Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අපි හැමෝම එකට යුද්දේ දිනුවා ගොඩ යන්නේ එක්කෙනයි - මේජර් ජෙනරාල් ඒම්.එච්.එස්බී. පෙරේරා

අපි හැමෝම එකට යුද්දේ දිනුවා ගොඩ යන්නේ එක්කෙනයි - මේජර් ජෙනරාල් ඒම්.එච්.එස්බී. පෙරේරා

ලංකාව තුළ ක්‍රියාත්මක වූ ලෝකයේ දරුණුතම ත්‍රස්තසංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එක් එක් පාර්ශවයන් තමන්ගේ ගිණුම් තර කරගනිමින් සිටීම මහත් කනගාටුවකට කාරණයක් ලෙස දැක්විය හැකියි. එහෙත් සමස්ත හමුදාවේ අප්‍රතිහද ධෛර්යය හා කැපවීම මත සිදුවූ මෙම ජයග්‍රහණය එසේ එක් අයෙකුට හෝ නිළ ඇදුම් ලා ගත් කිහිප දෙනෙකුට ලඝු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බව පැවසිය යුතුයි.

යුද්දයට මූලකත්වය ගෙන කටයුතු කළපුද්ගලයින් ඔවුන්ගේ දේශපාලන උවමනාවන් විසින් මේ වනවිට ඔවුන් වටා ජනතාව එක්කර ගැනම සදහා මානව හිමිකම් චෝදනා උලුප්පා දක්වමින් එයම තම ගමන බවට පත්කොට ගැනීම අතිශය ඛේදනීය තත්වයක් ලෙස දැක්විය හැකියි.
යුද්දය සිදුකිරීමේදී එහි දේශපාලන නායකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව නොරහසක් වන නමු් එහි අනෙක් පාර්ශවයන් වන ත්‍රිවිධ හමුදාවේ ග්‍රාමීය එඩිතර තරුණයින් නොවන්නට මේ ජය ජයක් නොවන බවද සහතික ලෙසම කිව හැකියි.
මේ වන විට නොයෙක් හේතුන් දක්වන පිරිස් එවක බොහෝ සෙයින් මේ වැනි තත්වයන් සම්බන්ධයනේදැනුවත් නොවන්නට ඉඩ තිබිනි මේ වනවිටත් හමුදාවේ දත්ත සැපයුම ඉතා අක්‍රීය මට්ටමේ පැවැතියත් එවක යුද්ධයක් පැවැති රාමුවක වුව එය මනාව සිදුවූ බව පමණක් සැවසිය යුතුමයි .
කෙසේ නමුත් මෙකී සාර්ථකත්වයන් පිටු පස සිටි හමුදාව විවිධ සැලසුම් මත පදනම්ව දශක 3කට වඩා වැඩි තිබූ යුද්ධය පරාජපය කිරීම අතිශය වැදගත් වූත් භාර්යදූර්යයවූවක් බව පැවසිය යුතුමයි.
මෙකී ක්‍රියාන්විතයන් පහත පරිදි දැක්විය හැකි වන අතර මේ සියල්ලෙන් මතු කළ යුතු වන්නේ විවිධ රංගනයහි යෙදන යුධ ප්‍රචාරකවාදීන්ට වඩා යුද බිමෙහි සාමූහික ප්‍රයත්නයක අදාළ ජය තහවුරු කළ බවයි..

army-t
සියයට 20 හමුදා සැලැස්ම නිම කිරීට - මූලික සැලසුම් පාබල හමුදාව ප්‍රහාරක ඉලක්ක ,නාවුක හමුදාව මුහුදෙන් සිදුකළ යුද සැපයුම් නවතාලීම හා ගුවනින් අදාළ ඉලක්ක වෙත ගුවන් හමුදාවේ යොමුව දැක් විය හැකිවේ ..

එසේම පොලීසිය සිවිල් ආරක්ෂක අංශ හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා ද ඇතුලත්වේ .


මේ සියල්ලෙන් කිව යුතු වන්නේ යුද්ධය කිසිවෙකු හට තනි බුක්තියට යටත් කළ නොහැකි ජයග්‍රහණයක් වන අතර එය ජනතාවගේ ත්‍රිවිධ හමුදාවේ හා දේශපාලන අධිකාරියේ එකතුවක් මිස අනෙකක් නොවන බවයි. එබැවින් කිසිවෙකු තනි බුක්තියක් සදහා මෙය උපයොගී කොට ගැනීම පහත් කටයුත්තකි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.