Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - මාතලන්

මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - මාතලන්

හම්බන්තොට වරාය ගැන මක්කත් ලියන්නේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක්ම විමසනවාය. මාතලන් නම් හම්බන්තොට තියා මොන ලෝකයේවත් වරායක් හදනවාට විරුද්ධ වන්නේ නැතිය. මොකෝ වරායක් කියන්නේ සල්ලි උල්පතක් නිසාය. එහෙත් වරායක් හදනවා කියා පවුලක් හැදෙනවා නම් එතන ප්‍රශ්ණයක් තියෙනවාය. මහින්ද මහත්තයාගේ කාළේ තිබුන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොඳ ඉන්වෙස්ට්මන්ට් උනාට ඒවා හැදුවායින් පස්සේ කොරන්නේ කුමක්ද කියා ප්ලෑනක් තිබුනේ නැතිය.

ඕක හදලා තියෙන්නේ සිංගප්පූරුවේ හාබර් එකට කෙලින්න හිතාගෙනය. අපේ ළිං මැඩියෝ ඉතරක් නොව, යමක් කමක් උගත් එකා පවා හිතාගෙන ඉන්නේ, දැන් සිංගප්පූරුවට කෙලින්න පුළුවන් කියලාය. සිංගප්පූරුව කියන්නේ ලෝකයේ තියෙනා හාබර් වලින් සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්නා එකය. බර්ත්ස් 56 තිබෙනා කොළඹට ලෝකයේ වරායන් අතරින් හිමි වන්නේ 32 වන ස්ථානය නම්, බර්ත්ස් 3 ක් තිබෙනා මාගම්පුර මහින්ද රාජපක්ෂ එක වැටෙන්නේ කී වෙන තැනටද කියා ඔහේලාම හිතා ගන්නා එක හොඳය.

නැව් එන්නේ නැති වරායකට නැව් ගෙන්න ගන්න ක්‍රමය දන්නේත් නැත්නම්, ඕක තියාගෙන උන්නා කියා, ජාතිකාභිමානෙයි, බෞමික අන්ඩවාතෙයි, ඒකීයබාවෙයි, උන්ඩුකපුච්ඡෙයි තියාගෙන ආඩම්බරේට උන්නාට, ලැබෙනා ලබ්බක් නැතිය. කොරන්න තියෙන හොඳම දේ, කර ගන්න පුළුවන් එකෙකුට දී කීයක් හරි හොයා ගන්නා එකය. අපේ උන්ට ඕවා තියා, සළුසලවත් කොර ගන්න බෑ කියා 1948 ඉඳන්, හිතේ හැටියට පෙන්නලා තියෙනවාය.

ඒ ගැන පසෙක තබා, දැන් එන්නේ නාවික හමුදාවෙන් කරපු ඔපරේසොන් එක ගැන කතා කොරන්නය. මේ ඒ ගැන මගේ සත පනහාය. නාවික හමුදාපති "ටින් ටින්" කාටුන් කතා මාලාවේ, "කැප්ටන් හැඩොක්ට" සමාන කොරමි,න් බුකියේ අපූරූ සටහන් හෝ ගාලා යනවාය. ඒක දැක්කාම මට හිනා ගියේ කැප්ටන් හැඩොක්ද මේ වාගෙම ගිනි පුක් කාරයෙක් නිසා නෙමේය. කැප්ටන් හැඩොක්ගේ අති ජාත මිත්තරයා වන ටින් ටින්ද, මාද්දියවේදියෙක් නිසාය. ඒ කතාවේ, දෙන්නා ගජ මිතුරන් වූවාට, ඊයේ උනේ ඊට වඩා වෙනස් දෙයක්ය.

නාවික හමුදාපතිගේ ක්‍රියා දාමය මාතලන් කිසි සේත්ම අනුමත කරන්නේ නැතිය. මේ වෙනුවට වෙනත් නිළධාරියෙක් එවීමට ඕනෑ තරම් ඉඩ තිබිනි. ඒත් මේ මාද්දියවේදින්ට ගහලා කියනා කතාව බේරා ගත යුතුය. ඇත්තටම මුන් මාද්දියවේදීන්ද? එහි වරදද ඇත්තේ වෙන කිසිම ස්ථානයක් නොව, ආන්ඩුවේමය. එනම්, ඕනෑම ගොනෙකුට මාද්දියවේදි හැඳුනුම්පත් දෙන එකටය. කාඩ්බෝඩ් කැබැල්ලක් එල්ලාගෙන උන්නද, මොහු මාද්දියවේදියෙක් ලෙස පිලි ගැනීමට මාතලන් නම් කිසි සේත් කැමති නැතිය. මුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මෙවන් ප්‍රශ්ණයක් ඇති කර ගැනීමය.

අනෙක් කරුන නම්, අම්මට සිරි ලංකාවේ නාවික හමුදාපති වරයා අඳුනන්නේ නැති එකා, මාද්දියවේදියෙක් වන්නේ කෙසේද කියනා එකය. වැරද්ද ඇත්තේ මෙතනයි. මුන් ලෝකය ගැන තියා, ලංකව ගැනවත් දැණුම්වත් අය නොවේ. ඒ තබා මෙවන් අවස්ථාවක හැසිරෙන ආකාරයවත් දන්නා උන් නොවේ. මාද්දියවේදින් පිරිසක් අතරින් එකෙක් පමණක් ගුටි කන්නේ කේසේද යන්න අනිවාරයයෙන් සොයා බැලිය යුතුමය.

මුන් මාද්දියවේදින් නොව, දිනේෂ් ගුණවර්ධන වගේම හමුදාව ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරමින්, මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට පුළුවන් කියා සිතනා බත් බැලයන්ය. බුද්ධි අංශයේ මිනීමරුවන්, අමු ජාතිවාදි කහකඩ කරුවන් වෙනුවෙන් පෙනි සිටිනා ආන්ඩු විරෝධීන්ය. මේ ගන් වස්සා මෙන්ම, එතන විරෝධතා ව්‍යාපාරයේ යෙදි උන් අම්බරුවන්ද සිතුවේද, හමුදාව උන්ගෙ පැත්ත ගනී කියලාය. ඒ උන්ගේ ගොන්කම මිස වෙන කිසිවක් නොවේ.

හමුදාව හැමදාම ඉන්නේ කොයි පැත්තේද කියා නොදන්නා හරකෙක් මාද්දියවේදියෙක්ද.?

මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය, එක්නැළිගොඩලාගේ පැත්තේය. එහෙත් මුන් කිසි දිනෙක ඔවුන් වෙනුවෙන් හඬක් නගා තිබේද? මොවුන් හඬ නගන්නේ මිනීමරුවන් වෙනුවෙනි. මාද්දියවේදීන් ඝාතනය කළ උන් වෙනුවෙනි. ඒ වෙනුවෙත් අත් අඩංගුවට ගෙන සිරගත් කළ බුද්ධි අංශයේ මිනීමරුවන් වෙනුවෙනි.

මෑතදි සිඳූවූ උද්ඝෝෂණ හා විරෝධතා කිසිම තේරුමක් ඇති ඒවා නෙමේය. ඒ සියල්ල පිටුපස් සිටින්නේ කවුදැයි කියා බොහෝම පැහැදිලිය. අබාධිත රණවිරුවන් නිස්කාරනේ පාරට බැස්සුවේ කව්දැයි කියා අවසානයේ සියල්ලෝම දැන් ගත්තේය. එහෙත් පරිප්පුව කෑවේ උන් නොවේය. උන්ගේ ගුලි කාපු ගොනෙක්ය. අන්තීමේදි ඒ ගොන් වස්සාගේ ඇසක් අහිමි උනේය. උන්ට තියෙන්නේ පුළුවන්නම් පාරට බස්සපු එකෙක්ගේ ඇහැක් ගලවනා එකය.

බස් වර්ජනයද ඒසේමය. ඊළඟට පැමිනියේ මෙයයි. මේවා පිටුපස සිටිනා උන් මේ ගැන කෑ ගැසීම සාධරනය. මන්ද ඔය ජොබ් ලබා දෙන්න ලක්ෂ ගනනින් මුදල් ගත්තේ ඔවුන්ය. මේවා තංගල්ල පැත්තේ පොඩි උන් පවා දන්නා කාරනාවන්ය. අනෙක් කරුණ නම් ඩොලර් මිලියන් 1000 ගනනක් වියදම් කලා යැයි කියපු එකට දැන් කියන්නේ, වියදම් කළේ 400 යි කියාය. ඉතිරි ඒවාට උනේ මක්කාද කියා දන්නේ උඩ ඉන්නා දෙයියන්ම ඉතරය.

ආන්ඩුවද ප්‍රශ්ණ ආවාම හත් පොලේ ගාගෙන නාගන්නවා මිස ඒවාට සොලියුෂන් දීමේදී තාමත් අසමත්ය. සිඳුවීම තුල පෙනෙන්නේ මොවුන් චීන සමාගමට අනුයුක්ත කරනා බවක් හෝ ඉවත් කරනා බවක් හෝ කිසිවක් සඳහන් කර නොමැති බවකි. චීනාට මේවා දීමට කලින් එම ගැටළු නිරාකරනය කර ගත යුතුව තිබිනි. මේවා ආයෝජකයන් දිරි ගන්වනා දේ නොවේ.

සමහර විට නාවික හමුදාපති මෙතනදි සිතන්නට ඇත්තේ පොලිස්පතිට සෙකන්ඩ් වෙන්නේ මක්කාටද කියාය. ඒ කෙසේ වෙතත්, මෙතනදි ඔහු මහින්දගේ බත් බැලයන්ට ලබා දුන් පනිවිඩය නම් ඉතා වටිනවාය. කරුමය කියන්නේ මේ ගොබ්බ ආන්ඩුවට මෙතුවක් කල් ඔය දේ කර ගන්න බැරිව සිටීමය. අපි එදා ඉඳන් කියන්නේ, මේ රටට ආයෝජකයෝ ගෙන්න ඕනා නම් මේ වාගේ පිස්සු කෙලීම හමුවේ ඔවුන් කිසි දිනෙක මෙහේ ආයෝජන කරන්න එන්නේ නැතැයි කියාය. මේ රට වෙනුවට, අළුතෙන් ඉන්වෙස්ට් කිරීමට මේ ප්‍රදේශයේම ඕනා තරම් රටවල් තිබෙනවාය.

කෙසේ වෙතත් අපේ අතිගරු ජනාධිපති තුමා මේ ගැන කියන්නේ මක්කැයි කියා බලන්නට හැමෝම බලාගෙන ඉන්නවාය. ඒත් උන්නැහේ තාමත් පත්තරේ බලලා නැතුව වාගේය.

http://maathalan.blogspot.com/

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.