Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

නායයාම් අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගන්න Featured

නායයාම් අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගන්න

 නායයාම් වැනි ස්භාවික උපද්‍රවයක් ඇති කිරීමට බලපාන ප්‍රධාන සාධකයන් වන්නේ අධික වර්ෂාව, භූ විද්‍යාත්මක විෂමතා, වන විනාශය හා සැලසුම් සහගත නොවූ ඉඩම් පරිහරණ රටාවන් ය. බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර හා මාතලේ යන  දිස්ත්‍රික් නායයාම් අධික ලෙස සිදුවන දිස්ත්‍රික්කයන් ය. නායයාම් පිළිබඳව නිල පූර්ව අනාවැකි ප්‍රකාශ කිරීමට බලය ලත් ආයතනය වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයි.

 

නායයෑමක් සිදුවන්නේ කෙසේද?

 

නායයාමක් සිදුවීමට බලපාන කරුණු ප‍්‍රධාන වශයෙන් ස්වභාවික හේතු සහ මිනිස් කි‍්‍රයාකාරකම් යනුවෙන් ප‍්‍රධාන කොටස්

දෙකකට බෙදා දැක්විය හැකිය.

 

ස්වභාවික හේතුනායයාමකට හේතුවන ස්වභාවික හේතූන් අතර වර්ෂාව භූමිකම්පා සහ ජලාශවල කි‍්‍රයාකාරිත්වය ප‍්‍රධාන තැනක් ගනී. නමුත් ශී‍්‍ර ලංකාව වැනි රටවල භූමිකම්පා හේතුවෙන් සිදුවන නායයාම් ඉතාමත් අල්පය. මෙරට බොහෝ නායයාම් සිදුවීමට වර්ෂාව වැඩි වශයෙන් බලපා තිබේ.සාමාන්‍යයෙන් පොළොවේ පස් අංශු ඝර්ෂණයෙන් එකට බැඳී පවතී. පස් සහ පාෂාණ වලින් නිර්මාණය වූ කන්දක් ස්ථාවරව පැවතීමට මෙම බැඳීම් හේතුවයි.


 නායයාම් අවස්ථාවකදී ඔබ කළ යුතු දේ


නාය යාමකට පෙර (සුන්බුන් ප්‍රවාහයකට පෙර)

  • බෑවුම්, කඳු මායිම් හෝ ජලාප්‍රවාහන මාර්ග ආසන්නයේ නිවාස / ගොඩනැගිලි ඉදි කිරීමෙන් වළකින්න.
  • ඔබ ප්‍රදේශයේ නායයාම් පිළිබඳ තොරතුරු සොයාගන්න. එසේම නායයාම් වලට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව නිශ්චිත තොරතුරු එක් රැස් කොට ඔබේ ඉඩම / ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවරයන් අනුගමනය කරන්න.


ගෘහස්ථ උපද්‍රවයන් අවම කර ගැනීම සඳහා

  • බෑවුම් සහිත බිම් වල වගාවන් ස්ථාපිත කිරීම හා ආරක්ෂිත තාප්ප ඉදි කිරීම හා මඩ ප්‍රවාහයන් ඇති විය හැකි ප්‍රදේශයක නම් කාණු හෝ එම ප්‍රවාහය වෙනත් පැත්තකට හැරවීමට ශක්තිය ඇති බැමි / තාප්ප ගොඩනැගිල්ල වටා ඉදි කිරීම කළ හැකිය.


නායයාම් අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගන්න

ඔබ ජීවත් වන්නේ නිතර නායයාම්වලට ලක්වන ප්‍රදේශයක නම්, තද වැසි සමයන්හිදී විශේෂයෙන් විමසිල්ලෙන් පසුවන්න.

වැසි ජලය ගලා යන ප්‍රදේශවල භූමියේ ඇති වන වෙනස්වීම්, බෑවුම් මතුපිට ඇති වන වෙනස්වීම්, භූමිචලනයන්, කුඩා නායයාම්, පැත්තකට ඇල වී ඇති වෘක්ෂයන්

ප්‍රථම වතාවට දොර ජනෙල් වේගයෙන් වැසේ.

කපරාරුවේ, ගඩොල් උළු හෝ අත්තිවාරම මත අළුත් පැලීම් මතු වේ.

පිටත බිත්ති හෝ තරප්පු පේලි ගොඩනැගිල්ලෙන් ඉවත් වන අයුරු දක්නට ලැබේ.

පොළවේ හා වීථි හා මංමාවත් වැනි පැහැදිලිව පෙනෙන පෘෂ්ඨයන් මත පුලුල් වන පැලීම් මතු වේ.

බෑවුම් පාදවල ඉලිප්පුනු ස්ථාන දක්නට ලැබේ.

භූමිය මතුපිට යම් යම් ස්ථානවලින් ජලය මතුවන්නට පටන් ගනී.

වැටවල්, තාප්ප, කණු හා ගස් චලනය වීම හෝ ඇලවීම දක්නට ලැබේ.

වාහනයක් ධාවනය කරන අතරතුර කඩාවැටුනු පදික වේදිකා, මඩ, කඩා වැටුනු පස් හා වෙනත් සුන්බුන් ප්‍රවාහනයන්ගේ ලක්ෂණ දක්නට ලැබේ. (මඟ දෙපස ඇති ස්ථාන නායයාම් වලට ලක්වීමට ඇති ඉඩකඩ සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.)


නායයාම් හෝ සුන්බුන් ප්‍රවාහයක් අවස්ථාවකදී ඔබ කළ යුතු දේ :

  • නිරන්තරයෙන් අවදියෙන් සිටින්න. ආරක්ෂිත ස්ථානයක් කරා යන්න.
  • ඔබ ඇළක්, ගඟක්  හෝ වෙනත් යම් ප්‍රවාහයක් අසල සිටී නම්, හදිසි ජල මට්ටම් ඉහළ හෝ පහළ යාම් හා පැහැදිලි ජලය මඩ පැහැයට හැරීම පිළිබඳව විමසිල්ලෙන් පසුවන්න. එවන් ලක්ෂණයන් ඉහළ ප්‍රදේශයේ නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් විය හැකි බැවින් ඒ සඳහා සූදානම් වන්න. අප්‍රමාදව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳව යුහුසුළු වන්න. (බඩු භාණ්ඩ නොව)

Source - http://www.disastermin.gov.lk/web/index.php?option=com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.