Menu

logo new 2015-5-11

Shamrock-png

අලුත් මැතිවරණ ක්‍රමයත් රටට බරක් නම් ?

සමානුපාතික ඡුන්ද ක‍්‍රමය හඳුන්වාදීමත් සමඟ ලංකාවට නව මැතිවරණ ක‍්‍රමයක් අවශ්‍ය බවට අදහසක් තිබුණි. වසර 2003 දී මේ සම්බන්ධ කතිකාවක් තිබුණි. නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා තේරීම් කාරක සභාවක්ද ඒ කාලයේදී පත් කළේය. එවකට අගමැතිවරයා වූයේද රනිල් වික‍්‍රමසිංහ මහතාය. කෙසේ වෙතත් මෙහිදී නව මැතිවරණ ක‍්‍රමයක් ගැන කතා කළේය. නව යෝජනා 63ක් පමණ එවක ලැබී තිබුණි. මේ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතාය. මෙම යෝජනා වසර හතරක් පහක් පමණ කාලයක් සාකච්ඡුාවට ලක් කළ අතර අවසානයේ මේ අය පිළිගත්තේ මාවිසින් ඉදිරිපත් කළ යෝජනාවය.

Read more...

රට යාම හා පාරිභෝජනවාදය - අජිත් පැරකුම්

කසල කළමනාකරණය ගැන පුහුණු වෙන්නට පිටරට ගිය නිලධාරීන් ගැන ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා ඇත. මේ සටහන ඒ ගැන නො වේ. රට යාම ගැනයි.

Read more...

දිළිදු බවට පිළිතුරු සොයා කසිප්පු වෙළදාමට ගොස් බැට කන මිනිස්සු

ලාංකේය සමාජය තුළ කසිප්පු ව්යා්පාරය මුල් බැස ගන්නේ දිළිදු පවුල් අරමුණු කරගෙනය . එකී මත් පැන් විශේෂය හුදෙක් මධ්යසම හෝ ධනවත් පවුල් පානය කරන්නක් නොවන අතර එම ව්යාඅපාරයේ මුල් බැස ගනිම්ද සිදුවන්නේ එබැවින් එවැනි දිළිදු පවුල් වැඩි වශයෙන් වාසය කරනු ලබන බිම් ප්රඅ දේශයකය.
කසිප්පු ව්යාැපාරය පවත්වාගෙන යාම සදහා මුල් වන ධනවත් පවුල් අදාළ ව්යාණපාරය සදහා මුදල් යොදවන අතර එය සිදුවන්නේ අදාළ පන්තිය මෙකී ව්යාාපාරයෙන් අදායම් ඉපයීම සදහා මිස වෙනත් අරමුණකින් නොවන බව ගෙන හැර දැක්වියහැකි කරුණු කාරණ ද ඇතුලත්වය.

Read more...

පාදෙනිය සෑර් වෙත - චමීර ජීවන්ත

මුලින්ම කියන්ඩ ඕනෙ බුදු සෑර් මේකෙ ග්‍රැමර් මිස්ටේක්, ස්පෙලිං මිස්ටේක් හෙම තිබුණා කියා තරහා වෙන්ඩ එපා ය.... මම මේ ලියන්නේ ජීවිතේට ලියන්ඩ හිතාන උන්නු ලියමනක් නෙවේය... ඇරත් සෑර්ලා වගේ මතු බුදුවන හුත්--සමාවන්න, "උත්තමයන්ට" ඇඩ්‍රස් කරලා ලියුං ලියන්ඩ අපි වගේ හිච්චං බුවාලා කවුද නේද ය.. සෑර්ලා පට්ට ලොකු ය.. අපි පට්ට පොඩි ය.. එහෙව් එකේ මේ ලියමනත් හරිනං අවුල් ය.. ඒ වුණාට මගේ පුංචි හිතට දැනෙන සතුට මට සෑර් එක්ක බෙදාගන්ඩ ඕනෑම ය... නැත්නම් දවාට කෑවෙ නෑ වගේ ය... ඒ නිසා ඉවසිල්ලෙන් තරහ අවසර ඇතුව කියවන්ඩ ය....

Read more...

වියපත් මිනිසුන්ගේ මනමාලකම් සමාජයට ප්‍රබල බලපෑමක් - මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

අපේ සමාජයේ සදාචාර බිඳවැටීමක් සිද්ද වෙමින් පවතිනවාය කියන කාරණය නිතරම අහන්න ලැබෙන එකක්. මේක අපේ සමාජයට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. සමාජ පරිනාමය කියන නිරන්තර ක්‍රියාවලිය තුළ තත්කාලීන සදාචාර මට්ටම වලත් යම් යම් වෙනස් වීම් දකින්න ලැබෙනවා. නමුත් පොදුවේ මේ වෙනස් වීම් බොහෝ දෙනෙක් දකින්නේ පිරිහීම් විදිහට ; නමුත් මේ ක්‍රමික සමාජ පරිනාමයන්ද අමතරව යම් යම් සුවිශේෂ සංසිද්ධීන් මුල් කරගෙන සදාචාර විපරිනාමයක් ද සිද්ධ වෙනවා; බොහෝ වයස්ගත පිරිමියකු තරුණ කාන්තාවක විවාහ කර ගැනීම මුල් කොට මේ දිනවල සමාජය පුරා පැතිර යන ආන්දෝලනය ද ඒ වගේ සදාචාර විපරිනාමයකට මුල් වී තිබෙනවා. සමාජ සංස්කෘතිකමය වශයෙන් මෙය කෙසේවත් යහපත් තත්වයක් නොවෙයි.

Read more...

අකිල ටැබ් ගොන් පාර්ට් නවතනු ..! වහල හදා දෙනු ..!!

මේ ආණ්ඩුව බලයට පත්වන විට දරුවන්ට දිය හැකි හොදම පච ටික ඔලුවට දා ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කළේය. ලංකාවේ පාසල් පද්ධතියේ පවතින ප්‍රාථමික මට්ටමේ අඩුපාඩු ටිකවත් සම්පූර්ණ නොකොට එකී ළමුන් ඩිජිටල් යුගයකට ගෙනයාමට වන සිහින ළමුන්ගේ ඔලුවල තැන්පත් කළේය. එක්සත් ජාතික පක්ෂයට කඩේ යන වහලුන්ට මෙය අරුමෝසම් සිහින දනව්වක් වුවත් පොලොවේ පය ගසා සිටින මිනිසුන්ට මෙය නිකම්ම නිකම් හරුපයක් පමණක්ම විය. හිසට වහළක් නොමැති පාසල් දහස් ගණනක් ලංකාවේ ඇත. එම පාසල්වල පන්ති පවත්වන්නේ තවමත් ගස් යට වීම අකිල විරාජ්ගේ රෙදි වුනා දැමීමට වන එකම හේතුවක් වන්නට පුළුවන. එහෙත් එතැනින් නොනැවතී ගියහොත් වැසිකිලි නොමැති පාසල් සංඛ්‍යාව කිසිවෙකු විසින් අධ්‍යයනය කළහොත් එයද දහස ඉක්මවන බව පෙනෙනවා ඇත.

Read more...

අවදානම් ආර්ථිකය - මහාචාර්ය සිරිමල් අබේරත්න

රටේ පවත්නා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් විවිධාකාර වූ අර්ථ දැක්වීම් දැකගන්නට පුළුවන. අප මේ ගතකරන්නා වු වසර ගණනාවේදී ඉතිහාසයේ නොලැබී තිබූ අවස්ථාවක් ලැබී තිබේ. නිදහසෙන් පසු කාලයේදී ලංකාවට පොහොසත්, දියුණු රටක් වීමට, සංවර්ධිත රටක්වීමට ඇති හොඳම අවස්ථාව අප පසුකරමින් සිටින බව කියන්නට පුළුවන. එයට හේතුවී ඇත්තේ ලංකාවේ ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය සහ අනෙකුත් සාධක පමණක් නොවේ. මීට වඩා වැදගත් වන්නේ ජාත්‍යන්තර ආර්ථිකයේ ඇතිවී තිබෙන වෙනස්කම්ය. බටහිර ලෝකයේ දියණු රටවල ඇතිවී තිබෙන ආර්ථික අවපාත තත්ත්වය, එම රටවලින් ආසියාවට ප‍්‍රාග්ධනය විශාල වශයෙන් ගලාගෙන ඒම, අසියාවේ වෙළෙඳපොළවල් ශීඝ‍්‍රයෙන් පුළුල්වීම යනාදී කාරණා අපට දියුණුවීමට අවස්ථාව සලසාදී තිබේ. ඒ වගේම බටහිර ලෝකයේ ඇතිවෙමින් තිබෙන දේශපාලන අර්බුද ද මේ අතර තිබේ.

Read more...

අපි හැමෝම එකට යුද්දේ දිනුවා ගොඩ යන්නේ එක්කෙනයි - මේජර් ජෙනරාල් ඒම්.එච්.එස්බී. පෙරේරා

ලංකාව තුළ ක්‍රියාත්මක වූ ලෝකයේ දරුණුතම ත්‍රස්තසංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එක් එක් පාර්ශවයන් තමන්ගේ ගිණුම් තර කරගනිමින් සිටීම මහත් කනගාටුවකට කාරණයක් ලෙස දැක්විය හැකියි. එහෙත් සමස්ත හමුදාවේ අප්‍රතිහද ධෛර්යය හා කැපවීම මත සිදුවූ මෙම ජයග්‍රහණය එසේ එක් අයෙකුට හෝ නිළ ඇදුම් ලා ගත් කිහිප දෙනෙකුට ලඝු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බව පැවසිය යුතුයි.

Read more...

රාජ්‍ය සේවකයන්ට භාෂණයේ නිදහස තහවුරු කරනු ! - තුසිත පතිරණ

නව තාක්ෂණික මෙවලම් භාවිතයට ඒමත් සමග යල් පැන ගිය අදහස් දැක්වීමේ නීතීන් වෙනස් නොවීම මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන නව ගැටළුවක් නිර්මාණය වී ඇත. මෙකී ගැන හැර දැක්වීම හුදෙක් ලාංකේය රාජ්‍ය සේවකයාගේ භාෂණමය නිදහසේ දුප්පත්කම පිළිබද ගෙන හැර දැක්වීම සදහාය.

Read more...

උන් කරන විට කට වසා මුන් කරනවිට උඩුබිරීම හෙවත් සයිටම් ගැන විප්‍රකාරයන්

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය පිළිගැනීම සදහා වන තීන්දුව අධිකරණ මගින් මේ වන විට දී අවසන්ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ස්ථාපිත කිරීමට එරෙහිව අසූව දශකයෙහි සිසුන් දිවි පිදුවේය. ඒ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට දැරූ තැත ව්‍යර්ථ කිරීම සදහාය.

Read more...

සාරංග අලහප්පෙරුම ගේ අනඟ රැඟුම් සහ මොහාන් සමරනායක ගේ පලා යාම් මැද “ඉරිදා” පාලකයෝ සේවක දඩයමක,

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් නමින් හෝකන්දර උතුර, අතුරුගිරිය පාර, අංක 388/ඒ, ලිපිනයේ පවත්වාගෙන ගිය “ඉරිදා” පුවත්පතේ කාර්යාලය සේවකයින්ට නොදන්වා වසා දමා ඇත. එහි සේවකයින්ට නොවැම්බර් මස සිට වැටුප් ද නොගෙවමින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විසින් විවිධ තර්ජන ගර්ජන කරමින් සිටිතැයි වාර්තාවෙයි. තවත් සේවකයන් රැසකට අඩුවෙන් ගෙවන ලද හිඟ වැටුප් ද 

Read more...

මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !

2017 වසරේදී මේ රජය පෙරළා දමන බව මහින්ද කියයි.

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙවත් කු'පා.ම. මේ වන විට පිට පිටම ඡන්ද දෙකක් පැරදී ඇති නිසා මාස 18කට කලින් මෙන් බලය ඇල්ලීමේ දොළක් ඔහුට දැන් නැත. හිටපු ජනපති විශාල ආතතියකින් පසුවන ආකාරය පසුගිය වසරේ දැකගත හැකි වූ අතර, බොහෝ විට මිනිසුන්ගෙන් දුරස් වී කල්ගත කරන අන්දම ද දැකගත හැකි විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.