Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 25 March 2017

මුබාරක්ට වසර 06කට පසු ඇප නියමවේ

හිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් වසර හයකට පසු පෙරේදා (24) නිදහස ලැබීය.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක් වසර හයක් රැඳවුම්භාරයේ සිටි අතර දකුණුදිග කයිරෝවේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් රැඳවුම්භාරයේ සිටි අතර ඔහු රෝහලෙන් පිටත්ව හෙලියෝපොලිස් පිහිටි නිවසට ගිය බව ඔහුගේ නීතිඥවරයා පැවැසීය.

Read more...

මේ ආණ්ඩුවේ හොරු නෑ කිව්වට හොරු ඉන්නවා - අර්ජුන

පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.

Read more...

ජනපති එක්ක සෙල්ලම් බෑ - විල්පත්තුව තනි රක්ෂිතයක් කරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ.

Read more...

ශ්‍රීලනිපය බැදුම්කරය අත් නොහරී

ආන්දෝලනයට තුඩු දුන් භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Read more...

ඇමතිවරුන්ට කෝටි 37 ක වාහන

ඇමැතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමැතිවරුන් හතරදෙනෙකුට, රාජ්‍ය ඇමැතිවරයකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනූහත් දහසක (37,10,97,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. වාහන නවයක් මිලදී ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට ඉකුත් සිකුරාදා (24) ඉදිරිපත් කළේය. සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාටවාහනයක් සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 8,20,000.00 ක මුදලක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයාට වාහනයක් සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,000.00 ක මුදලක්ද, වැවිලි කර්මාන්ත ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,00,000.00 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

Read more...

තිස්ස අත්තනායකට යළිත් එජාප මහලේකම් කම

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට නැවත පක්ෂයට එක්ව මහ ‍ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ‍ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ‍ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.