Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අපේ අයගේ ලොරි කතා හා මෝදිගේ ලංකා කැක්කුම - තුසිත පතිරණ

අපේ අයගේ ලොරි කතා හා මෝදිගේ ලංකා කැක්කුම - තුසිත පතිරණ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 11 වන දින ලංකාවට ගොඩ බැස්සේය. ඒ එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් බවට පත්කොට සමරණ වෙසක් උත්සවයක් සදහා ඔහුට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීම හේතුවෙනි. මෝදි ඉන්දීය අගමැතිවීම හා බුදු රදුන් ඉන්දියාවේ උපන්නෙකු බැවින් ලංකාවට සමීප විම හේතුවෙන් ඔහුට මෙකී ආරාධනාවක සිදුකරනු ලැබිණි. එහෙත් ඔහු ලංකාවට පැමිණීමට පෙර සිටම යම් යම් කසු කුසු ඇති වූයේ මෝදි පැමිණ වෙළද ගිවිසුම් හා ලංකාවට අතපේවිම සදහා වූ ගිවිසුම් අත්සන් තැබිම් සිදුකරනු ලබන්නේය යනුවෙනි. එහෙත් බොහෝ දෙනාට පෙනෙන ලෙස ඒවා සිදුවූයේ නැත. මෝදි නිළ වෙසක් උත්සවය අමතා කතාවක් කළේය. එහිදී ඔහු බුදු දහම හා ලංකා ඉතිහාසය මෙන්ම ලංකාව හා ඉන්දියාව අතර වූ බෞද්ධ ඉතිහාසය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබතැයි බොහෝ දෙනා විශ්වාස කළේය . එහෙත් ඔහු වෙසක් දින නිළ උත්සවයේ දී සිදුකළ කතාව ආගමික මුහුණුවරට වඩා දෙරට අතර ආර්ථික සහජීවනය පිළිබද කතාවක් වූ බව පමණක් සිහිපත් කළ යුතුව ඇත.

ලංකාවේ ආර්ථිකය හා ලංකාවේ ආයෝජනයක් සම්බන්ධයෙන් ඔහු එහිදී කතා කළ අතර එරට ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් වන ලංකාවේ වන්දනාකරුවන්ට සහන ලබාදීමට ඔහු කටයුතු කරනු ලබන බව පැවසු අතර එය උදෙක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුනු නායකයෙකු විසින් සිදුකරනු ලද ප්‍රකාශයක් බවට ඇදගතහොත් එය මුලාවක් වන්නේය. ඔහුගේ ප්‍රකාශයන්හි පැවැතියේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ලබාදීමට රනිල් වික්‍රමසිංහ විසින් ඔහු පැමිනීමට පෙර ඉන්දියාවට ගොස් අත්සන් කරනු ලැබූ ගිවිසුම් පිළිබද ස්තුති කතාවක් ලෙස අර්ත දැක්වුහොත් එය ගැලපෙන්නේය.

එසේම ඔහු නෝර්වුඩ් ප්‍රදේශයේ ඉදිකළ රෝහලක් විවෘත කිරීමට ගොස් ඔහු ඉන්දීය සම්භවයක් සහිත දමිල ජනතාව අමතා කතා කළේය. එහිදී මෝදි විසින් තවදුරටත් ලංකාවේ තම අණසක පවත්වාගෙන යන අයුරු මැනවින් විස්තර කළේය. ඉන්දියාවේ අන්ත දුගී ගෙයක් දොරක් නැති කාඩ් බෝඩ් කෑල්ලක් සහනක් බවට පත්කොට සීතලේ හෝ දැඩි උණුසුමින් පීඩා විදින ජනතාවක් සිටියදි ඔහු ලංකාවේ වතුකරයේ ජනතාව පිළිබද ඇති වූ හද දැවෙන නිවාස ප්‍රශ්නය ගැන කතා කොට ලංකාවේ වතුකරයේ ජනතාව සදහා නිවාස 10000 ක් ඉදිකිරිමට කටයුතු කරන බව පැවසීය.
එසේම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක ලෙඩක් දුකක් හැදුනු පුද්ගලයෙකු රෝහලක් වෙත ගෙනයාම සදහා නිසි ප්‍රවාහන පහසුකම් නොමැති කමින් පීඩා විදින (ඔබ මේ පිළිබද පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය වූ සිදුවීමක් මතකයට නගා ගත යුතුව ඇත. එනම් සැමියෙකු විසින් තම බිරිද රෝහලක් වෙත ගෙනයාම සදහා පහසුකම් නොමැති කමින් මහ මගදි මිය යාමෙන් අනතුරුව ඇය පැදුරක ඔතා ඔසවාගෙන සැතපුම් ගණනාවක් පයින් ගෙන ගිය අපූරු පුවතයි) ජනතාව අමතක කොට ලංකාවේ බස්නාහිර පළාතට යොදවා ඇති නොමිලයේ සේවා සපයන ඉන්දීය ගිලන් රථ සේවය දිවයිනේ සියලු පලාත් වෙත යොදවන බවට ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.
මෙකී ප්‍රකාශයන් හා මෝදිගේ ලංකා ගමනය පිළිබද රටේ නායක කාරකාදින් මොනවා පැවසුවත් සිදුවෙමින් පවතින දේ ඇස් කන් නාස් ඇති ජනතාවට නොරහසකි.

අශෝක රජු දිග් විජය ප්‍රතිපත්තිය ධර්මය සමග මුසුකොට ගලපාලීම බෞද්ධයන් වන ලංකාවාසීන්ට දායාදයක් වූවා සේම ඒ සමග පැමිණි කර්මාන්තයන් මගින් ලංකාවේ එතෙක් පැවැති කර්මාන්ත සුනුවිසුනුකොට දමා ඉන්දීය අණසකට එවක ලංකා පාලකයන් යටපත්කොට ගත්තේ යම් සේද මෙ දවස ධර්මය උලුප්පා අපේ රටේ නායකයන් විසින් මෝදි ගෙන්වා සිදුකළේද එයම වන බව පසක් වීමට තව කලක් ගතවන බව සිහියේ තබාගත යුතුමය.

වෙසක් උත්සවය අවසන්ය. එහෙත් මෝදි වෙසක් වෙනුවෙන් ගෙනා පණිවුඩය අවසන් නොවන ඉන්දීය ආර්ථිකය ලංකාව මත පටවන අඩිතාලමක් විනා අන් යමක් නොවන බව පමණක් සිහි එළවා ගත යුතුමය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.