Menu

logo new 2015-5-11

Shamrock-png

දිළිදු බවට පිළිතුරු සොයා කසිප්පු වෙළදාමට ගොස් බැට කන මිනිස්සු

දිළිදු බවට පිළිතුරු සොයා කසිප්පු වෙළදාමට ගොස් බැට කන මිනිස්සු

ලාංකේය සමාජය තුළ කසිප්පු ව්යා්පාරය මුල් බැස ගන්නේ දිළිදු පවුල් අරමුණු කරගෙනය . එකී මත් පැන් විශේෂය හුදෙක් මධ්යසම හෝ ධනවත් පවුල් පානය කරන්නක් නොවන අතර එම ව්යාඅපාරයේ මුල් බැස ගනිම්ද සිදුවන්නේ එබැවින් එවැනි දිළිදු පවුල් වැඩි වශයෙන් වාසය කරනු ලබන බිම් ප්රඅ දේශයකය.
කසිප්පු ව්යාැපාරය පවත්වාගෙන යාම සදහා මුල් වන ධනවත් පවුල් අදාළ ව්යාණපාරය සදහා මුදල් යොදවන අතර එය සිදුවන්නේ අදාළ පන්තිය මෙකී ව්යාාපාරයෙන් අදායම් ඉපයීම සදහා මිස වෙනත් අරමුණකින් නොවන බව ගෙන හැර දැක්වියහැකි කරුණු කාරණ ද ඇතුලත්වය.


දිළිදු පවුල් ඉලක්ක කොටගෙන සිදුවන මෙම මත්පැන් ව්යා පාරය, වෙළදාම සිදුකරන පවුලේ සිට එය පානය කරන පුද්ගලයින් දක්වා වන සමස්තයටම අදාළ වන්නේය.
බොහෝ දිළිදු පවුල් කසිප්පු වෙළදාම සදහා නැඹුරු වන්නේ කුමක් අරමුණු කරගෙනද යන්න පිළිබද සිදුකරන ලද සමීක්ෂණයේදී නාගරික මෙන්ම ග්රා මීය පවුල් කිහිපයකින් ලබාගැනීමට හැකිවූ කරුණු සමානය.
නාගරික දිළිදු පවුල් මේ සදහා නැඹුරු වීමට හේතු සාධකයන් විමසීමේදී පෙනී ගියකරුණක් වූයේ දිළිදු බව නිසාම පහසුවෙන් මුදල් ඉපයීමට හැකියාව හා ඊට අදාළ කරන වාස්තවික තත්වයන් සපුරා ගැනීමට වන හැකියාව හේතුවෙන් දිළිදුකමින් මිදීමේ එකම මාර්ගය කසිප්පු විකිනීම හැර වෙනත් මාර්ගයක් නොවන තැනට ඔවුන්ගේ මනස ගොඩනැගී තිබුනු නිසාවෙනි.
කොළඹ නගරයේ රාජගිරිය ඔබේසේකරපුර ප්රි දේශයෙන් හමුවූ දිළිදු පවුලක් මෙකී ව්යාාපාරය කරගෙන යනු ලබන්නේ නිවසේ කාන්තාව විසිනි. ඇයට මෙම ව්යාුපාරයේ නිරත විමට සිදුව ඇත්තේ තම සැමියා කස්පිපු වෙළදාම සිදුකරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින නිසාවෙනි. වෙනත් හේතුන්ද අදාළ සිරගත කිරීමට හේතු වුවත් මූලිකව ඇගේ සැමියා සිය පවුල නඩත්තු කිරිමේ ජීවනෝපාය කරගෙන පැවැතියේ කසිප්පු වෙළදාම් කිරිමෙනි.
ඔහු සිරගත වීමෙන් අනතුරුව පවුල නඩත්තු කිරීම සදහා ඔහුගේ බිරිදට වෙනත් මාර්ගයක් නොවූයෙන් සැමියාගේ ව්යාෙපාරයම කරගෙන යාමට අවශ්යද වන සියලු තත්වයන් පවුලේ පරිසරය විසින් හා සාමාජීය පරිසරය විසින් ගොඩනැගී තිබිනි.
ඔබේසේකර පුර යනු නාගරික දිළිදු පවුල් ගණනාවක් වාසය කරන ප්ර දේශයක් වන නිසාම එදිනෙදා කුලී වැඩ කම්කරු සේවය හා ගෘහ කර්මාන්ත යන්න ජීවනෝපාය කරගෙන ජීවත්වන පවුල්වලින් හෙබි පිරිසක් ජීවත් වන ප්රක දේශයකි.
මේ නිසාම අපගේ මාතෘකාවට අදාළ පවුලට මෙවැනි ජීවනෝපායන් සහිත වූවන් සවස් කාලයෙහි කසිප්පු වෙළදාමේ පාරිභෝගිකයන් බවට පත්ව ඇත්තේ දිගු කලක පටන්ය.
සුනිල් (අන්වර්ත නාමයකි. ) සිරගත විමෙන් පසු කමලා (අන්වර්ත නාමයකි. ) විසින් තම දරු දෙදෙනා ජීවත් කරවීම හා ඔවුන්ගේ පාසල් ගමන පවත්වාගෙන යාම සදහා කසිප්පු වෙළදාමෙහි නිරත වන්නීය.
ඇයට මේ සදහා දරුවන් දෙදෙනා උදව් වන අතර දරුවන්ගෙන් පිරිමි දරුවා පාසලේ 7 වසරෙහිද අනෙක් වැඩිමහල් දියණිය පාසලේ 9 ශ්රේුණියේද අධ්යා පනය හදාරන්නේය. පිරිමි දරුවා මේ වන විටත් අදාළ සමාජ ජීවිතයට හුරව ඇති අතර පියා නොමැතිව සිදුකරගෙන යන කසිප්පු වෙළදාමට පහසුකම් සපයන්නා ඔහුය.
ඉතා දුෂ්කරතා විද දරාගෙන ඔහු තමාට පේන මානයේ ඇති ජීවත්වීමට සල්ලි සොයන එකම මාර්ගයැයි දෙමව්පියන් විසින් හදුන්වා දි ඇති මෙම වෙළදාම උදව් කරනු ලබන අතර උදෑසන නිවසට නුදුරු කැලෑ බද වගුරු බිමකින් සපයන කසිප්පු ගැලුම උදෑසනම ගෙනැවිත් දෙන්නේ ඔහුය. අනතුරුව නිවසේදී දියණිය විසින් අම්මාට උදව් කරන අතර මේවා දිවා කාලයේදී අලෙවි වන්නේ සුළු ප්රුමාණයෙන් වුවත් සැන්දෑ කාලය වන විට නිවස වෙත පිරිස් ගලාගෙන එනු ලබයි.
අදාළ ව්යාසපාරයේ ස්වභාවය වන්නේ සුනිල් විසින් හුරු කරගත් පිරිස් සදහා පමණක් කසිප්පු අලෙවි කරන අතර සෙසු අයට අලෙවි වන්නේ නම් මෙතෙක් ආ පිරිස සමග පැමිණෙන මිතුරෙකු ලෙස පැමිණෙන්නෙකුට පමණි.
සියලු ලබාදීම් සිදුවන්නේ ෂොපිං උරයක ගැට ගසා වනඅතර එහි ප්රෙමාණයන්ද කල් තියා සකස් කරගත් ඒවා වේ. ඒ සදහා සිය දියණියගේද උපකාරිත්වය අකමැතිතෙන් වුව ගැනීමට කමලා උත්සුක වී ඇත්තේ ජීවනෝපාය නොමැති නම් ඇයටද පිහිටක් වීමට නොහැකි බව දක්වමිනි. මේ නිසා වැඩිමහල් දියණිය අකමැත්තෙන් වුව මේ සදහා දායකත්වය උදෑසනම සපයාදී පාසල වෙත යයි.
මේ කුටුම්බය තුළ ජීවිතය මෙසේ වුවත් අවට පිරිස් මොවුන් වෙත දක්වන සමාජ නැඹුරුව අපගේ නිරික්ෂණයට භාජනය කිරිමට ගත් උත්සාහයේදී බොහෝ දෙනෙක් එය ප්රොතික්ෂේප කළ අතර එක් අයෙකු පමණක් එම පවුලේ අගහිග තාවයන් හා දුක් ගැහැට ගැන කීමට උත්සුක විය. ඔහු සදහන් කොට සිටියේ ගමේ කිසිවෙකු මේ පවුල සමග ආශ්රාය කිරිමට කැමති නැති බවත් සිය දරුවන්ද මේ පවුලේ දරුවන් සමග කෙළි සෙල්ලමට පවා යැවීමට කිසිවෙකු කැමැති නැති බවත්ය.
එසේම පිරිමි දරුවාට හා ගැහැණු දරුවාට පාසලේදී අනේක විද අපවාදයන්ට ලක්වීමට සිදුව ඇති බව කමලා විසින් අප වෙත කියා සිටි අතර ඔවුන් ඒවා පළමු දෙවැනි දිනයන්හිදී දැඩි සේ කෝප ගැන්වීමෙන් තමන්ට දෝෂෘරෝපණය කර සිටියත් පසුව එය අවබෝධ කොට ගත්තේ ජීවත් වීම සදහා අන් යමක් කිරීමට නොහැකි බව පසක් වීමත් සමගය.
කෙසේ නමුත් ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීම සදහා වන වෙනත් කිසිවෙකුගේ හව් හරණක් නොමැති නිසාවෙන් අදාළ වෘත්තිය තෝරාගැනීමට සිදුවූ බව කමලා කිහිප විටක අප සමග සදහන් කොට සිටියේය.
මෙය නාගරික දිළිදු තත්වයෙහිලා පවුලක තොරතුරු වන අතර මීට සමාන තත්වයක් නිරික්ෂණය වූයේ කුරුණෑගල මැල්සිරිපුර ප්රහ දේශය අලලා සිදුකළ කසිප්පු ව්යායපාරයේ තොරතුරු නිරික්ෂණය කිරීම තුළිනි.
නිරික්ෂණය කිරීම සදහා වූ ප්රු දේශයට අප යනවිටත් එහි ඊට පෙර දින නිවැසි කාන්තාව විසින් අලෙවි කර තිබූ බවට සැක කෙරෙන හිස් වූ කසිප්පු බෑගයන් කිහිපයක් ඇයගේ ගෙවත්තට ඇතුළු වන වට පිටාවේ දැකිය හැකි වූ අතර එහින් ගම්ය් මාන වූයේ කිසිදු බයක් නොමැතිව අදාළ ව්යා පාරය කාන්තාව විසින් සිදුකර ගෙන යනා ලබන බවයි.
පෙර නාගරික වෙළදාමේ මෙන්ම මෙම පවුලේ ද අදාල ව්යාුපාරය සිය සැමියා විසින් කරගෙන ගොස් තිබූ අතර ඔහු මෙම ව්යා පාරය හා තවත් සමාජ විරෝධී ක්රියයාවන් රැසකට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
ඉන් අනතුරුව අදාළ ව්යාෙපාරය කරගෙන යාමට නිවැසි කාන්තාව සිදුව තිබූ අතර ඇයට වැඩිමහලු පුතනුවෙකු සිටින අතර ඔහු නුවර ප්රම දේශයේ පාසලක අධ්යාැපනය සදහා පිටත් කොට යවා තිබිනි. පුතනුවන්ට අවශ්යත අධ්යා පන අවශ්යමතා හා අනෙකුත් වියදම් දැරීම සදහා අදාළ කාන්තාව විසින් කසිප්පු වෙළදාම සිදුකරගෙන ගිය අතර ඇය මීට අමතරව තවත් කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමක්ද සිදුකරගෙන යනු ලබන්නිය. එහෙත් ඉන් ලැබෙන ආදාය පවුලේ නඩත්තුව හා පුතනුවන්ගේ අධ්යාරපනය සදහා මදි වූ බැවින් ඇය විසින් මෙකි ව්යානපාරයද සිය සැමියා විසින් පවත්වාගෙන යාම එකී අඩුව පුරවාලීම සදහා උදව්වක් විය .
කාන්තාව විසින් අදාළ ව්යායපාරය කරගෙන යනු ලැබූවේ ද පැකට් කර විකිනී ම තුළින ඒ අනුව මෙම කසිප්පු බෝතල් භාගයක් පමණ වූ සිලි මල්ලක, විකුණුම් මිල රුපියල් 150 ක් වෙයි. සාමාන්යපයෙන් එම ප්රයදේශයේ, කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 කි. ගෙදර නඩත්තුව සඳහා ඔවුන් අඩුම තරමේ රුපියල් 800 ක් වත් ගෙදරට දිය යුතුයි. තමනට ඉතිරි කර ගන්නා රුපියල් 200 න්, රුපියල් 150 ක් දී, කසිප්පු මල්ලක් මිලදී ගන්නා ගම් වැසියන්, ඉතිරි රුපියල් 50 න් බීඩී මිටියක් මිලදී ගෙන, කසිප්පු ටික පාර අයිනේ වත්තක සිට පානය කරති. අවසානයේ අතුරුපසක් ලෙස, බොහෝ විට කසිප්පු බීමෙන් ඇති වන අමිරස නැති කර ගැනිමට, ඔවූහු වරින් වර පොල් ගස් වලින් අකාලේ බිමට වැටුණු, කුඩා කුරුම්බා ඇට්ටියක, නැට්ට ගැලවුන තැන හපන්නට පුරුදුව සිටිති.
මෙම සංසිද්ධිය ඉතාමත් කනගාටුදායක වන්නේ, මෙයින් ඇතිවන ඉතා අයහපත් ප්‍රතිපල නිසාවෙනි. ඉන් ප්ර ධානතම කාරණය, මෙම විකිනෙන කසිප්පු කිසියම්ම ප්රපමිතියකට හෝ තත්ව පාලනයකට, යටත්ව නොතිබිමයි. මෙලෙස කිසියම්ම ප්රමමිතියකට යටත් නොකර නිපදවෙන කසිප්පු පානය කිරිමෙන්, පානය කරන්නන්ට සිදුචන සෞඛ්යලය බලපෑම කොතරම් දැයි විශේෂ‍යෙන් සදහන් කල යුතු නැත
කෙසේ වුවත් මෙවැනි තත්වයක් අභිමුවෙහි වුව ගෙහිමි කාන්තාව විසින් අදාළ ව්යාහපාරය කරගෙන යාමට උත්සුක වී ඇති අතර ඇය දිළිදු බවට ප්ර තිර්මයක් ලෙස තම සැමියාගෙන් උරුම වූ අදාළ ව්යා්පාරය අවට ගම් මෙන්ම තම ග්රා මයෙහි කම්කරුවන්ගේ අවශ්යතතාවයන් සලකා සිදුකරගෙන යාමට උත්සාහයක් ගෙන තිබිනි
ඉහත කී නිරීක්ෂණ දෙක මගින් සනාථ වන එකම කරුක් ඇත. එනම් බොහෝ පිරිස් දිළිදුකම දුර කර ගැනීම සදහා ඉතා ලෙහෙසි මාර්ගයක් ලෙස කසිප්පු ව්යානපාරයෙහි නිරත වන බවත් එයින් ඇති වන සමාජ දැක්ම කිසිසේත්ම සැලකිල්ලට ගෙන නොතිබීමත්ය.
මෙවැනි තත්වයන් මැඩ පැවැත්වීම සදහා මත්ද්රමව්යි නිවාරණ ඒකකයන් විසින් අනුගමයක කරනු ලබන ක්රිදයා පිලිවෙත කුමක් වුවත් මෙකී පවුල් දිලිදු බවින් මුදවාලීම සදහා වන වැඩපිලිවෙලක් සකස් නොකිරිම අද දවසේ ඇති දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇත.

තුසිත පතිරණ
( දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් පිරිනමන මාධ්‍ය අධිශිෂ්‍යත්වය සදහා සැකසූ නිබන්ධනයකි )

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.