Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සාරංග අලහප්පෙරුම ගේ අනඟ රැඟුම් සහ මොහාන් සමරනායක ගේ පලා යාම් මැද “ඉරිදා” පාලකයෝ සේවක දඩයමක,

සාරංග අලහප්පෙරුම ගේ අනඟ රැඟුම් සහ මොහාන් සමරනායක ගේ පලා යාම් මැද “ඉරිදා” පාලකයෝ සේවක දඩයමක,

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් නමින් හෝකන්දර උතුර, අතුරුගිරිය පාර, අංක 388/ඒ, ලිපිනයේ පවත්වාගෙන ගිය “ඉරිදා” පුවත්පතේ කාර්යාලය සේවකයින්ට නොදන්වා වසා දමා ඇත. එහි සේවකයින්ට නොවැම්බර් මස සිට වැටුප් ද නොගෙවමින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විසින් විවිධ තර්ජන ගර්ජන කරමින් සිටිතැයි වාර්තාවෙයි. තවත් සේවකයන් රැසකට අඩුවෙන් ගෙවන ලද හිඟ වැටුප් ද 

2016 අප්රේිල් 01 වන දින සිට ස්ථිර සේවකයින් ලෙස සේවයට බඳවාගත් සේවකයින්ට සහ අනතුරුව බඳවාගත් සේවකයන්ට මේ වනතුරු පැහැදිලි පත්වීමේ ලිපියක්වත් නිකුත් නොකරමින් සේවයේ යොදවා ගෙන ඇති විජිත පබ්ලිකේෂන් පාලකයෝ මේවනවිට සේවක දඩයමක් සහ මර්දනයක් ද ක්රි යාවට නගමින් සිටිති.
මාධ්යය වේදීන් ලෙස සේවය කළ ඇතැමෙක් පාලන අධිකාරිය විසින් මෙල්ල කර ගනිමින් හොරිකඩයින් බවට පත් කැරගෙන සිටින අතර, තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සේවකයින් කිහිපදෙනෙක් මේවන විට අතුරුගිරිය පොලීසියේ පැමිණිලි ඉදිරිපත්කරමින් තම වැටුප් ගෙවන ලෙස කරන ඉල්ලීම හා තම ජීවිතයට ඇති තර්ජනය නීතිය ඉදිරියට ගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙම පුවත්පතේ ප්රිධාන කර්තෘ ලෙස කටයුතු කළ මොහාන් සමරනායක නැමැත්තා ද මේවන විට අතුරුදන්ව සිටින අතර සේවක ඉල්ලීම් සහ වැටුප් පිළිබඳව ඔහු කිසිදු මැදිහත්වීමක් සිදුකර නැත.
2017 ජනවාරි 02 වන දා සිට සේවකයින්ට වැඩට පැමිණෙන ලෙස එහි කළමනාකාර අධ්යකක්ෂ ලෙස කටයුතු කළ සාරංග අලහප්පෙරුම නැමැත්තා දැනුම් දී තිබුණු අතර, සේවකයින් පැමිණෙන විට කාර්යාලය පිටතින් දොරගුලු හා දම්වැල් ඉබි යතුරු දමා එහි කිසිවෙකුත් රැඳී නොසිටි බව ද වාර්තාවෙයි. මෙම සාරංග අලහප්පෙරුම වෛද්යුවරයෙකු ලෙස තලංගම රෝහලේ සේවය කරන අරතුර ඉරිදා පුවත්පත ප්රගකාශයට පත් කළ විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්යරක්ෂ ලෙස ද කටයුතු කළ අයෙකි. සාරංග අලහප්පෙරුම ගේ නොමනා හැසිරීම් කලක සිට ආයතනය තුල ඉහවහා ගොස් තුබුණු අතර, සැප්තැම්බර් මාසයේ මොහු විසින් සේවයෙන් පහ කරන ලද 15 දෙනෙකුගේ කණ්ඩායමක් මේවන විටත් අතුරුගිරිය පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඊට අමතරව ජනවාරි 03 වන දා සිට ජනවාරි 07 දක්වා තවත් අට දෙනෙක් අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ මාස 3ක හිග වැටුප් ඉල්ලා සහ රැකියාවෙන් ඉවත් කරන්නේ නම් නිසි පරිදි වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ජූලි මාසයේ ද සේවකයින් 12 දෙනෙක් සේවය හැර ගිය අතර, වෛද්යහවරයෙකු ලෙස පෙනී සිටින සාරංග අලහප්පෙරුම විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් හි කළමනාකාර අධ්ය ක්ෂ ලෙස පත්වෙමින් සහ එම තනතුර සේවකයින්ට හඳුන්වා දෙමින්, ඔහුගේ සහෝදරයෙක් වන විදුලි සංදේශ ඉංජිනේරුවෙක් ද වන, අංක 395/2 බී, වේරහැර, බොරලැස්ගමුව පදිංචි, ඉන්දික පරාක්රේම අලහප්පෙරුම විසින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ කොටස් මිල දී ගන්නේ 2016 ජූලි මස 31 වන දින ය.
ඉන් අනතුරුව සාරංග අලහප්පෙරුම විසින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ හිතුවක්කාරී සහ අනංග පාලනයක් ගෙන ගිය අතර, ඔහුට නොරිස්සූ සියලු සේවකයින්ට පහත් ලෙස සලකමින් ද, පරිභව කරමින්ද සේවයෙන් පහ කරමින් ද කටයුතු කළේ ය. මේ තත්ත්වය තුල සේවයේ යෙදීමට අපහසු වූ බෙදාහැරීම් කළමනාකරු ලෙස සේවය කළ සුනිල් සෙන්දනායක සහ සේවකයින් 14 දෙනෙක් විරෝධය පළ කරමින් සිටියේ ය. ඔවුන් ද එක් දිනක් තුල කිසිදු කරුණු විමසීමකින් තොරව සේවයෙන් පහ කිරීමට සාරංග අලහප්පෙරුම පියවර ගත්තේ ය. මෙම තත්ත්වයට ආසන්නම හේතුව සාරංග ගේ කාර්යාලයීය අනංග රංගන බව තතු දත්තෝ පවසති.
ඉන් පසුව 2016 නොවැම්බර් මස සිට තවත් ආයෝජකයෙක් සොයමින් සිටි සාරංග අලහප්පෙරුම හිටි අඩියේ මෙම පුවත්පත් කාර්යාලය වසා දැමීමෙන් සේවකයින් 50 කට අධික පිරිසක් අනාතභාවයට පත්ව සිටිති. සාරංග අලහප්පෙරුම මෛත්රීමපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතා සමීප බව වරක් ප්රතකට කරමින් සේවකයින්ට තග දැමීමට ක්රිමයා කොට ඇති අතර, තවත් වරෙක මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සමීපතමයෙක් බව අඟවමින්ද සේවක මර්දනයට වහසිබස් දොඩවා ඇත. මෛත්රීෂපාලගේ නිදන කාමරයට වුවත් තමාට ඕනෑම අවස්ථාවක යාමට හැකියාව ඇති බවත් වැඩිය දඟලන්නට ආවොත් වෙඩි තබා දමන බවටත් “ඉරිදා” කාර්යාලය තුල දීම වහසි බස් දොඩවා ඇති සාරංග අලහප්පෙරුම වෛද්යඩ වෘත්තියට නොගැලපෙන අෂික්ශිත භාෂාවෙන් ද සේවකයින්ට බැන වැදී ඇත.
තවද, පාදුක්ක පිහිටි විජිත සමූහ ව්යා්පාරයන්ගේ හිමිකරුවන් මැර ක්රි යාවන්ට උපන් හපනුන් බවත්, එහි විධායක නිලධාරී ලෙස කටයුතු කරන එම්. ශ්රී්නික නිමේන්ද්රක නැමැත්තා එම ව්යා්පාර වෙනුවෙන් මැර බලය පාවිච්චි කරන ආකාරයට “ඉරිදා” මාධ්යි ආයතනයේ ද සේවක මර්දනයට තමා ඔවුන්ගේ සහාය ලබා ගන්නා බවටත් සාරංග කිහිප විටක් ප්ර්කාශ කර ඇත. සාරංග අලහප්පෙරුම නීත්යේනුකූල ව විවාහ වී සිටින්නේ යහපාලන රජයේ නියෝජ්යද ඇමතිවරයෙක් වන සාරනාත් බස්නායක ගේ නැගණියක සමග ය. සාරනාත් බස්නායක යනු දේශපාලනයේ නියැලී සිටි බන්දුල බස්නායක ගේ පුත්රයයා ය. සාරංග අලහප්පෙරුම මහින්ද පාලන කාලයේ පරිසර අධිකාරියේ ඉහල තනතුරක් හෙබ වූ අතර, දූෂිත ගනුදෙනු රැසකට හවුල් වූවෙකි. වෛද්ය වරයෙක් වීමට අවශ්යි අධ්යාකපන පසුබිමේ දී මොහුට වෛද්ය වරයෙක් ලෙස පෙනී සිටීමට මුල සිටම බාධා පැවැති අතර ඒ සියල්ල ද දේශපාලන මැදිහත්වීම් මත කූඨ ලෙස වෙනස් කර ගත් අයෙකි.
විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් මුල් අයිතිකරුවන් ගාමිණී ලොකුගේ දේශපාලකයාගේ සමීපතමයින් වන අතර, මාධ්යඩ ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යාමේ දී විවිධ දේශපාලන හිතවත්කම් උපයෝගී කරගනිමින් මෙම ආයෝජනය ශක්තිමත් කර ගැනීමට සාරංග පාර්ශවය ක්රිදයාවට නැගූ සියලු උපක්රිම අසාර්ථක වූ බව ද සේවකයෝ පවසති.
කෙසේ වෙතත්, ඉරිදා පුවත්පතේ සේවක අයිතීන් වෙනුවෙන් නීති මගින් කටයුතු කරන සේවක සේවිකාවන් මර්දනයට සාරංග අලහප්පෙරුම සහ විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විවිධ චෝදනා සහ මැර බලය ඒකරාශී කරමින් සිටින බව දැන ගන්නට ලැබේ. මේ පිළිබඳව අදාල අංශ වෙත පැමිණිලි කරමින් සේවක සේවිකාවන් පිරිසක් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙයි.
තව ද, රටේ නීත්යරනුකූල පසුබිමක මාධ්ය් සේවකයින් ලෙස කටයුතු කළ 50 කට අධික පිරිසක් මහමගට ඇද දමා අසරණ කිරීම පිළිබඳව මෙ රට සිවිල් සංවිධාන සහ සමාජ ක්රිලයාකාරිකයන් ගන්නා ක්රිමයා මාර්ග කුමක් ද යන්න මේ මොහොතේ වැදගත් ය.


නිර්නාමික ලියුම්කරුවෙකු විසිනි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.