Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

හෙලුවෙන් යන හමුදාපතිලා සහ නාහෙන් අඩන අනුර කුමාරලා - තුෂාර එස්. දස්කොන්

හෙලුවෙන් යන හමුදාපතිලා සහ නාහෙන් අඩන අනුර කුමාරලා - තුෂාර එස්. දස්කොන්

මේ දවස් වල ලංකාවේ ජනප්‍රියතම පුද්ගලයා වන්නේ නාවුක හමුදාපතිවරයායි. ඒ හම්බන්තොට වරාය සේවකයන් සිදුකල වැඩ වර්ජනය හමුවේ හිරු නාලිකාවේ මාද්දියවේදියාට පහරදිම නිසාය. දැන් මෙය රසබර කර විකුනාගන්නට හැමට අවස්තාව ලැබි තිබේ. මේ සම්බන්දයෙන් රජය හිතට නැගෙන එක එක කතා ගෙඩි පිටින් කියා සිටින අතර ඒකාබද්ද විපක්සය බොර දියේ මාලුබාමින් නැවතත් හොරා කන්නට බලය ලබා ගන්නට මෙය පරාවලල්ලක් කර ගන්නට සැරසෙයි. අපි මේ සම්බන්දයෙන් විමසා බලමු.

හම්බන්තොට වරාය සේවකයන් සිය ඉල්ලිම් ඉල්ලා වැඩ වරන්නේ රජය විසින් මේ වරාය මුලින්ම වසර 100 කට හා පසුව තවත් වසර 100කට ලෙස චිනයට බදු දෙන්නට ගෙන ඇති තිරනයත් සමගමය. ඒ අනුව දැනට මාගමිපුර වරාය සමාගමේ සේවයේ නියුතු සේවකයන්ට තමන්ගේ රැකියා සුරක්සිත නැති අවදානමකට මුහුන දෙන්නට සිදුව තිබේ. මෙහි සේවකයන්ගෙන් බහුතරයක් දෙනා නාමල් රාජපක්සගේ නිල් බලකායේ හෙංචයින් බව නොරහසකි. ඒ කාලයේ නිල් බලකාය දෙවැනි වුයේ ආරක්සක අමාතාංසයට පමනි. මහා ඉහලින් හැම ඒකාම වන්දනාමාන කරන මහා නායක හාමුදුරුවරුන් නාහෙන් අඩන විට නාමල් සිය බලපරාක්‍රමය පෙන්වා තමන් රජ කුමරෙකු බව රටට පසක් කරමින් එදා මාලිගාව වටා රේසින් කාර් පැද්දේ අඩ නිරුවත් නිරුපිකාවන්ගේ ජය ගෝසා මැදය.

එයට නාමල් වටා සිටි හරක් රැල නිල් බලකායෙන් හයර් කල අය වු අතර ඒ කාලයේ නාමල් යනු මහින්දටත් වඩා බලවත් පුද්ගලයෙකු විය. ගෝටා යනු නිලනොලත් රජයේ අලුගෝසුවා වු අතර කතා නොකර කල වැඩ නිසාම කිසිදු මාද්දියකාරයෙකු ගෝටාගේ රුපය නොඇන්දෝය. මා පවා ගෝටාගේ නම ලියන්නේ යහපාලනය දැන් ඇති නිසාය. වඩාත් විහිලුවට කරුන වන්නේ ඒ යහපාලනයේ අදිකරන ඇමතිවරයාම ගෝටා බේරා ගැනිමට ප්‍රතිඤ දි ඇති නිසා බිය සම්පුර්නයෙන්ම පහව නැති විමය.

හම්බන්තොට වරාය සම්බන්දයෙන් මේ යහපාලනය බලයට එන්නට පෙර කි කතා මතක අයට සිනා සෙන්නට සිදුව ඇත්තේ අදෝමුකයෙන්ය. නාවුක හමුදාපතිවරයා හම්බන්තොටදි පහර දෙන ආකාරය විඩියෝ කර පෙන්වන්ට හැකි වුනේද යහපාලනය නිසාමය. ඉස්සර රතු පස්වල පහර දෙන පින්තුර ඇත්තේද දෙක තුනකි. ඇන්ටනිලා මරා දමන්නේ හිස පෙනෙහෙරයක් කරමිනි. ඒ ගැන කතා කල අය රජයේ සුදු වැන් වලින් අවසන් ගමන් ගිය නිසා රටට ස්වයං වාරනයකට පත්ව මැතිවරනයෙන් පිලිතුර ලබා දුන්නෝය.

දැන් යහපාලනය හත්පොලේ ගාගෙන අවසන්ය. ආන්ඩුව තුලම ඇති අර්බුදය විසදන්නට බැරි වංකගිරයක් බවට පත්ව ඇත. විජයදාස රාජපක්ස කියන දෙයට රාජිත විරුද්දය. රාජිත කියන දෙයට ජෝන් විරුද්දය. ආරක්සක ඇමති ලදරු පාසලක දරුවෙකු වැනිය. විනිසුරන් පිස්සු කෙලින රටක ඒ ගැන වාර්තා කල ලංකා වෙබ් අඩවි කතුවරයෙනකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර නිතිය බල්ලාට දමා ඇති ආන්ඩුවක අප පංගුකාරයන්ය. මොන දේ කිවත් එහෙම කියන්න එපා දැන් කොච්චර හොදද ඉස්සර මහින්ද ඉන්නකොට මතකනේ ඇයි කියා අපට බල්ලා පෙන්වා ආන්ඩුව මල්ල පුරවමින් සිටියි. ඉස්සර මොනම දේකට වුනත් ප්‍රබාකරන් පෙන්වා සිටියා සේ දැන් මහින්ද පෙන්වා ඇග බේරා ගන්නට රජය සැරසෙයි.

ප්‍රබාකරන් තම ජාතියේ විමුක්තිය වෙනුවෙන් හෙලුවැල්ලෙන් මිය යන විට තම පවුල වෙනුවෙන් මහජන මුදල් ගසා කැ හොරෙකු විරයෙකු කර ප්‍රබාකරන් ද්‍රෝහියෙකු කර අවසන්ය. දැන් වරාය අර්බුදයෙන් පන අදින මහින්දව බේරා ගන්නට කුනු වි ගද ගසන දිනේස්ලා පිස්සු ගම්මන් පිලලා වලිකයි.
එජාපයේ අය හොරා කන්නට නව ක්‍රම අත්හදා බලන විට රනිල් ගිලෙන ආන්ඩුව බේරා ගන්නට වලිකයි. ජවිපෙ 2020 ආන්ඩු බලය ලබා ගන්නට සිහින දකින විට පෙරටුගාමින් පක්සය රැක ගන්නට වලිකයි. ආන්ඩුවේ මර්දන යන්ත්‍රෙයන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින මැට්ටන් විප්ලවය ගැන කතා කරන සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිහින දකින මිනිසුන් මුල්ලේරියාවේ පදිංචි කරවන්නට වලිකයි.

මේ මොහාතේ ලංකාව සයිගොන් වලට වඩා ඉස්සරහින් සිටින අතර ඇත්තේ මොක්කුද නැත්තේ මොක්කුද කියා කිසිවකුත් නොදනියි. ලංකාවේ වාමාංසිකයන් කියන්නේ හාන්සිපුටු විප්ලවාදින්යැයි පෙර වු වහර දැන් මුහුනු පොතේ විප්ලවාදින් ලෙස වෙනස් විය යුතුය. ලෙනින් වැනි නියකයෙකු කටයුතු කල ආකාරය ගැන නැවත නැවත් සිතා බලන්නට අපට මේ ගැටලු විසින් බලකරනු ලබනවා.

ඔක්තෝම්බර් විප්ලවයමේ වන විට ගොවි කම්කරු ජනතාව තුළ විප්ලවයක් කෙරෙහි විශාල පෙළඹවීමක් ඇති වී තිබුණා. ලෙනින්ගේ බොල්ෂෙවික් පක්‍ෂයේ වැඩි පිරිසක් සොල්දාදුවන්, කම්කරුවන් සහ දුප්පත් ගොවීන්ගේ සමන්විත වීම විශේෂයි.1917 ඔක්තෝම්බරයේ ඇති වූ සමාජවාදී විප්ලවය සාර්ථකත්වය කරා මෙහෙයවන්නට ලෙනින් සමත් වුණා. සෝවියට් දේශයේ නායකයා බවට පත් වූයේ ලෙනින්.1918 වන විට සෝවියට් දේශයේ විදේශ ප‍්‍රතිපත්ති වෙනස් කළ ලෙනින් සාර් රජය විදේශීය රටවලින් ගෙන තිබූ ණය සම්පූර්ණයෙන් ගෙවා දමන්නට සමත් වුණා. 1918 දී සාහසිකයකු විසින් තබන ලද වෙඩි පහරකින් ලෙනින් සිය ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.1921 මාර්තුවේ දී සෝවියට් රුසියාවට ලෙනින් නව ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දුන් අතර එමඟින් තම නිෂ්පාදන විවෘත වෙළෙඳපොලේ විකිණීමටත්, ගොවීන්ට අවැසි සියලු සහන සැලසීමටත් හෙතෙම සැළසුම් කළා. ලෙනින්, ගෙවි කම්කරු ජනතාවට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය වුණේ සෑම පවුලක්ම පී‍්‍රතිමත් පවුලක් කර ඔවුන්ගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්නටයි. නමුත් ලෙනින්ගෙන් පසු බලයට එන ස්ටාලින් නිසා රුසියාවේ දුක්විදන පංතියේ ඉරනම කනපිට පෙරලිම ඉතිහාසයෙන් අප ලද පාඩමයි. ට්‍රොස්කිගේ හිසට වැදුනු පොරෝ පහර සමස්ත මානව වර්ගයාගේම අනාගතයට වැදුනු මරු පහරක්ම නොවන්නේ ද

රටේ ගැටලු සම්බන්දයෙන් සවිඤානික නොවන විප්ලවාදි පක්ස මේ මොහොතේ කලබල වන්නේ ප්‍රතිසංසරනවාදි රෙජිමයේ රේස් එක සමග පරදු තබන්නටය. නමුත් පැහැදිලිවම ලෙනින් සියකළ යුත්තේ කුමක්ද ග්‍රන්තය මගින් කරුනු දක්වයි. ඉන් පළමුවැන්න, සමාජවාදය පිට සිට කම්කරු පංතිය වෙත ගෙන ආ යුතුතුය යන්නයි. කම්කරුවගේ එදිනෙදා චින්තනය ධනපති චින්තනයට සීමා වී පවතී. සූරාකෑමේ දුර්විපාකයන්ට විරුද්ධව ආත්මාරක්ෂාව සඳහා ප්‍රාග්ධනයෙන් වෙන් වී සංවිධානය වීමේ අවශ්‍යතාවය වටහා ගැනීම කම්කරුවන්ට තනිවම කළ හැකිය. එනම් කම්කරුවන් තුළ වෘත්තීය සමිති විඥාණය පහළ වීමයි. එහෙත් සූරාකෑමේ ක්‍රමයම වනසා දැමීමේ අවශ්‍යතාවය ඔවුන්ට නොවැටහේ.

වෘත්තීය සමිති විඥානය වූ කලී ධනේශ්වර ක්‍රමය තුළම ගැට ගැසුනකි. මක් නිසාද යත් වෘත්තීය සමිතියක් සංවිධානය කෙරෙන්නේ ශ්‍රම ශක්තිය ධනපතියාට විකිණීමට ගණන් හිලව් කේවල් කිරීම සඳහා වන නිසාය. එහෙයින් වෘත්තීය සමිති ධනවාදය ආර්ථීක ක්‍රමයක් ලෙස පිළිගැනීමට සීමා වී පවතී. පිට සිට ගෙන එනු ලබන හෙයින් සමාජවාදී විඥානය ඇතුළත පැලපදියම් වී තිබෙන දෙය සමග ගැටීම අනිවාර්යයෙන් සිදුවේ.

කම්කරු පංතිය සමඟ අන්තර් සබඳතාවක් ඇතිකරගැනීමක් ලෙසින් හා කම්කරු පංතියේ පවත්නා වෘත්තීය සමිති විඥානය සමඟ ගැටෙමින් එය ඇතුළට ගෙන ආ යුත්තේ පක්ෂය මගිනි. මේ බව පවසන්නේ ලෙනින්ය. නමුත් තමන් ලංකාවේ එකම විප්ලවාදි පක්සය යැයි සිතා සිටින ජ.වි.පෙට නැත්තේද මේ සවිඤානකබාවයමය. ඒ නිසා මේ අය දැන් පුරුදුව ඉන්නේ ටි.වි එකෙන් බන දේසනා කරන්නටය. ඇත්ත ප්‍රස්නය පසෙකලා ජනප්‍රියවාදය පසුපස යන මේ අයට පිදෙල් අතේ හා මුහුනේ ගානවා හැර වෙන කරන්නට දෙයක් දන්නේ නැත. ඒ නිසා අවසන් ලෙස කිව යුත්තේ ලෙනින් කි කතාවක්මය.

අපගේ කර්තව්‍යය මල්පොච්චිවල තිරිඟු වැවීම නොවේ. වල්පැලෑටි උදුරා දැමීමෙන් අප කරන්නේ තිරිඟු වැවෙනු පිණිස බිම සුද්ධ කිරීමය. අපනාසි ඉවානවිච් ලා, පුල්හෙරිය ඉවානවිච්ලා ඔවුන්ගේ මල්පෝච්චි කෙත බලාගෙන සිටිත්දී, අපි අද වල් නෙලීම සඳහා පමණක් නොව හෙට අස්වැන්න නෙලීම සඳහාද නෙලුම්කරුවන් සූදානම් කළ යුතු වෙමු....වත්මන් ජ.වි.පෙ ගැන පෙරටුගාම්න් මෙසේ සිතා සිටිනවා වන්නට පුලුවන නමුත් මේ දෙකම එකම කිසියේ දෙපැත්තම විනා වෙන දෙයක් නොවේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.