Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රාජ්‍ය සේවකයන්ට භාෂණයේ නිදහස තහවුරු කරනු ! - තුසිත පතිරණ

රාජ්‍ය සේවකයන්ට භාෂණයේ නිදහස තහවුරු කරනු ! - තුසිත පතිරණ

නව තාක්ෂණික මෙවලම් භාවිතයට ඒමත් සමග යල් පැන ගිය අදහස් දැක්වීමේ නීතීන් වෙනස් නොවීම මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන නව ගැටළුවක් නිර්මාණය වී ඇත. මෙකී ගැන හැර දැක්වීම හුදෙක් ලාංකේය රාජ්‍ය සේවකයාගේ භාෂණමය නිදහසේ දුප්පත්කම පිළිබද ගෙන හැර දැක්වීම සදහාය.

මෙකී පූර්විකාව සදහා වන උදාහරණයන් රාශියක් පසුගිය කාලයේ මාධ්‍යෙයහි වාර්තා වූ අතර ආසන්නතමසිදුවීමක් පිළිබද පාඨක අවදානය යොමු කරන්නෙ නම් දිවුලපිටිය විද්‍යාලයක ගුරුවරයෙකු තම නිසග දක්ෂතාවය වන කාව්‍ය කරණය තම ෆේස් බුක් පිටුවෙහි තැබීම හේතුවෙන් ඔහුට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් පැවැත්වීමට නියම කොට තිබීමය. ඔහු පාසල් පරිපාලනය සම්බන්ධ වන තමාගේ විවේචනය කවියට නගා ෆෙස් බුක් සමාජ ජාලාවෙහි විවෘතව ප්‍රකාශ කළේය. අදාළ පළ කිරීම් පාසල් පරිපාලනයට සෘජු බලපෑමක් නොවුනත් එසේ වන්නේ යැයි වන පරිපාලනමය පැමිණිලි කිරිම වෙනුවෙන් මෙකි පරීක්ෂණය දියත් කිරීමට අමාත්‍යංශය කටයුතු කොට ඇත.

අදාළ සිදුවීමට ඌණ පූරණය වන තවත් සිදුවීමක් පාසල් ක්ෂේත්‍රෙයන්ම වාර්තා වූයේ පසුගිය වසර අග භාගයේදීය. එනම් කොළඹ විද්‍යාලයක ගුරුවරියක විසින් තමාට එරෙහිව පාසල් පරිපාලනය විසින් දියත් කරනු ලැබූ ගැරහුමකට එරෙහිව ඇය මාධ්‍යය වෙත අදහස් දැක්වීම අලලා ගොනු වූ නීතිමය තත්වයයි. එහිදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය විසින් ගුරුවරියගේ අයිතීන් පිළිගත් අතර පාසල් පරිපාලනයට ඇයට එවැනි චෝදනා ගොනු කිරිමක් සිදුකළ නොහැකි බවද දන්වා සිටියේය.

එසේම කොට්ටේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙහි සේවයේ නියුතු රාජ්‍ය සේවකයෙකු විසින් ඊට ආසන්නයේ ඇති රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් දක්වා තම ෆේස් බුක් පිටුවෙහි සටහනක් තැබීම හේතුවෙන් ඔහුට මේ වන විට පරීක්ෂණයක් දියත් වෙමින් පවතී. මේ හේතුවෙන් ඔහුගේ රැකියාව ස්ථීර කිරීමද ප්‍රමාද කිරීමට අදාළ සටහන බලපවත්වා ඇති අතර ඔහු විසින් සිදුකොට ඇත්තේ අදාළ දෙපාර්තමේන්තුවෙහි ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෙන්වාදීම පමණක් බවද සදහන්ව ඇත.

ඉහත උදාහරණයන්ට අමතරව මෙවැනි වාර්තා වීම් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුනු අතර මෙයින් කියා පාන්නේ රාජ්‍ය සේවයා තමට වන දුක් ගැහැට හා ජනතාව පීඩාවට පත්කිරීම තුෂ්ණීම්භුතව බලා සිටීමට බලකිරීමක්ද ?

බලධාරීන් විසින් අනේක විධ මහජන පීඩාවන් සිදුකරද්දී ඊට එරෙහිව ජනතාව නැගී සිටීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ට රාජ්‍ය තන්ත්‍රය හා ආයතන සම්බන්ධයෙන් වන දැනුම මදි කම හා අදාළ චෝදනාවන් කරන්නේ නම් තමන් ආ කටයුත්ත අදාල රාජ්‍ය ආයතනය මගින් සිදු කර ගැනීමට නොහැකි වන තත්වයක් උදාවීමත් හේතුවෙනි.

කිසියම් අයුරකින් මෙකී ගෙනහැර දැක්වීමට කිසිවෙකු විසින් පැහැදිලි කිරීමක් ලෙස ආයතන සංග්‍රහය නම් ශුද්ධ ග්‍රන්ථය දක්වා මෙකී ප්‍රශ්නයෙන් ලෙහෙසියෙන් පැන යා හැකි වුවත් පැවසිය යුතු මූලික කරුණක් වන්නේ ආයතන සංග්‍රහයන්ට එහා ගිය මිනිස් අයිතිවාසිකමක් රාජ්‍ය නිලධාරීන්ටද හිමිව තිබීම නිසාවෙනි.එනම් භාෂණයේ නිදහස කවර තරාතිරමක පුද්ගලයෙකුට මානව අයිතියක් ලෙස ලොව පිළිගෙන තිබීම ආයතන සංග්‍රහයන් දෙවැනි කොට සැලකීමට පදනම් වන බැවිනි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.