අමතක කළ යුතුද?

ප්‍රකාශයේ තෙවන කොටස, අධිකරණ කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ මුළුමනින්ම කඩාකප්පල් වූ තත්වයක් මත දිගින් දිගටම නඩු ගොඩ ගැසීමේ තත්වය හා සම්බන්ධ යථාර්ථයකි. චෝදනා එල්ල කළ නොහැකි, නඩු පැවරිය නොහැකි දහස් ගාණක් වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත. මේ තත්වය අර්බුදයක් බවට පත්වී ඇති නමුත් එයට කිසිදු සාධනීය මැදිහත්වීමක් අධිකරණ අමාත්‍යාංශය, නීතිපති, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මේ දක්වාම ගෙන නොමැත. නමුත්, උක්ත යථාර්ථය මතු කිරීම උදෙසා ජනාධිපතිවරයා විසින් මතුකර දක්වන ලද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ චෝදනාව එල්ල වී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කොට ඇති නිලධාරීන් සම්බන්ධ ප්‍රකාශය අතිශයින් බැරෑරුම් සහගතය. ඔවුන් නිදහස් කළ යුතුය යන අදහසක් ඒ තුළින් සමාජගත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව විශාලය. එය ලංකා ඉතිහාසයේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ බලාපොරොත්තු දවා අළු කිරීමට තරම් ය. ජනාධිපතිවරයාගේ මේ වැරදි නිදර්ශනය ට අතුරුදන් වූවන් වෙනුවෙන් මරණය අතින් ගෙන පෙනී සිටි මට නම් සරළව සමාව දිය හැක්කක් නොවේ.

ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය කාලීන වශයෙන් දැවැන්ත වටිනාකමක් ඇති විෂය කරුණු වැරදි උදාහරණ සමඟ සමාජයට ඉදිරිපත් කළ ප්‍රකාශනයක් බවට පත් වී ඇත්තේය. ලංකාවේ මුල්‍ය අපරාධ විමර්ශනය, නඩු පැවරීම සහ දේශපාලන අවශ්‍යතා සඳහා අපරාධ විමර්ශන භාවිත කිරීම පිළිබඳ සමාජ කතිකාවක් ඇරඹිය යුතුව ඇත. නැතිව සිදු විය යුතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ කථාව හේතුවෙන් අපරාධ විමර්ශන අතහැර දමා ජනවාරි 8 බලාපොරෝතු හකුලා ගැනීම නොවේ. අනෙක් අතට මෙය රජයේ සමස්ථ ප්‍රතිසංස්කරන න්‍යායපත්‍රය විනාශ කිරීමේ නිමිත්ත බවට පත් නොවිය යුත්තේය.

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් පෙනී සිටි අපට එම කොමිෂන් සභාවල සැබෑ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත හැක්කේ එවිටය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ලංකාවේ සමස්ථ දේශපාලන චිත්‍රය උණුසුම් කිරීමට සමත් විය. එම ප්‍රකාශය මුළු රටම තිගැස්මකට ලක් කොට ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.