Menu

logo new 2015-5-11

Shamrock-png

අරගලය නම් කස්ත්‍රෝය

අරගලය නම් කස්ත්‍රෝය

අප්‍රමාණ ජීවිත අතර අපට හමුවන්නේ ආර්ථික ලාභය සොයාගෙන යන්නන්ය. ඒ වෙනුවට යුක්තිය හා සාධාරණත්වය රැඳි මාවත සොයා යන්නේ අතළොස්සකි. කියුබානු නිදහස් සටනේ පීතෘ ජොසේ මාට් කී පරිදි “සැබෑ මිනිසා ආර්ථික වාසියේ රැඳි මාවත නොසොයයි. ඒ වෙනුවට ඔහු සොයනුයේ යුක්තිය හා සාධාරණත්වය රැඳී මාවතයි. එනිසා මෙලොව වසන එකම මිනිසාද ඔහු වේ. අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ රටේ නීතිය වනු ඇත.”

මේ එකී සිහිනය සිය ඇස්පනාපිට සැබෑ කරගත් මිනිසකුගේ අභාවය සැලවූ මොහොතයි. ඒ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයයි. සුවහසක් වාමාංශික විප්ලවවාදීන්ගේ විප්ලවය විශ්වාස කරන්නන්ගේ හදවත් එකට එක් කරන මොහොතයි. අසීමිත පන්ති ප්‍රේමයත් ආදරණීය සහෝදරත්වයත් අවදිවන මොහොතයි. එහෙත් අපට උරුම වී ඇත්තේ ධනපති ලෝකයක කෲරත්වය අත්විඳින බහුතරයක් කම්කරු ජීවිත අගාධයේ හෙළන යුගයකි. සීමාන්තික ජාතිවාදය හා ස්වාර්ථකාමීත්වය නිසා යුදබිම්වල මිලියන ගණන් ජීවිත විනාශයට ගොදුරු වූ මොහොතකි. ඉතිරිව ඇත්තේ ලෝකයේ තුනෙන් පංගුවක් කුසගින්නේ වෙලෙන ලෝකයකි. මේ දස දහස් ගණන් ගැහැනුන් සොච්චම් පඩියට කඹුරන වහල් කඳවුරු තුළ වේදනා විඳින ලෝකයකි. තවදුරටත් ඉවසා සිටිය නොහැකි මානව හිතවාදීත්වය සිඳුණු ලෝකයකි. ෆිදෙල් කැස්තේ‍රා් එවන් ලෝකයක් තුළ අරගලය සිය ජීවිතය කරගත් මිනිසෙකි. ඉතිහාසයට එක්වූ බොහෝ චරිත පසුකාලීනව මතුවන හා මතුකෙරෙන ප්‍රතිරූප විසින්ම එම චරිත ඝාතනයට ලක් කරනු ලබයි. බොහෝ කලක් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවූ මිනිසුන් මෙකී සාපරාධී අතවරයට ගොදුරු වී ඇත. එහෙත් එසේ නොවූ ආත්ම වංචනයෙහි අසිපතට ගොදුරු නොවූ මිනිසුන් වේ නම් ඒ විප්ලවවාදීන් පමණි. විප්ලවවාදීන් සිටිය යුත්තේ සටන් බිමක එසේ නොමැති නම් සිපිරි ගෙයක නැති නම් සොහොන් කොත්වලයි. එහෙත් කැස්තේ‍රා් ජීවත් වූයේ මිනිසුන් අතර හා අරගල භූමි තුළයි. ඔහු පවතින ධනේශ්වර ක්‍රමය තුළ පරිහානියට වැහැරීමට පත් නොවී අවසන් හුස්ම තෙක්ම ජීවත් වූ මිනිසෙකි. ඔහු ගරිල්ලා සටන් නායකයෙකි. නිර්භීත මිනිසෙකි. සැබවින්ම පන්ති සටන් පිළිබඳ අපරාජිත චින්තනයක් සහිත සටන්කාමියෙකි. චතුර කථිකයෙකි. කාර්යශූර පාලකයෙකි. ඔහු ක්‍රමයට එරෙහි මතධාරියෙකි. ලෝක පීඩිතයන්ගේ අතිශය සම්භාවනාවට පාත්‍රවූ මිනිසෙකි. ඔහුගේ චරිතය වාම ක්‍රියාධරයන්ට පූර්වාදර්ශයකි. සැබැවින්ම ඔහු දුර්ලභ ගණයේ මාක්ස් ලෙනින් වාදියෙකි. විප්ලවය මහ ‍පොළොව මතට ගෙන ආ මිනිසෙකි. අසීමිත මානව භක්තිය හා මානව ප්‍රේමයෙන් යුත් මිනිසෙකි. ඔහුගේ ජීවිතය පිරී තිබුණේ උදාර පරමාර්ථ හා විප්ලවවාදී ක්‍රියාමාර්ගවලින් පමණි.
ෆිදෙල් කස්තේ‍රා් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය සතු එවන් මිනිසුන් ගමන් කළ මාවත ගැඹුරු සලකුණු තැබූ මිනිසෙකි. අතිශයින්ම සරල මිනිසෙකි. මානව නිදහස නිර්ධන පන්තිකයන්ගේ විමුක්තිය පිළිබඳ පුළුල්ව සිතූ මිනිසෙකි. පරාර්ථකාමිත්වය හා අල්පේච්ඡ ජීවිතය පිළිබඳ පරමාදර්ශි මිනිසෙකි. එමෙන්ම සැබෑ දේශප්‍රේමියෙක් මෙන්ම සදාකාලිකවම අධිරාජ්‍ය විරෝධී සටන කිසිදු මොහොතක පසුපසට නොගත් මිනිසෙකි. ඔහු කිසිවිටකත් වරප්‍රසාදලත් නිලධාරීවාදීන්ගෙන් පිරිහීමට ලක් නොවූවෙකි.
වර්තමානයේ මඩගොහොරුවල ගිලී සිටින වාම දේශපාලනයට එරෙහි භාවිතාවක් ඔහුට තිබුණි. නිලධාරීවාදී පැටලිලිවලින් සහ රාජ්‍ය පාලනයට සහභාගිත්වයෙන් අප ඉවත් වී ඇති බව ඔබට දන්වන්නෙමු. නමුත් පාතාලයේ සිට හෝ සියෙරා මයෙස්ත්‍රා සිට හෝ සතුරා අපගේ මළවුන් විසිකර දමන මිනීවළවල සිට හෝ ජූලි 26 දැඩි රණකාමීන්, ජනතාව මෙහෙය වීම අත්හැර නොමැති අතර කිසිවිටකත් අත්නොහරිනු ඇත. අප එය අත්නොහරිනුයේ කියුබානු ජනතාවගේ වත්මන් ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ලබාදීමට ‍පොරොන්දු වී ඇත්තේ අපගේ පරම්පරාවෙන්ම බැවිනි. තරුණ වියේ සිටම කියුබානු විප්ලවයේ සිටම අද දක්වාම සටන් පාවා නොදුන් යෞවනත්වයෙන් පිරි මිනිසෙක් වේ නම් ඒ ෆිදෙල් කැස්ත්‍රෝය.
ෆිදෙල් කැස්ත්‍රෝ යනු ඉකුත් සියවසෙහි සුවිශේෂී ජීවන ආදර්ශයයි. ඊට සාක්ෂි සපයනු ඇත්තේ වසර අනූවක ජීවිත කාලයයි. ඔහු බොහෝ විප්ලවවාදීන්, වාමාංශිකයන් සිය වේදිකාවෙන් බැස යද්දී අරගලය කෙරෙහි පමණක් විශ්වාසය තැබූවෙකි. ඔහු ධනවාදයෙහි අවශ්‍යතාව පාරම්බාන ලෝකයක සමාජවාදය සිය ජීවන ආභාසය බවට පත්කර ගනිමින් ජනතාව මත විශ්වාසය තැබූවෙකි. “ජනතාව කෙරෙහි ඔබට විශ්වාසයක් නැතිනම් ඔවුන්ගේ මහා ශක්ති ගබඩාව සහ සටන්කාමීත්වය වෙත ඔබ විශ්වාසය තබන්නේ නැතිනම් ජනතා ඉරණමේ ජනරජ පැවැත්මෙහි ඉතාමත් වීරාත්මක හා අපේක්ෂා සහගත මොහොතේ එයට අවහිර කර අසාර්ථක කිරීම සඳහා ඔවුන්ගේ ඉරණමට අතගැසීමට ඔබට අයිතියක් නැත. ඔවුන්ගේ ගනුදෙනු, ඔවුන්ගේ ළාමක බලකාමය, ඔවුන්ගේ සීමාන්තික කෑදරකම, ඔවුන්ගේ කල්තබා වාසි බෙදා ගැනීම සහිත දේශපාලනඥයන් විප්ලවීය ක්‍රියාදාමයට ඇඟිලි නොගැසිය යුතුය. කියුබාවේ ඊට වැඩි යමක් සඳහා මිනිසුන් දිවි පුදකරන බැවිනි. අමන දේශපාලනඥයන් අපේක්ෂා කරන්නේ නම් ඔවුන් විප්ලවකාරීන් වුණාවේ. නමුත් විප්ලවය පාදඩ දේශපාලනයට හැරවීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. අද අපගේ මිනිසුන්ගේ රුධිරය පමණට වඩා වැගිරෙන අතර හෙට එසේ නිෂ්ඵල රැවටීමක් උරුම නොවීමට තරම් විශාල පරිත්‍යාග කැපකිරීම් ඔවුන් කර ඇත.
ඉහතින් උපුටන ලද්දේ අන්කිසිවකුගේ නොව ෆිදෙල් කැස්තේ‍රා්ගේ සටහනකි. එනම් 1957 දෙසැම්බර් 17 දින බැටිස්ටා විරෝධී අරගලයට පක්ෂපාතී අනෙකුත් සංවිධාන වෙත ෆිදෙල් යැවූ ලිපියේ සඳහන් ජේදයකි. ජේදයක්ම නොව මුළු ජීවිතයම ඔහු එහි ලියා ඇත. ෆිදෙල් කැස්තේ‍රා් යනු කවරෙක්ද? සමාජවාදය යනු කුමක්ද? නිර්ධනයන්ගේ විමුක්ති මාවතට බාධා පමුණුවන්නේ කවුරුන්ද? සතුරන් කවුද? මිතුරන් කවුද? ජයග්‍රහණය යනු කුමක්ද? පරාජයෙන් පන්නරය ලබන්නේ කෙසේද? ධනවාදී පාලකයන්ගේ ව්‍යාජ වුවමනාව කුමක්ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේද? ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?
පසුබසින්නේ කෙසේද? සංවිධානය විය යුත්තේ කෙසේද? බලය ලබා ගන්නේ කෙසේද? බලය ආරක්ෂා කරන්නේ කෙසේද? සටන් පාඨ වටා ජනතා විශ්වාසය ගොඩනගන්නේ කෙසේද? විප්ලවීය බහුජන ව්‍යාපාරය ගොඩනගන්නේ කෙසේද? ප්‍රතිවිප්ලවයට මුහුණ දෙන්නේ කෙසේද? අවස්ථාවාදය ජය ගන්නේ කෙසේද? අවස්ථාවාදී මඩගොහොරුවල නොවැටී සමාජ ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ජන සහභාගි සටන් කැඳවන්නේ කෙසේද? විප්ලවීය ප්‍රතිපත්ති රැගත් වැඩපිළිවෙළ සකසා ගන්නේ කෙසේද? මා දන්නා පරිදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ සඳහා කළ යුත්තේ ෆිදෙල් කැස්තේ‍රා්ගේ ජීවිතය අභ්‍යාස කිරීමයි. ඔහු ගෙවුණු සියවසට පමණක් නොව ඉදිරි සියවස් සඳහා ද වාමාංශික ලෝකය කියවා ගැනීමට වුවමනා විප්ලවයේ කැඩපතයි.
මෙවැනි මිනිසෙකු මිය යෑම මුළුමහත් නිර්ධන පන්තිකයන්ගේ නෙතට කඳුළක් ගෙන එන්නකි. එහෙත් කළ යුත්තේ හඬා වැළපෙමින් කැස්තේ‍රා් මිහිදන් කිරීම නොව ඔහුගේ ජීවන ආදර්ශය අභ්‍යාස කිරීමයි. ලොව පුරා විප්ලවය විශ්වාස කරන හදවත් කැස්තේ‍රා්ගේ අභාවයෙන් කම්පනයට ලක්වීම ස්වාභාවික වුවත් ඒ සියලු හදවත් එක් කළ යුතුව ඇත්තේ අවස්ථාවාදයට, ධනවාදී සටකපටකම්වලට මෙන්ම විප්ලවය පාවාදීමට එරෙහිව සටන් කිරීමටයි.
සැබැවින්ම කැස්තේ‍රා්ගේ හදවතෙහි ගැස්ම වූයේ නිර්ධන පන්ති ජනතාවයි. ඔවුන් කෙරෙහි වූ අසීමිත ප්‍රේමයයි. ඒ මාවතේ ගමන්ගත් ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන්ගේ පූර්වාදර්ශයයි. ජීවමාන ලෝකයෙහි කිසිවිටකත් මිහිදන් කර නොහැකි ඔහු සමුගෙන ඇත්තේ ජීවිතයෙන් පමණි. විප්ලවයෙන් ඔහු කිසිදා සමුනොගන්නෙකි.
“නිර්ධන පන්ති අන්තර් ජාතිකත්වය හා පීඩිත පන්ති අන්තර් ජාතිකත්වය ගැන සඳහන් කරන විට ච්ෙගේ චරිතය අතිශය විශිෂ්ටතම ආදර්ශ පිණ්ඩයකි. ධජ, සීමාන්තික ජාතිවාදය හා ස්වර්ථකාමීත්වය යන වචනවලින් ඔහුට වැඩක් නොවීය. ඕනෑම රටක ජනතාවක් වෙනුවෙන් හා ඕනෑම රටක ජනතාවකගේ විමුක්තිය වෙනුවෙන් අවශ්‍ය විටෙක තම රුධිරය හෙළීමට ඔහු සූදානමින් සිටියේ කිසිම පැකිලීමකින් තොරවය.” මේ එදා ච්ෙ පිළිබඳ කැස්තේ‍රා්ගේ හැඳින්වීමයි. එමෙන්ම ලොව පුරා නිර්ධන පාන්තික විප්ලවවාදීන්ගේ හදවත පතු‍ලේ කැස්තේ‍රා් පිළිබඳව ඇති හැඟීම ඒ හා සමාන වූවකි.
ජීවිතය තුළින් විප්ලව සාක්ෂාත් කළ ජීවමාන මිනිසා ඔහුය. වාමාංශික ලෝකයේ බොහෝ අය සිය ජයග්‍රහණයන් පෙන්වා සතුටු වූ ලෝකයක ජයග්‍රහණයන්ගෙන් උද්දාමයට පත් නොවූ එකම මිනිසා ඔහුය. එමෙන්ම ලෝක බලවතුන් සමාජවාදයෙන් පිටමංවන මොහොතක සමාජවාදය කෙරෙහි විශ්වාසය තැබූ මිනිසා ඔහුය. “සමාජවාදය නැත්නම් මරණය” එනම් සමාජවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීමට කිසිවිටකත් පසුබට නොවූ මිනිසා ඔහුය.
එමෙන්ම ඔහුට ජීවිතය වූයේ නොනැවතී ඉදිරියට ගත් දේශපාලන අරගලයයි. එහි වූ ආචාර ධාර්මික ප්‍රවේශය තුළ දැඩි ලෙස අවධානයට ලක්වූ පැති ගණනාවකි. සතුරන් කවුද? මිතුරන් කවුද? සතුරන් අතර පමණක් නොව මිතුරන් අතරේදීත් විප්ලවය, ක්‍රම විරෝධය ආරක්ෂා කළ සටන්කරුවා ඔහුය. වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔහු ජනතාවාදී අසහාය විප්ලවවාදියෙකි. සටන්කාමී වීරත්වයෙන් පිරි මිනිසෙකි.
ඇමෙරිකා එක්සත් ජනපදය ලොව බලවත්ම රාජ්‍යය නම් මකරකට අසලම පිහිටි කියුබාව ඔහුගේ ජීවමාන සටන් බිමයි. එක්සත් ජනපද හිතවාදී පාලනයක් ගෙනගිය බැටිස්ටාගේ හමුදාවන් පරාජය කරමින් වඩාත් ගෞරවාන්විත දේශය කියුබාව බවට පත්කරන්නට සමත්වූ මිනිසා ඔහුය. එනම් ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවය ජයග්‍රහණය කිරීමට සමත් නායකයා ඔහුය. එකී ජයග්‍රහණයත් සමග අද වන තෙක්ම ගෙනගිය අරගලය අත්නොහැර සිටි මිනිසා ඔහුය. විශේෂයෙන්ම ධනවාදී රාජ්‍යයන් විවිධ සමාගම් කියුබාව සමග ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට සාකච්ඡා කරන ලදී. එහිදී කැස්තේ‍රා් කියා සිටියේ එක්සත් ජනපදයේ ඇතුළු ධනවාදී පාලකයන්ට අපි වෙනුවෙන් දිය හැකි දෙයක් නැති බවයි. ධනවාදයට දිය හැක්කේ කුසගින්න හා විනාශය පමණක් බවයි. ඔහු ධනවාදයට තවදුරටත් ජනතාව වෙනුවෙන් සාධාරණයක් කිරීමට අසමත් බව අවධාරණය කළ මිනිසෙකි. ඔහු තුළ වූයේ මාක්ස්වාදය කෙරෙහි අසීමිත විශ්වාසයකි. සමාජවාදය පිළිබඳ අචල විශ්වාසය, ධනවාදය කෙරෙහි වූ තීරණාත්මක විරෝධය කිසිවිටකත් යටපත් නොකළ අයෙකි. ඔහු ධනවාදය හමුවේ ව්‍යාජ සළුපිළි ‍පොරවාගත් අවස්ථාවකදී වම්මුන්ට තමා සිටගත යුත්තේ කොතැනද යන්න සිය ජීවිතයෙන් පෙන්වූ මිනිසෙකි. එමෙන්ම මතෛක් හමුවූ මිනිසුන් අතර, මුළු ජීවිත කාලය පුරාවටම සටන් වැදුණු, අරගල කළ, මරණය තෙක්ම නොනැවතී අරගලය සිය ජීවිතය කරගත් සුවිශේෂී මිනිසා ඔහුය. ඉකුත් සියවසෙහි සමාජවාදී ලෝකයෙහි පරමාදර්ශය ඔහුය. සැබැවින්ම ඉතිහාසය විසින් විශේෂයෙන්ම ලෝක පරිමාණයෙන්ම ජීවන ආදර්ශයක් බවට පත් මිනිසා ඔහුය. සියලු විනාශයන් කැඳවූ ධනවාදයට එරෙහි සමාජවාදය වෙනුවෙන් අරගල කිරීමට වෙහෙසෙන වත්මන් බලවේගයන් ඔහුගෙන් පන්නරය ලැබිය යුතුය. ඔහු ගත් විශ්වාසයේ මාවත තරණය කළ යුතුය. සටන්කාමීන්ගෙන් පිරි ජනතා ව්‍යාපාරයක් ඊළඟ පරපුරට රැගෙන යා යුතු නම්, ඊට මාවත වන්නේ කැස්තේ‍රා්ගේ ජීවිතය, ඔහු ගත් මග ගැනීමයි. සුවහසක් නිර්ධනයින්ගේ නිදහස උදෙසා ජීවමාන කැස්තේ‍රා්වරුන් සොයායාමයි.



කස්ත්‍රෝ චේ සමග

කස්ත්‍රෝ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සමග

හේමමාලී අබේරත්න

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.