Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 30 March 2017

එජාප තනතුරු වෙනස සමග තිස්ස යළි මහ ලේකම් කමට ?

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ වසර හතකට අධික කාලයකට පසුව ප්‍රධාන තනතුරුවල වෙනසක් වීමට නියමිතය. මෙය ලබන සතියේ ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

Read more...

ඩෙංගු ඇති කළ පිරිසකට නඩු

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 29 වන දිනෙන් ආරම්භ කළ ඩෙංගු මර්දන සතියේ පළමු දිනය වන ඊයේ (29) දිනය තුලදී පමණක් පරිශ්‍ර 83274 පරික්ෂා කර 573 දෙනෙකුට නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read more...

අලුත් කළ කටුනායක 6 වෙනිදා විවෘත වෙයි

නවීකරණය කෙරුණු කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය ලබන 06 වැනිදා විවෘත කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

Read more...

ඇමරිකානු ජනපතිගේ බිරිදගෙන් දිරිය කාන්තා සම්මානය සන්ධ්‍යා එක්නැගිගොඩට

අමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

Read more...

ඉන්දිය ධීවර යාත්‍රා නිදහස් කරන්ෙන් නෑ - අමරවීර කියයි

ඉන්දිය ධීවරයින් සමග අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රජය භාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා 130 න් එකක් හෝ නිදහස් කිරීමට මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් එසේ නිදහස් කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගන්නා බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්2015න් පසු අත්අඩංගුවට ගන්නා ලද කිසිදු ඉන්දීය ධීවර යාත්‍රාවක් මෙතෙක් නිදහස් කර නැති බවත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

නමුත්, 2015 ජනවාරි මාසයට පෙර ද මෙරට මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර බෝට්ටු අත්අඩංගුවට ගත් නමුත්, ඒවා නිදහස් කිරීමට එවකට පැවති රජය පියවර ගනු ලැබ ඇත.

නමුත් තමන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු, මේ දක්වා ශ්‍රි ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිදහස් නොකිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා පෙන්වාදෙයි. දැනටශ්‍රී ලංකා රජය භාරයේ ඉන්දීය ධීවර යාත්රාන 130කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර, ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රාජ සන්තක කර ඇත.

තමිල්නාඩු දේශපාලනඥයන් විසින් මෙම ධීවර යාත්‍රානිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට වරින් වර බලපෑම් එල්ල කළ ද, ශ්‍රී ලංකා රජය එම යාත්‍රා නිදහස් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත. එහෙත් ශ්‍රීලංකා මුහුදු සීමාවට ඇතුළු වන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම අඛණ්ඩවම සිදු වේ. නමුත්, ඇතැම් පිරිස් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංය තීරණය කර ඇතැයි, පළකරන අදහස්වල කිසිදු පදනමක් නැති බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

Read more...

වීරවංශ උපවාසය අත්හරී

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වන දා සිට ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අවසන් කර තිබේ. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව කහවුරු කලේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.