Menu

logo new 2015-5-11

Shamrock-png

අකිල ටැබ් ගොන් පාර්ට් නවතනු ..! වහල හදා දෙනු ..!!

අකිල ටැබ් ගොන් පාර්ට් නවතනු ..! වහල හදා දෙනු ..!!

මේ ආණ්ඩුව බලයට පත්වන විට දරුවන්ට දිය හැකි හොදම පච ටික ඔලුවට දා ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කළේය. ලංකාවේ පාසල් පද්ධතියේ පවතින ප්‍රාථමික මට්ටමේ අඩුපාඩු ටිකවත් සම්පූර්ණ නොකොට එකී ළමුන් ඩිජිටල් යුගයකට ගෙනයාමට වන සිහින ළමුන්ගේ ඔලුවල තැන්පත් කළේය. එක්සත් ජාතික පක්ෂයට කඩේ යන වහලුන්ට මෙය අරුමෝසම් සිහින දනව්වක් වුවත් පොලොවේ පය ගසා සිටින මිනිසුන්ට මෙය නිකම්ම නිකම් හරුපයක් පමණක්ම විය. හිසට වහළක් නොමැති පාසල් දහස් ගණනක් ලංකාවේ ඇත. එම පාසල්වල පන්ති පවත්වන්නේ තවමත් ගස් යට වීම අකිල විරාජ්ගේ රෙදි වුනා දැමීමට වන එකම හේතුවක් වන්නට පුළුවන. එහෙත් එතැනින් නොනැවතී ගියහොත් වැසිකිලි නොමැති පාසල් සංඛ්‍යාව කිසිවෙකු විසින් අධ්‍යයනය කළහොත් එයද දහස ඉක්මවන බව පෙනෙනවා ඇත.

මෙකී අවම අඩුපාඩුකම් සහිත පාසල් සංඛ්‍යාව 55% වන අතර මෙවැනි තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහගේ සිහින පුරයේ දසුන නිරුවත් දසුනක් මිස රෙදි ඇදන් සිටිය නොහැකි දනව්වක් වන්නේය.

මේ මහත්වරුන්ට කොළඹ හතේ කියවීම අත් නොහරින තාක් කල් මෙකී අඩුපාඩුකම් පාසල් පද්ධතියේ දකිය නොහැකි වන අතර මෙයට පොළොන්නරුවේ උපන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද වගකිව යුතු වන්නේය.
ඔහු පාසලෙන් පාසලට ගොස් අලංකාරව සකසා ඇති වේදිකාවකට නැග දැයේ දරුවන් වෙනුවෙන් මහා ඝෝෂාවන් සිදුකරතත් වචනවල සතපවාලීම හැර ඔහු විසින් සිදුකරන වෙනත් කාර්යයක් නොවන්නේ කිසිදු පාසලකට ජාතික ප්‍රතිපත්තියකට අනුකූල වූ පහසුකම් සැලසීම සදහා වන මූලික පියවරක් හෝ නොගෙනීම විසිනි.

සංඛ්‍යා දත්තයන් ගෙන හැර දැක්විය හැකි වුවත් එකී ගෙන හැර දැක්වීම් අපරාදයක් වන්නේ පක්ෂයේ සංකේතය වූ අලියා බීර අලියෙක් වන බව ලංකා වාසී පාසල් සිසුන් මෙන්ම සරසවි සිසුන්ද දන්නා බැවිනි. එබැවින් මහනුවර වත්තේගම අධ්‍යාපන කොට්ඨාසයේ ගුන්නෑපාන සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් ගේ ඔලුව මතට ගොඩනැගිල්ලේ වහළය කඩා වැටීමේ පටන් ඉස්කෝලේ සිසුවෙකුට හෝ සිසුවියකට හුජ්ජ කර ගැනීමට ආවරණයක් හැදීම දක්වා වූ අනේක විධ මූලික අවශ්‍යතාවයන් පාසල් පද්ධතිය තුළ ඇති රටක ඩිජිටල් පාසල් නැමැති ගොන් ආතල් දීමෙන් වැළකී සිටින්නේ නම් එයම ප්‍රමාණවත් වන අතර එහිදී සිසුන් ද සිහින පුරයන්හි අතමං නොවී ඉන්නා විලස ගහක් ගලක් යට හෝ ඉගෙනීම කොට තම ඉලක්කයන් සපුරා ගන්නා බැවිනි.

මෙම සටහන අවසානයේ බලධාරීන්ට මෙකී පහසුකම් සලසන ලෙස ඉල්ලා නොසිටින්නේ… ඔවුන්ට කිසිසේත්ම එවැනි අවශ්‍යතාවයක් නොමැති බැවිනි. එබැවින් අවසන් වශයෙන් ඉල්ලා සිටිනුයේ පාසල් දරුවන් නාමයෙන් ගොන් පාර්ට් කෙළිමෙන් වළකින ලෙස පමණි.
තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.