Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 08 September 2017

වල් අලි කතාවේ අල්ලගත්තේ වලිඟය - කරුණාරත්න පරණවිතාන

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයෙන් පසු ඔබට හිමිවුණේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයයි. කොහොමද අලුත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු

වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් කරන්නේ වැඩ ලෝකයට මිනිසුන් සූදානම් කිරීම වැඩ ලෝකයට තරුණ ජනතාව සූදානම් කිරීම. එහෙම නැතිව කාර්යාල ලෝකයට ජනතාව සූදානම් කිරීම නෙවෙයි. අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ රැකියා කියන්නේ කාර්යාලීය රැකියා පමණයි කියලයි. අපේ රටේ පාසලුත් විශ්වවිද්‍යාලත් හිතන්නේ කාර්යාල ලෝකයට අප සූදානම් විය යුතුයි කියන ආකල්පය වගා දිගා කරමින්. එවැනි තත්ත්වයක වැඩ ලෝකයට උචිත ජනතාව දැනුමෙන් කුසලතාවලින් සන්නද්ධ කිරීමට ආකල්පවලින් පොහොසත් කිරීමේ වගකීම තමයි අපේ අමාත්‍යාංශයට බාර වී තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය දැන් මේවන විට වෘත්තීය පුහුණුවත් නිදහස් අධ්‍යාපනයේ කොටසක් බවට පත් කරල තියෙනවා අපේ අමාත්‍යාංශය මේ වන විට වෘත්තීය පුහුණුව පිළිබඳ නිපුණතාව ලබාදීමට වැඩ සටහන් රැසක් ආරම්භ කරලා තියෙනවා.

Read more...

මම කාටවත් කෝප් වාර්තාවල් දුන්නේ නෑ - රෝසි සේනානායක

තමා සාමාජිකත්වය දැරූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකටත් දුන්නේ නැතැයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

Read more...

ඇලෝෂියස් වෙනුවෙන් මාරපන පෙනී සිටියි

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් ඉදිරියේ දී පෙනී සිටීමට නියමිතය බව වාර්තා වෙයි.

Read more...

රනිල් - මහින්ද හදිසි සාකච්ඡාව සාර්ථකයි , ලලිත් - අනුෂ බන්ධනාගර රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(07) හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.