Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මේ ආණ්ඩුව වගේ තවත් ආණ්ඩුවක් නැත

මේ ආණ්ඩුව වගේ තවත් ආණ්ඩුවක් නැත

විවාහ ජීවිතයේ අවුල් ඇති වූ විට විවාහ සංවත්සර ද අමතක වී යයි. ගෙවී ගිය සතිය ද ඒ හා සමානම සතියක් විය. ජාතික ආණ්ඩුව පත් වී දෙවැනි සංවත්සරවය පසුගිය බ‍්‍රහස්පතින්දාට යෙදී තිබිණි. ජාතික ආණ්ඩුවට බලයට පත්වූයේ 2015 වසරේ අගෝස්තු 17 වැනිදාය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතාගේ මතභේදාත්මක ඉල්ලා අස්වීමත් ඒ නිසාම ඇති වූ වේදනාවත් නිසා ජාතික ආණ්ඩුවේ පිහිටුවා වසර දෙකක් ගතවීමේ සංවත්සරය කාටත් නොදැනීම ගෙවී ගියේ සංවත්සරයක් ද නොමැතිවය.

යමකුට එම මතකය අවදි කිරීමට අවශ්‍ය නම්, එය ශ්‍රී ලංකා දේශපාලනයේ ප‍්‍රති මල්ලවයන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකිනෙකට ගිවිසුම් ගත වීමය. එය පශ්චාත් නිදහස් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොවූවකි. එය හරියට ලංකාව වගේ නෑ වගේ හා සමානය. මේ ආණ්ඩුව වගේ තවත් ආණ්ඩුවක් නැත.

පක්ෂ දෙක එක්ව ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව සැකසෙන්නේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා පක්ෂයෙන් ඉවත්ව ජනාධිපති සටනට එළැඹීමත් සමඟය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ සහාය ද ඇතිව බලවත් සහ ශක්තිමත් මහින්ද රාජපක්ෂ සමඟ කරට කර සටනට එළැඹෙන්නේය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2015 වසරේ පැවැති ජනාධිපතිවරයෙන් ජය ලැබීය. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර ඡන්ද හිමවීම ඔහුගේ ජයග‍්‍රහණයට ප‍්‍රධාන වශයෙන් හේතුවිය. එසේ නොවුණා නම් මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණි.

බලයත් ස්ථානයත් සමඟ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්විය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිධුරයේ දිවුරුම් දී, එම ලියවිල්ලේ තීන්ත වියළී යෑමටත් පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය. එම දිවුරුම් දීම් දෙක එතරම් වේගයෙන් සිදුවූයේ වයස්ගත හා ප‍්‍රවීණ දේශපාලකයකු වු දිමු ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ පළමු කාර්යය බවට පත් කරමිනි.

ඉන් අනතුරුව සුළුතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවා ගත් අතර එම වසරේ අගෝස්තු මාසයේදීම මහ මැතිවරණය ද පැවැත්විණි. පක්ෂයේ බහුතරයක් එම අවස්ථාවේදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වීම නිසා මැතිවරණයේදී සිරිසේන ජනාධිපතිවරයා අසීරු අඩියකට පත්විය. ඒ හේතුවෙන්ම සිරිසේන ජනාධිපතිවරයාට ජාතිය ඇමැතීමටත් රාජපක්ෂ මහතාට බැණ වැදීමටත් ඔහු හා තමා අතරේ සම්බන්ධයක් නැතැයි කීමටත් සිදුවිය. එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයෙන් ජය ලැබුවද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් නොකරන බව කීමට ද ඔහුට සිදුවිය.

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි බහුතරයක් අත්පත් කරගැනීමට නොහැකි විය. එහි චෝදනාවට ඔවුන්ටම එල්ල කරගැනීමට සිදුවිය. මාස හතක් බලයේ සිටිමින් ඔවුන්ට සිදුවූයේ මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් සහ දුෂණ සම්බන්ධයෙන් චෝදනාවලට හා කටකතාවලට හේතුවක් වීම පමණි. මේ හේතු නිසා එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ ඡන්ද ප‍්‍රමාණය 300,000ක් යැයි ඇස්තමේන්තු කෙරිණි. එම ඡුන්ද ප‍්‍රමාණය ලබාගැනීමට හැකි වූවා නම් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් හිමි කරගැනීමට හැකියාව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමීපයට පැමිණියේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට ආසන හතක් අවශ්‍යව තිබූ එම මොහොතේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට අමාත්‍යධුර පිරිනමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකු සමඟ ‘ඞීල්’ දමා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව තිබිණි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ රෙජිමයට එක් වූ අය අමතක නොකළ යුතුය. අවසානයේදී වික‍්‍රමසිංහ සිරිසේන නායකයන් දෙදෙනාට ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අවශ්‍ය විය.

විධායක ජනාධිපතිධුරයේ බලතල අඩු කිරීම සඳහා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම, මැතිවරණ පැවැත්වීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීම සහ බලය බෙදීම නව ආණ්ඩුව පිහිටුවීම පිටුපස තිබූ ප‍්‍රධාන හේතු සාධක විය. ව්‍යවස්ථාවේ ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය කර තිබේ. මෙම ක‍්‍රමවේදය ළඟා කරගත හැක්කේ සමානුපාතික නියෝජන ක‍්‍රමයකින් සහ ප‍්‍රධාන පක්ෂ දෙක සාමූහිකව කටයුතු කිරීමෙන් පමණි. ඇත්ත වශයෙන්, විශිෂ්ට, පරමාදර්ශී අදහස්ය.

සෑම අවස්ථාවකදීම මෙන්ම, හොඳින් සැලැසුම් කරන ලද සැලැසුම් කඩාගෙන වැටෙන්නේය. සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාය, රාජ්‍යයේ නායකයාය, ආණ්ඩුවේ ප‍්‍රධානියාය, ති‍්‍රවිධ හමුදාවල සේනාධිනායකයාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. එහෙත් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අණට අකීකරුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් දෙනා තනතුරු දරමින් තමන් ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගනිති. කතානායක කරු ජයසූරිය මහතා ‘ඒකාබද්ධ විපක්ෂය’ පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් ලෙස හඳුනාගැනීම ප‍්‍රතික්ෂේප කර තිබියදී ද ඔවුහු ඒකාබද්ධය විපක්ෂය යැයි කියා සිටිමින් පාර්ලිමේන්තුව තුළ ද පෙනී සිටිති.

ඒකාබද්ධ විපක්ෂය සිරිසේන ජනාධිපතිවරයාට හිරිහැරයක් වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එසේ වී තිබේ. බොහෝ අවස්ථාවලදී ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ දැක්මට හා මෙහෙවරට විරුද්ධ වූහ. ඇතැම් අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ යමින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ද සිදු කළහ. එකතු කළ අගය මත බද්ද පැනවීම, හම්බන්තොට වරාය, මාලබේ සයිටම් විශ්වවිද්‍යාලය පමණක් නොව විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු එක්සත් ජාතික පක්ෂ මතයට පරස්පර මත දරති. පැහැදිලිවම පවුල් ආරවුල් ඇතිවෙමින් තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා ත්‍යාග ප‍්‍රදාන උත්සව ආදී උත්සවවලට සහභාගී වෙමින් නාමික ජනාධිපතිවරයකු ලෙසින් කටයුතු කරමින් ආණ්ඩුවේ කටයුතු තමන්ට කරගෙන යෑමට අවස්ථා දෙනු ඇතැයි වික‍්‍රමසිංහ අගමැතිවරයා අපේක්ෂා කළා නම් ඔහුට කනගාටු වීමට සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් එය එසේ නොවීය, සිරිසේන ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවලදී තීරණාත්මක ලෙස කටයුතු කළ අතර එය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකෝප කළේය. වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතම මිතුරන්ගෙන් කෙනකු වන මලික් සමරවික‍්‍රම මහතා සාමාජිකයකු වූ සී.ආර් ඇන්ඞ් එෆ්.සී රග්බි කණ්ඩායමේ 1976 සමයේ නායකත්වය දැරූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිධුරයට පත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පක්ෂයත් අතර මතභේද ඇති වූ සිදුවීම්වලට ප‍්‍රධාන උදාහරණය.

එම නිසා සිරිසේන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ කාර්ය කටු ඔටුන්නක් බවට පත්විය. මේ දක්වා ඉතිහාසයේදී, සියල්ල මධ්‍යයේ ඉරණම අනුව, පත් කළ හෝ ඡන්දයෙන් තේරී පත් වෙමින් හෝ ශ්‍රී ලංකාවේ වැඩිම වරක් අගමැතිධුරයට පත්වූ පුද්ගලයා බවට පත්වීමට වික‍්‍රමසිංහ මහතා සමත්ව තිබෙනවා පමණක් නොව, මෙතෙක් කිසිදු අවස්ථාවකදී රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස පත්ව නැතිවීම ද දෛවයේ සරදමකි. ඔහු සිවුවරක් අග‍්‍රාමාත්‍යධුරය දරා ඇති නමුත් නිදහස්ව ධුර කාලය අවසන් වනතෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඔහු අසමත් විය.

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ සුප‍්‍රකට ‘අවබෝධතා ගිවිසුමට’ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් කබීර් හෂීම් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දුමින්ද දිසානායක මහතා ද 2015 අගෝස්තු 21 වැනිදා අත්සන් තැබූහ. ඉන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය. ඒ මීට වසර දෙකකට පෙර සිදුවීම් මාලාවය. ඒ සාමාන්‍ය සිදුවීම් ටිකය. හෙට දිනය කෙසේ ගෙවී යාවි ද ?

කෙසේ නමුත් මීට වසරකට පෙර, 2016 ජූලි 21 වැනිදා කබීර් හෂීම් සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් එකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ‘අවබෝධතා ගිවිසුම’ ආණ්ඩුවේ වසර පහ අවසන් වන තෙක් පවත්වාගෙන යන බව පැවැසූහ. ‘‘එකට වැඩ කිරීමට අපට ලිඛිත ගිවිසුම් අවශ්‍ය නැහැ’’ යැයි දිසානායක මහතා එහිදි පවසා සිටියේ යෝජිත විවාහයට ඇති කැමැත්ත පෙන්වා දෙමිනි. ආදර සබඳතාවලින් ඇතිවන විවාහවලට වඩා වැඩි කාලයක් යෝජිත විවාහ පවතින බව එහිදි කබීර් හෂීම් මහතා මතක් කළේය.

අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම නීත්‍යානුකූලව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද කිසිවකු-ත් ප‍්‍රශ්න නොකරයි. ඒ අතර තිබෙන අනෙක් දෙයක් නම් පක්ෂ දෙක අතර ඔළු ගෙඩි මාරුවීම්ද නැවැති තිබේ. ඒ අතරවාරයේදී, මේ වසර අවසන් වන තෙක් තමන් සමඟ රැුඳී සිටින්නැයි ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ට නිල වශයෙන් දැනුම් දී තිබේ. රවි කරුණානායක හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ප‍්‍රකාශ වීමත් සමඟ නැවත සැඟවුණු අර්බුද කරළියට පැමිණියේය. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් රවී කරුණානායක මහතාට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු කියා සිටියහ.

ආණ්ඩුවේ නියමිත කාලයෙන් වසර දෙකක් ගෙවී ගොස් තිබෙන මොහොතක සහ තවත් වසර දෙකක් ගෙවී යෑමට නියමිතව තිබෙන මොහොතක තමන්ට තමන්ටත් පක්ෂයටත් තිබෙන අවස්ථා මොනවාදැයි වික‍්‍රමසිංහ අගමැතිවරයා සිතනවා වන්නට පුළුවනි. අනෙක් අතට මැතිවරණ පොරොන්දු ඉටු කිරීම, යහපාලනය ස්ථාපිත කිරීම, දුෂණය පිටු දැකීම සහ ව්‍යවස්ථා වෙනස් කිරීම සහ ඒ ඔස්සේ ජනාධිපතිවරයාගේ බලතල නිසි ලෙස බෙදී යෑමට පියවර ගැනීම එමෙන්ම දිගුකාලීනව පවතින සාමයක් වෙනුවෙන් බලය බෙදීම යන කරුණු ඉෂ්ඨ කිරීමට ද අගමැති වික‍්‍රමසිංහ මහතා බැඳී සිටියි. කෙටියෙන් කියතොත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීමට බැඳි සිටියි. ජනතාව ඔහු ගැන ඉදිරි තීන්දු තීරණ ගන්නේ මේ පොරොන්දු සලකා බලමිනි.

අනෙක් අතට එය වික‍්‍රමසිංහ මහතා දේශපාලන පැවැත්ම හා බැඳී පවතියි. පැහැදිලිවම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අමාත්‍යවරුන් හා මන්තී‍්‍රවරුන් එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් දීග කෑමට සූදානම් නැත. ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් අවශ්‍ය කර තිබේ. රාජපක්ෂ කෙනකු ලවා එය කරවාගැනීමට අවශ්‍ය නම් නියත වශයෙන්ම ඔවුන් එම මාර්ගය තෝරාගනු ඇත. ඔවුන් නවතාගෙන සිටින එකම බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ශවය පමණි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව පෙර දුන් පොරොන්දුව ප‍්‍රතික්ෂේප කිරීමට සිරිසේන ජනාධිපතිවරයා සූදානම් වන බවක් දැන් පැහැදිලිව පෙනී ගොස් තිබේ. මීළඟ ජනාධිපතිවරණයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වනුයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර හිතවාදී පිරිස දැන් දැන් නිරන්තරයෙන් ජනතාවට මතක් කරන්නට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් සිරිසේන ජනාධිපතිවරයා තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැත. විධායක ජනාධිපතිධුරය හැර අන් ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ නම්, සිරිසේන ජනාධිපතිවරයාගේ දුෂ්ඨයා ලෙසින් සැලකෙන මහින්ද රාජපක්ෂ මහතාට බලයට පැමිණීමට අවස්ථාවක් උදා වනු ඇත. එය තේරුම් ගැනීමට දේශපාලන විශේෂඥ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. එවැන්නක් සිදු වුවහොත්, වත්මන් ජනාධිපතිවරයාට සහාය දීම කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජයග‍්‍රහණය උදෙසා වෙහෙස වනු ඇත.

මෑතකදී තම පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම සැමරූ, නොකඩවා පාර්ලිමේන්තුවට පත්වූ, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එකම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වන රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ශේක්ෂ්පියර්ගේ නාට්‍ය සියල්ලේ එකතුව ගත්තත් ඊට වඩා පිහි ඇණුම්වලට මුහුණ දී තිබේ. එපමණක් නොව පසුගිය වසර දෙකේ අත්දැකීම් හමුවේද අගමැති වික‍්‍රමසිංහ මහතා නියතයෙන්ම කනස්සල්ලට පත්වා ඇතුවාට සැක නැත. එපමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයකු සමඟ කටයුතු කරමින් වෙනස්ම මතවාදයක් සහිත ශ්‍රී ලංකා නිදහස් මැති ඇමැතිවරුන් සමඟ කටයුතු කරන අතරවාරයේ ජනාධිපතිවරයාට ද පාලනය කර ගත නොහැකි මන්තී‍්‍රවරුන් පිරිසක් සමඟ කටයුතු කිරීමට සිදුවීම වික‍්‍රමසිංහ අගමැතිවරයාට ලද අත්දැකීම් ගොන්නේ සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

කෙසේ නමුත්, ඉදිරි වසර දෙකක කාලයේදී හැකි සියල්ලම කිරීමට නම් සහ අපේක්ෂා කළ පරිදි පසුගිය වසර දෙකේදී සාර්ථක නොවූයේ ඇයි ද යන්න බැලීමට නම්, වික‍්‍රමසිංහ අගමැතිවරයා කණ්ණාඩියක් ඉදිරියට ඔහුගේ මාමාණ්ඩිය සහ උපදේශකයා වූ ජේ.ආර් ජයවර්ධන මහතා තම සමුගැනීමේ අවස්ථාවේදී මහත්මා ගාන්ධි උපුටා දක්වමින් කොළඹ පරණ පාර්ලිමේන්තුවේදී කළ කතාව සිහිපත් කළ යුතුයි. ‘‘සෙවුම් ආලෝකය ඉදිරියට හරවන්න’’ යැයි ජයවර්ධන ජනාධිපතිවරයා කීය. ඔබ දකින ප‍්‍රතිබිම්බය කාලය අපතේ යෑමේ අලස බවේ ප‍්‍රතිබිම්බයයි. එවිට තමන්ගේම කැබිනට් මණ්ඩලයේ අවංකබව කැබිනට් අමාත්‍යවරුන්ම ප‍්‍රශ්න කරනු ඇත. එය ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි නොසතුටට හේතු වනු ඇත. .

දේශපාලනයේදී ඉතිහාසය නැවත නැවත සිදුවෙයි. ඉතිහාසයේ අඳුරු තැන ගැන හොඳින් දන්නා වික‍්‍රමසිංහ අගමැතිවරයාට මේ සියල්ල ගැන මනා අවබෝධ්‍යක් තිබේ. වසර 1977 පැවැති මහ මැතිවරණය ගැන සිහිපත් කිරීමට වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාවක් තිබේ නම් එම අවස්ථාවේදී රණසිංහ පේ‍්‍රමදාස සහ ඊ.එල්. සේනානායක යන දෙදෙනාම පක්ෂ නියෝජ්‍ය නායක ධුරය සඳහා තරග කළේය. එම අවස්ථාවේදී ජයවර්ධන ජනාධිපතිවරයා පක්ෂය තුළ රහස් ඡුන්දයක් පැවැත්වූ අතර ඉන් රණසිංහ පේ‍්‍රමදාස මහතා ජය ලැබීය. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ නියෝජ්‍ය නායක පදවියට පත්වූ එකම පුද්ගලයා වූයේ පේ‍්‍රමදාස මහතාය. ජයවර්ධන ජනාධිපතිවරයා ‘නියෝජ්‍ය නායක’ යන වදනට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඇත්තෙන්ම එය සිංහලට පරිවර්තනය කළ හැක්කක් ද නොවීය.

වසර 1977 පසු ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූයේ ඊ.එල්. සේනානායක මහතාය. එවකට එම අමාත්‍යාංශය ගෞරවාන්විත අමාත්‍යාංශයක් විය. ඔහුගේ අමාත්‍යංශ ලේකම් ධුරය දැරුවේ රන්ජන් විජේරත්න මහතාය. පසුකලක සේනානායක ඇමැතිවරයාටත් විජේරත්න මහතාටත් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කරමින් කොන්ත‍්‍රාත් බාරදෙන බවට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් මණ්ඩල අනු කමිටුවක් පත් කළ අතර දුෂණයක් සිදු වී ඇති බවට සාක්ෂි නැතැයි අදාළ කැබිනට් මණ්ඩල අනු කමිටුව නිගමනයකට පැමිණියේය. කෙසේ නමුත් කොන්ත‍්‍රාත් බෙදා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබූ ක‍්‍රමවේද අනුගමනය කර නොතිබිණි.

සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍යධුරයේ සිට සෞඛ්‍ය අමාත්‍යධුරයට මාරු කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ ගාමිණි ජයසූරිය මහතාට කෘෂිකර්ම අමාත්‍යධුරය ලබාදෙන ලදි. කෙසේ නමුත් මහජන විරෝධය හමුවේ ජයවර්ධන ජනාධිපතිවරයා සේනානායක මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන තැනට වැඩ කළේය. එවකට සුප‍්‍රකට හා ස්වාධීන පුවත්පතක් වූ ‘සන්’ පුවත්පත අදාළ පුවත ‘ඊ.එල්. ඉල්ලා අස්වීම බාරදෙයි’ යන සිරස්තලය යටතේ අදාළ පුවත වාර්තා කර තිබිණි. අදාළ වංචාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘පිරිසුදු ආණ්ඩුවක්’ යන තත්ත්වයට විශාල කැළලක් එක් කළ අතර ජයවර්ධන ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට ද හානි පැමිණ වීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දැඩි විනය කි‍්‍රයාමාර්ග ගත්තේය.

අදාළ සිදුවීම් මාලාවම වසර හතළිකට පසු නැවත සිදුවන්නේ ඉතිහාසය නැවත නැවත සිහිපත් කරවමිනි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පුත් සජිත් සහ රවී කරුණානායක පක්ෂයේ දෙවැනියාගේ තැනට තරග කරන්නට වූහ. ඡුන්දයක් පැවැති අතර ඡුන්දයෙන් ජයග‍්‍රහණය කළ පේ‍්‍රමදාස පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්විය. කෙසේ වුවද වචනාර්ථයෙන් කුමක් අර්ථ ගැන්වේද යන්න අපැහැදිලි නමුත් පසුකාලීනව රවී කරුණානායක මහතාට පක්ෂයේ උපනායක නමින් තනතුරක් ලබා දෙන ලදි.

රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩුවට එල්ල වී තිබෙන බැඳුම්කර වංචාව සම්බන්ධ චෝදනාවේ පාර්ශවකරුවකු බවට පත්විය. එපමණක් නොව ගෞරවාන්විත මුදල් ඇමැති පදවියේ සිට විදේශ කටයුතු අමාත්‍යධුරයට මාරුවක් ලැබීය. ඉන් අනතුරුව බැඳුම්කර වංචාවට සම්බන්ධ සිදුවීමට සම්බන්ධ අයකු රවී කරුණානායක මහතාගේ නිවසේ බදු කුලිය ගෙවූ බව අනාවරණය විය. එල්ල වූ මහජන විරෝධය හමුවේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදු වූ සිය පාර්ලිමේන්තු කතාවේදී ධම්ම පදය, බයිබලය, කුරාණය ආදී ආගමික ශුද්ධ ලියවිලි උපුටා දැක්වීම ද සුවිශේෂීය.

ඊ.එල් සේනානායක මහතාට සමාන ඉරණමකට සමාන ඉරණමක් තමන්ට අත්වනු ඇතැයි රවී කරුණානායක මහතා බලාපොරොත්තු තබා ඇත. අගමැතිවරයා ලෙස පත්වීමේ අපේක්ෂා දල්වාගෙන සිටි සේනානායක මහතා සෞඛ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පසුව කතානායක, උතුරු මැද සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය. කෙසේ නමුත් බැඳුම්කර සිදුවීමත් සමඟ දුෂණයෙන් තොර ආණ්ඩුවක් ය යන එක්සත් ජාතික පක්ෂ කීර්තිනාමය මේ වනවිට කැඩි බිඳි ගොස් තිබේ. රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් කාලයක් තිස්සේ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට සහ අදාළ තීන්දුව ගැනීමට වික‍්‍රමසිංහ මහතා කල්ගත කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ප‍්‍රශ්න කිරීමට ලක්විය.

මෙම ලිපිය ලියන මොහොතේදී තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණි. එවර චෝදනාවට ලක්ව සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය. විජයදාස රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් නිසා පක්ෂය තුළින්ම ඔහුට දැඩි විරෝධයක් එල්ල විය. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ බවට ද එක්සත් ජාතික පක්ෂය තුළින්ම විජයදාස රාජපක්ෂ මහතාට චෝදනා එල්ල විය. විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මතයෙන් පරිබාහිරව කතා කළ පළමු අවස්ථාව මෙය නොවීය. ඔහු පාර්ලිමේන්තුවේදී මතභේදාත්මක ‘ඇවන්ට්ගාඞ්’ සමාගම වෙනුවෙන් පෙනි සිටියේය. තිලක් මාරපන මහතා ද එම අවස්ථාවට මැදිහත් වූ අතර අවසානයේදී තිලක් මාරපන මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. විජයදාස රාජපක්ෂ මහතා දිගටම අධිකරණ අමාත්‍යධුරයේ රැඳි සිටියේය. කෙසේ නමුත් වරාය සම්බන්ධ විජයදාස රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශ හම්බන්තොට රාජපක්ෂවරුන් සතුටු කරන්නක් විය.

වික‍්‍රමසිංහ මහතා ජයවර්ධන ජනාධිපතිවරයාගේ පන්නයේ ආණ්ඩුවක් දෙස බලන්නේ නම්, අමාත්‍යවරුන් ඉල්ලා අස් වූ අවස්ථා තුනක් සිහිපත් කළ හැකිය. රොනි ද මැල් මහතාගේ අයවැය යෝජනා විවේචනය කළ එම්.ඞී.එච් ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම, වාර්ගික අර්බුද සම්බන්ධයෙන් සියලූ පක්ෂ සමුළුවක් කැඳවීමට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ තීරණය විවේචනය කළ සිරිල් මැතිව්ගේ ඉල්ලා අස්වීම සහ ඉන්දු ලංකා ගිවිසුමට එකඟ නොවූ ගාමිණි ජයසූරිය මහතාගේ ඉල්ලා අස්වීම අදාළ අවස්ථා තුනය. අදාළ සිදුවීම් තුනෙන් අවසාන සිදුවීම මිත‍්‍රශීලිව සිදුවුවද මුල් සිදුවීම දෙකේදී ඉල්ලා අස්වෙන තැනට වැඩි සිදුවිය.

තීරණාත්මක ලෙස කටයුතු නොකළා නම් එය ඔහුට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබිණි. වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවට ද අකාර්යක්ෂම යැයි චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලාංකිකයන් දේශපාලනය ගැන කතා කරන විටදී දැන් එම කතා පෙර ආණ්ඩුව විවේචනය කරන තැනට පත්ව තිබේ. ‘කලින් ආණ්ඩුව හොරකම් කළා. මේ ආණ්ඩුවත් හොරකම් කරනවා. හැබැයි කලින් ආණ්ඩුව පෙන්නන්න හරි වැඩක් කළා’ යැයි ජනතාව කියති. දැන් මේ රටේ දේශපාලන කතා සිදුවන්නේ එසේය. එය සියල්ල වුවමනාවට වඩා සරල කිරීමක් වුවද එහි සත්‍යයක් නැත්තේම නැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී විරෝධතා සහ උද්ඝෝෂණ නොවූ තරම්ය. බොහෝ ඉදි කිරීම් ඈත එපිට හම්බන්තොට ඉදි කෙරුණු අතරම ඒවාට මහින්ද රාජපක්ෂ යන නම තැබුවද එම සමයේදී මාර්ග පිරිසුදුව තිබිණි. මහාමාර්ග, වරාය, ගුවන් තොටුපොළවල්, අධිවේගි මාර්ග සහ කී‍්‍රඩාංගන ඉදි විණි. ඒ අතරම තවත් කරුණක් ද විය. අවිවාදිතව ලොව බිහි වූ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමේ සහ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හිමිව තිබේ. තවත් වසර දෙකකින් පැවැත්වෙන මහ මැතිවරණයේදී, තවත් වසර දහයකින් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී වුවද එම මතකය සිහිපත් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ශවයට හැකියාව ඇත.

නිදහසින් පසු අද දක්වා ආ ගමනේදී ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් බවට පත්විය. පාර්ලිමේන්තුව අග විනිසුරුවරිය නෙරපා දැමීය. හමුදාපතිවරයා සිරගත කෙරිණි. ඒවා ඒ දක්වා ඉතිහාසයේ නොවූ සිදුවීම්ය. එහෙත් රාජපක්ෂවරුන්ට පොදි බැඳගෙන ගෙදර යන්නට වූයේ ඒ නිසාය. වසර දෙකහාමාරකට පසු අද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වාං දොරටු විවෘත කළද ආණ්ඩුව තවත් බොහෝ දේ කළ යුතුව තිබේ. මේ ආණ්ඩුවට රටේ නගරයේ කැළි කසළ ටික නිසි පරිදි බැහැර කරගැනීමට නොහැකිව තිබේ.

ආණ්ඩුව අවාසනාවන්ත ලෙස චූදිතයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත්ව තිබේ. දුෂණ සිදුකළ, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන අකාර්යක්ෂම වී තිබේ. රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට අසමත්ව තිබේ. කැබිනට් මණ්ඩලයේ සිටින රාජපක්ෂ හිතවාදීන් ආණ්ඩුවේ හා විමර්ශන කටයුතු අවුල් කරනවා යන්න දැන් තිබෙන නවතම උපකල්පනයක්. ආණ්ඩුවේ ඉහළම තැනක සිට රවී කරුණානායක මහතාගේ කඩා වැටීම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් පමණක් රාජපක්ෂවරුන්ට එරෙහිව හඬ නගන තැනට සීමා වී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ පවුල චෝදනා සම්බන්ධයෙන් කැඳවන අවස්ථාවලදී ඔවුහු මාධ්‍ය ඉදිරියේ වීරයෝ වූහ. එහෙත් අද දක්වා එක් අයකුට විරුද්ධව හෝ නීතිය කි‍්‍රයාත්මක වී නැත.

මේ අතරවාරයේදී සයටම් අර්බුදය, ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආදී ක්ෂේත‍්‍ර රැුසක අර්බුද හටගෙන තිබේ. වික‍්‍රමසිංහ අගමැතිවරයා පොරොන්දු වූ පරිදි ජනතාව අපේක්ෂා කළේ මෙය නොවේ. කෙසේ වෙතත් ඉතිහාසයේ පටන් ජාතික ආර්ථික නිසි පරිදි කළමනාකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව එක්සත් ජාතික පක්ෂයයි. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විශ්වකර්මයක් කරමින් 1977 දී ආර්ථිකය වෙනස් මගකට හැරවීය. වැරැදි තිබුණද, ඇඟළුම් කර්මාන්ත ඉදි කරමින් පේ‍්‍රමදාස මහතා ද එම ආර්ථික ශක්තිය ඉදිරියට ගෙන ගියේය. එහෙත් අවාසනාවකට වික‍්‍රමසිංහ අගමැතිවරයාට එය කළ නොහැකි විය. සාධාරණව පෙන්වා දෙන්නේ නම්, කිසිදු අවස්ථාවක ආණ්ඩුවේ පූර්ණ පාලනය ලබාගැනීමට වික‍්‍රමසිංහ අගමැතිවරයා අසමත් නොවීය.

කෙසේ නමුත් වික‍්‍රමසිංහ අගමැතිවරයාට තවත් වසර දෙකහාමාරක කාලයක් තිබේ. වික‍්‍රමසිංහ අගමැතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දැක්මක් සතු නම් ඔහු ඔහුවම නිදහස් කරගත යුතුයි. පොරොන්දු ඉටු කළ යුතුයි. එමෙන්ම ඉපැරැුණි ශ්‍රේෂ්ඨ පක්ෂය නිදහස් කරගත යුතුය. එක්සත් ජාතික පක්ෂයේ අතීත විශිෂ්ටත්වය කරා නැවත ගෙන යා යුතුය. එය අදටත් පාර්ලිමේන්තුවේ සිටින විශාලතම තනි පක්ෂයයි. එහෙත් එම සාධක 2001 න් පසු වලංගු වන්නේ ද ? වසර 2001න් පසු පැවැති එකදු මැතිවරණයක් හෝ තනිවම ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි විය. වසර 2004 සහ 2010 මහ මැතිවරණදී 2005 සහ 2010 ජනාධිපතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. වසර 2010 දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද පරාජයට පත්විය. වසර 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ හා මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන ලදි. එම නිසා තවත් බොහෝ දුර ගමනක් යා යුතුව තිබේ. එහෙත් පක්ෂයේ නායක තන්ත‍්‍රය, අධිකාරි ධුරය පක්ෂයේ අවස්ථාවලට හානි කරමින් තිබේ.

ජේ.ආර් ජයවර්ධන මහතා පේ‍්‍රමදාස, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක සහ රනිල් වික‍්‍රමසිංහ යන පිරිස්වලින් සමන්විත ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය කළේය. එහෙත් ඔවුන් එකිනෙකා පරයා නැගි සිටීමට සටන් වැදුණෝය. රනිල් වික‍්‍රමසිංහ මහතා හැර අනිත් තිදෙනා එල්.ටී.ටී.ඊ සංවිධානය අතින් ඝාතනයට ලක්වීම වෙනමම කරුණකි. තමන්ගෙන් පසු ද එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ගමනක් තිබෙන බව සුරක්ෂිත කිරීම වික‍්‍රමසිංහ මහතාගේ ද වගකීමකි. එපමණක් නොව ද්විපක්ෂ ක‍්‍රමය සුරක්ෂිත ජාතික වගකීමක් ද ඔහු සතුය. ඒ වෙනත් පක්ෂවලට බලය ලැබුණු පසු, පාර්ලිමේන්තුවේ බහුතර ආසන ලැබුණු පසු හැසිරෙන ආකාරය අප දැක ඇති නිසාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලන ජීවිතය සැමරීම සඳහා ‘හෙට දකින රනිල්’ යනුවෙන් ඡායාරූප ප‍්‍රදර්ශනයක් පසුගිය සතියේදී පැවැත්විණි. වික‍්‍රමසිංහ මහතා අදාළ තේමාව රටේත් පක්ෂයේත හදවතට ගෙන යෑම සඳහා හොඳින් කටයුතු කරනු ඇත. ඡායාරූප ප‍්‍රදර්ශනයේ විවෘත කරන අවස්ථාවේ ඡායාරූපවල සජිත් පේ‍්‍රමදාස එම ඡායාරූපවල නැති වීමත් රවී කරුණානායක මහතා සිටීමත් ඇතැමකු පුදුමයට පත් කරනු ඇත. එපමණක් නොව කලක් තිස්සේ වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ප‍්‍රතිවාදිනියක වූ චන්ද්‍රිකා කුමාරතුංග ද එම ඡායාරූපවල සිටින්නීය.

වසර 2020 මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙද්දි රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වයස අවුරුදු 71ක් වනු ඇත. දේශපාලනය යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ විස්සයි විස්ස තරගයක් හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් නොවන බවත් එය දින පහේ ටෙස්ට් තරගයක් බවත් වික‍්‍රමසිංහ අගමැතිවරයා හොඳින්ම දන්නේය. එසේ නමුත් එය ශ්‍රී ලංකාව මේ දිනවල කී‍්‍රඩා කරන ටෙස්ට් කි‍්‍රකට් නම් නොවන බව හොඳින්ම පැහැදිලිය. අවසානයේදී 1977 වසරේ දී දශක ගණනාවක ගැටුම්වලින් පසු ජේ.ආර් ජයවර්ධන සිය කම්කරුවන්ගේ නාස්තියේ රස බලා ජාතියේ අවිවාදිත නායකයා බවට පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 71ක් විය.

ඇත්තටම, රනිල් වික‍්‍රමසිංහ මහතාද එය නැවත සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා වන්නට පුළුවන. ඉතිහාසය නැවත නැවත සිදුවෙන බව ඉතිහාසයම පාඩම් කියා දී තිබේ. ඒ ආකාරයෙන් ම ඉතිහාසය නැවත සිදුවේවිද ?

lankadeepa - harshanathushara

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.