Menu

logo new 2015-5-11

Shamrock-png

මේ යන්නේ කොයි පාරේ... රාජපක්ෂ ගිය පාරේ... නලින්ද සංජීව ලියනගේ

මේ යන්නේ කොයි පාරේ... රාජපක්ෂ ගිය පාරේ... නලින්ද සංජීව ලියනගේ

නාවික හමුදාපති මාධ්‍යවේදියෙකුගේ කණ අත ගෑවේය.එය මාධ්‍යවේදියාගේ කණ පිලිබද ප්‍රශ්නයක් පමනක් නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නයකි.නාවික හමුදාපති ගේ දාමරික කමටත් වඩා අශෝභන,එකී චණ්ඩි පාට් එක සාධාරණීකරණය කරන්නට ඊනියා යහපාලන නියෝජිතයන් ගන්නා උත්සාහයය.ඒ වනාහී මෙතෙක් කලක් අසීරුවෙන් දවටාගෙන සිටි ලිබරල් අමුඩයද ගලවා විසි කොට මහ දවල් අමු අමුවේ නිරුවත් වීමකි.

රාජපක්ෂ මාධ්‍යවේදීන් අරලිය ගහ මන්දිරයට කැදෙව්වේය.හැලප සහ කුරහන් තලප කන්න දුන්නේය.ලැප්ටොප් ද බෙදා දුන්නේය.බඩට,හිසට,පිටට තට්ටු කලේය.ඔහු මාධ්‍ය හීලෑ කලේ එහෙමය.ඉතින් බොහෝ ජනතාවාදී මාධ්‍යකරුවෝ අරලිය ගහ මැදුරේ සුරතල් පූස් පැටවුන් බවට පත් විය.බැරිම වුනොත් වාගේ සුදු වෑන් බැස්සුවේය.කොහොම හරි හෙතෙම මාධ්‍ය සිය අත යටට ගත්තේය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටි යහ පාලන නායකයන්ටද දැන් වැලදී ඇත්තේ රාජපක්ෂගේ අසනීපයමය.ඔවුන් දිගින් දිගට මාධ්‍ය වලට බුරමින් සිටී.ඒ කාරණයේදී රාජපක්ෂලා සතු ව තිබුනු සංයමයවත් මේ මහතුවරුන්ට නැත.ආන්ඩුවට අවුරුද්දක් පිරෙන්නටත් ප්‍රථම ඔවුන් සිය ප්‍රසාදයේ ආයුෂ කෙටි කර ගනිමින් සිටී.මේ දාමරිකකම් වනාහී ආණ්ඩුවේ චණ්ඩි කමකටත් වඩා සිය උපායමාර්ගික අවශ්‍යතාවයකි.නව ලිබරල් ආර්ථික පිළිවෙත් ක්‍රියාත්මක කරද්දී නැගෙන්නට නියමිත මහජන විරෝධය යට ගැසිය යුතුව තිබේ.මේ ඒ සදහා වන යහපාලන නායකයන්ගේ වෑයමයි.
මාධ්‍ය වේදියා යනු දෙවියෙකු නොවනවාක් මෙන්ම මාධ්‍ය ආයතන යනු දේවාලද නොවේ.හැම මාධ්‍ය ආයතනයකටම තමන්ගේම වූ දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බව නොරහසකි.රාජපක්ෂ පාලන සමයේ ජනතාවගේ පැත්තේ යැයි පෙන් වූ ඇතැම් රූපවාහිනී නාලිකා වල මේ දිනවල ප්‍රවෘත්ති විකාශනයන් අධ්‍යයනය කිරීමෙන් ඒ බව හොදින්ම තහවුරු කර ගත හැක.ඒ නාලිකා වලට අනුව මාගම්පුර උද්ඝෝෂණ නැත.මාධ්‍යවේදියෙකුට පහර දී නැත.ඇත්තේ "ගම්මැද්දේ"ඇවිද ගොස් සමාජ සත්කාරයේ යෙදෙන්නට පමනි.මාධ්‍ය හැසිරෙන්නේද ප්‍රා්ග්ධනයේ උවමනාව අනුව මිස ජනතා උවමනා එපා කම් හෝ සමාජ ප්‍රගමනය පෙරටුව තබා නොවේ.සමාජ ප්‍රගමනය ගැන සිතන කිසිදු මාධ්‍යයකට මේ තරම් බරපතල මිථ්‍යාවන් සමාජගත කරන්නටද නොහැකිය.ලග්න පලා පල කියා දීමේ සිට රාහු කාලය දක්වා වන සියලු මිථ්‍යාවන් සමාජගත කරන්නේද මේ මාධ්‍ය ආයතනමය.
එහෙත් රනිල් වික්‍රමසිංහලාගේ අවධානය යොමු වන්නේ මාධ්‍යන්හි මෙවැනි අවිචාරයන්ට නොවේ.හුදු තොරතුරු දැන ගැනීමේ අයිතියටය.
අන්න ඒ කාරණාවේදී පමණක් මාධ්‍ය නිදහස පැත්තේ අපි ද සිට ගනිමු.
වික්‍රමසිංහට කිව යුත්තේ කැරිෂ්මැටික් නායකයෙකු වූ රාජපක්ෂට ද ඔය පාරේ ඒ තරම් දුර යන්නට බැරි වූ බව පමණි......

( නලින්ද සංජීව ලියනගේ - ෆෙස්බුක් පිටුවෙනි )

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.