Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 26 March 2017

පොදු යහපතක්වත් පුද්ගලික තෘප්තියක්වත් නැති තැනක හුස්ම ගන්න බෑ - භාරත තෙන්නකෝන්

සයිටම් එකට පට්ට ලව් නේ .. ඇයි ඒ ?

රාජ්‍යයට හැම දෙයක්ම තමන්ගේම මැදිහත්වීමෙන් පවත්වාගෙන යන්න බෑ. රාජ්‍යයක් එසේ කළ යුතුත් නෑ. රාජ්‍යය විසින් කරන්න ඕනේ දේවල් කළමණාකරණය, අධීක්ෂණය සහ නියාමනය. රාජ්‍යයක් හැම දේම කිරීම සහ තමන්ගේ අනිවාර්ය වගකීම් සමුදාය ඉටු කිරීමයි කියන දෙකේම යෙදෙන්න උත්සාහ කළාම ඒක මහා පැටලවිල්ලක් වෙනවා. විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල රරාජ්‍ය අංශයට මේ දෙකම එකවර කරන්න බෑ කියලා- හෝ ඒහෙම කිරීමේ දී අතිශය මන්දගාමී හා අසාර්ථක බවක් පෙන්නුම් කර තිඛෙනවා.

Read more...

තනතුරු වෙනුවෙන් වෘත්තියේ ගුණය කෙලෙසන්නේ නෑ - විමලනාත් වීරරත්න

පසුගිය සතිය වන තුරු ඔබ ඉරුදින පුවත්පතේ කතුවරයා. දැන් ඔබ කවුද?

ඉරුදින කර්තෘ කියන එක එක්තරා නාමකරණයක් විතරයි. ඊට කලින් රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ කියන එකත් ඒ වගේ. මම කැමතියි ඒ ප්‍රශ්නෙට, ‘මම ජනමාධ්‍යවේදියෙක්’ කියල උත්තර දෙන්න. එදාටත්, අදටත් හෙටටත් ඒ හැඳින්වීම වලංගුයි.

 ජනමාධ්‍යවේදියා කියන භූමිකාව ඔබ විස්තර කරන්නෙ කොහොමද?

ප්‍රධානම කාරණය තමයි, ඔහු පොදු ජනතාවට වගකියන්න බැඳී සිටින කෙනෙක්. ‘පොදු ජන යහපත’ තමයි අන් සියලු කාරණාවලට ඉහළින් ඔහු සම්බන්ධයෙන් බලපවත්වන නියමය. ඒ වගේම ඔහු, වෘත්තීය ආචාරධර්ම පද්ධතියකින් බැඳී සිටිනවා.

Read more...

නාවික හමුදාවේ කප්පම් යට ගහන්නේ කවුද ? - අනුර හෙලිකරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් කප්පම් ගැනීමේ අරමුණෙන් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි පැවසෙන පුද්ගලයන් 11 දෙනා සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අඩපණ කිරීම සඳහා එජනිස පත් කළ මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පොලීසියට බලපෑම් කර ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා චෝදනා කරයි.

Read more...

පොලී අනුපාත ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය (24) දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වන නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 0.25%න් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.

Read more...

අර්ජුන් සේවක අර්ථ සාධකයට විද්ද හැටි එළියට

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ බැදුම්කර වෙන්දේසියේ වංචාවේ තරම කියැවෙන තවත් අභ්‍යන්තර විගණන වාර්තාවක් එළි දක්වා තිබේ. මෙම වාර්තාව අනුව උක්ත බැඳුම්කර වෙන්දේසියෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 9.6ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව හෙළි වී තිබේ.

Read more...

ඉල්ලීම් ඉටු නොකළහොත් අවුරුද්දෙන් පසු සේවයේ නෑ - හෙද සංගම් කියයි

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන අප්‍රේල් 13, 14 යන සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව යළි රෝහල් සේවයට වාර්තා නොකිරීමට තම සංගමයේ සියළු හෙද හෙදියන් කටයුතු කරනු ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.