Menu

logo new 2015-5-11

Shamrock-png

මී කුණ සහ මිනී කුණ - දයා නෙත්තසිංහ

එදින නුවර මස්කඩ සියල්ල වසා තිබුණේය. සිටු මැදුරක සිටි බැළලියකට කෙසේ හෝ මස් සොයාගෙන එනු පිණිස සිටු දියණිය විසින් සේවකයකු පිටත් කර හරිනු ලැබීය. මී කුණක් අතැතිව සිටි මිනිසකු සිටු මැදුරේ සේවකයාට හමු විය.

Read more...

ජනපතිගේ ප්‍රකාශයෙන් පුපුරා ගියේ එජාප- ශ්‍රීලනිප සීතල ගැටුමයි - රංජිත් කීර්ති තෙන්නකෝන්

මල්වාන ඉඩමේ නඩුව ඉවරයි. අයිතිකාරයාගෙන් ප්‍රකාශයක්වත් ලියාගත්තේ නෑ. ජනපති කථාවේ නොකියූ කථාව මේකද? ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ලංකාවේ සමස්ථ දේශපාලන චිත්‍රය උණුසුම් කිරීමට සමත් විය. එම ප්‍රකාශය මුළු රටම තිගැස්මකට ලක් කොට ඇත.

Read more...

අතුරුදහන්වූවන්ගේ පවුල් දෙස බලන්න.

වසර කීපයක් වේදනාකාරී නිහඬතාවයකින් දිගටම පීඩා විඳින ශ්‍රී ලංකාවේ සමස්ත අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අභිලාෂයන්ට පුළුල් ප්‍රතිචාරයක් දැක්වීම අතින් තමන් විසින් සිදු කරන ලද සොයා ගැනීම් සහ ඒ මත කරන නිර්දේශයන් මගින් සෙතක් සැලසෙනු ඇති බවට ජාත්‍යන්තර රතු කුරුසය (ICRC) බලාපොරොත්තු පළ කරයි.


රතුකුරුසය එම අපේක්ෂාව පෙරට තබා ඇත්තේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු සහ ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම 2009 වසරේ නිම වීමෙන් අනතුරුව වසර ගණනක් ගත වී ඇති නමුත් 16000 කට අධික අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අස්වැසිල්ලක් ලැබී නැති බවයි රතුකුරුස වාර්තාවේ දැක්වෙන්නේ.

සමස්ත දිවයින ආවරණය වන පරිදි සි2014 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2015 නොවැම්බර් තෙක් සිදු කොට ඇති එම සමීක්ෂණයේදී අතුරුදහන් වූවන්ගේ පවුල් 395 ක් මුණ ගැසුණ බව ජාත්‍යන්තර රතුකුරුසය පවසයි.

පොලිස් සහ හමුදාවේ අතුරුදහන් වීම්
යුද්ධය අවධියේ අතුරුදහන් වූ යුද හමුදා භටයන්ගේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ පවුල් ද ඊට ඇතුළත් වෙති.

රතුකුරුසය ඉහත කී සමීක්ෂණය මගින් අනාවරණය කර ගත් සිය සොයා ගැනීම් මත පදනම්ව, ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට සහනයක් සැලසීමට ඉදිරිපත් වෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මෙන්ම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධාන වලට ද ගත යුතු ඉදිරි පියවර නිර්දේශ කරනු ලැබීමක් ද සිදු කර ඇත.


අතුරුදහන්වූවන් පිළිබඳ ශ්‍රී ලංකා කමිටුව යාපනයේ රැස්වූ අවස්ථාවක් එසේම එම ප්‍රයත්නය පෙරට යන අතරවාරයේ අතුරුදහන් වී ඇති පුද්ගලයන්ට අත් වී ඇති ඉරණම අනාවරණය කර ගැනීමට සහ ඔවුන්ගේ පවුල් වලට උදව් වීම අතින් අතිරේක ප්‍රයත්නයක් දරන බවයි රතුකුරුස වාර්තාව පවසන්නේ.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ දී මානසික වශයෙන් ඉතාම සංවේදී එසේම ආර්ථික නෛතික සහ පරිපාලනමය අතින් දුෂ්කරතාවයන් රැසක් ගිලී සිටින බව සමීක්ෂණයේ දී ඉදිරිපත් වූ කරුණු මත පිහිටා රතුකුරුසය නිගමනය කරයි.

ජාත්‍යන්තර මානවීය බැඳීමක් සන්නද්ධ ගැටුමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වෙන එම පුද්ගලයන් වෙනුවෙන් සියලු ප්‍රායෝගික පියවර ගැනීමට ගැටුමට සම්බන්ධ සෑම පාර්ශවයක් ම ජාත්‍යන්තර මානවීය නීතිය මගින් බැඳෙන බවයි රතු කුරුසයේ ප්‍රමුඛ නිර්දේශය වන්නේ.
එසේම එම පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා ගනු ලබන තොරතුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සැපයීම ජාත්‍යන්තර බැඳීමක් වන බවයි රතුකුරුසය නිර්දේශ කරන්නේ.
මේ සමීක්ෂණයේ දී අනාවරණය කර ගනු ලැබ ඇති කරුණු මත පදනම්ව ජාත්‍යන්තර රතුකුරුසය විසින් ප්‍රධාන කාරණා කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ අවධානය යොමු කරනු ලැබ ඇත.


ඒවා අතර ප්‍රධාන නිර්දේශයක් වන්නේ අවිනිශ්චිත මානසිකත්වයක සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහනය සඳහා සියලු පියවර ගනු ලබන අතරවාරයේ සිදු වූ දේ හෙළිකර ගැනීමට පාර්ලිමේන්තු පනතක් මගින් ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීමට පියවර ගැනීමයි.

එවැනි පියවරක අරමුණ වන්නේ අතුරුදහන් වී ඇති එක් එක් පුද්ගලයාට අත් වූ ඉරණම නිරාකරණය කර ගැනීම සහ එම තොරතුරු ඔවුන්ගේ පවුල් වලට දැනුම් දීමයි.

එහි තවත් අරමුණක් වන්නේ අතුරුදහන් වූවන්ගේ ජාතික ලැයිස්තුවක් පිළියෙළ කිරීමයි.
අතුරුදහන් වූවන්ගේ සිරුරු සොයා ගැනීම සහ ඒවා හඳුනා ගැනීමට අවශ්‍ය සෝදිසි කිරීම් සඳහා සුදුසු අධිකරණ වෛද්‍යමය මට්ටමේ තාක්ෂණයක් සහතික කිරීමට පියවර ගැනීම රතුකුරුස වාර්තාවේ තවත් නිර්දේශයකි.

අතුරුදහන්වූවන්ගේ මරණ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීම, හැකි අවස්ථාවන්හි සිරුරු ගොඩ ගැනීම හා හඳුනා ගැනීම සහ ඒවා ඔවුන්ගේ ඥාතීන්ට භාර දීම සඳහා අවසර ලැබෙන සුදුසු නෛතික රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවත් රතුකුරුසය ශ්‍රී ලංකා බලධාරීන්ට නිර්දේශ කරයි.

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම පිලිබඳ තොරතුරු වඩාත් සාර්ථක සහ පලදායක මට්ටමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දීම වැඩි දියුණු මට්ටමකට ගෙන ඒම අතින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන කොටස් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයත් අදහස් හුවමාරු කර ගැනීමත් උදෙසා එවැනි නෛතික ආකෘතියක් ඉවහල් වෙන බවයි රතුකුරුස වාර්තාව කියා සිටින්නේ.


නෑදෑයන් සොයා යමින් සිටින කණ්ඩායමක්

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආර්ථික අවශ්‍යතාවන්ට සහන සැලසීම ඔවුන්ගේ නෛතික සහ පරිපාලනමය ප්‍රශ්න වලට විසඳුම් දීම මෙන්ම යුක්තිය ඉටු කර ගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් එම පවුල්වලට උපදෙස් දීම සඳහා සංක්‍රමනීය අධිකරණ යාන්ත්‍රණයක් තහවුරු කිරීම වැනි තවත් කරුණු රැසක් ද රතුකුරුස නිර්දේශ අතර වෙති.
එසේම අතුරුදහන්වූවන්ගේ සියලු පවුල් අතර කිට්ටු සම්බන්ධයක් ඇති කරමින් ඔවුන්ට අහිමි වූ ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම වැනි පියවර මගින් එම පවුල්වල අභිලාෂයන් සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතාව පිළිගැනීමකට ලක් කරනු ලැබීමේ දිශාවන් ද සැලකිල්ලට ගත යුතු බවයි රතුකුරුස වාර්තාව පවසන්නේ.

 

Read more...

බැසිල්ගේ නෝනාගේ සාරි කට්ට ගැසූ රණවිරුවාගෙ කතාව

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික කටයුතු සඳහා සන්නද්ධ හමුදාවල නිලධාරීන් සේවයේ යොදවා ගැනීම ගැන හා ඔහුගේ අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 1550ක මහජන මුදලක් වියදම් කිරීම ගැන රාවය පසුගිය දිනෙක මුල් පුවතකින් විස්තර කළේය. දැන් ඒ සම්බන්ධයෙන් බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද සහ බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් පැවැත්වෙයි.

Read more...

උතුරේ මල් කැකුළුවන් ජීවිත විනාශ කිරීම ඉහල යයි.

යුද්ධයෙන් පසුව උතුරේ සාමකාමී වටපිටාවක් ගොඩනැගුණද එය උතුරෙ වාසය කරන ළමා පරපුරට එතරම් සුබදායක පරිසරයක් නොවූ බව පැවසීමට සිදුව තිබේ.  ඒ සදහා හේතු පාදක වී ඇත්තේ උතුරේ  දිනෙන් දින ඉහල යමින් පවතින ළමා අපයෝජනයන්හි වර්ධනයක් පෙන්නුම් කිරීමයි. 
Read more...

පැරකොට් විෂ නොවීම සහ මහාචාර්යවරයාගේ අම්මා සිහිකිරීම

මහාචාර්යවරයෙකු කිවූ සැනින් කුඩා කල පාසැල් යන අවදියේදී අප මනසට කා වැදී තිබුනේ අසාමාන්‍ය බුද්ධියකින් හෙබි, මහා පෞරුෂයක් සහිත මහා චිත්‍රයකි. මහාචාර්යවරයෙකු කිවූ සැනින් යම් විෂය පථයක අගතැන්පත්, ඇසූපිරූ තැන් ඇත්තකු තවත් කොහෙන්ද යන අදහස තවමත් නූගත් ගොවීන් වන අපගේ සිත් සතන් තුළ කාවැදී තිබේ.

Read more...

'ගල් සහ මල්' අස්සේ සැගවුනු නිල ඇදුම් වවුචරය

ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය තුළ පෙළ පොත් හා නිළ ඇඳුම් රෙදි නොමිලේ ලබා දීම ඉදිරිගාමී පියවරක් බව පවසන ලංකා ගුරු සේවා සංගමය ලබන වසරේ සිට නිල ඇදුම් රෙදි වෙනුවට මුදල් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගත් තීරණයට දැඩි විරෝධය පළ කරයි.
1993 සිට කි‍්‍රයාත්මක වන පරිදි සිසුන් ලක්ෂ 42කට පමණ නොමිලේ නිළ ඇඳුම් රෙදි ලබා දෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2300 කි.

Read more...

දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය

මෙම ප‍්‍රශ්නය ලොව පුරාම විසඳුමකින් තොරව ඇදෙමින් පවතින ප‍්‍රශ්නයකි. මේ පිළිබඳව ජාත්‍යන්තර තලයේ යුරෝපීය කවුන්සලය වැනි ඒවායේ දී පුළුල් අන්දමින් සංවාද හා වාදවිවාද ඇතිවී තිබුණ ද තවමත් ‘‘දේශපාලන සිරකරුවා’’ යනු කවරෙක් ද යන්න පිළිබඳව නිල වශයෙන් පිළිගත් නෛතික නිර්වචනයකට පැමිණ නැත. කිසිදු ජාත්‍යන්තර නෛතික ලියවිල්ලක එය නිර්වචනය කෙරී නැත. එසේම වාර්තාවන අන්දමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයක් ‘‘දේශපාලන සිරකරුවා’’ යන වචනය පාවිච්චි කරන්නේ නැත. මානව හිමිකම් හා මූලික නිදහස පිළිබඳ විශේෂඥ හා ඉතාමත්ම කි‍්‍රයාකාරී ආයතනය වශයෙන් ලොව බොහෝ සෙයින් පිළි ගැනෙන මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය පවා එහි තීන්දුවලදී ‘‘‍ෙද්ශපාලන සිරකරුවා’’ යන වචනය තවමත් පාවිච්චි නොකරයි.

Read more...

කෝකා කෝලා පෙන්නූ කොකා

කොකා කෝලා සමාගමේ බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කැළණි ගගට කාන්දු වීම හේතුවෙන් කැලණි ගඟෙන් බීමට වතුර ගන්නා ලක්ෂ 6 කට වැඩි ජනතාවක් අපහසුතාවයට පත්කර රුපියල් කෝටි 16 ක පාඩුවක් රජයට සිදු කර තිබියදීත් රජයේ නිලධාරීන් ප්‍රශ්නය හමුවේ මුනිවත රකින්නේ කොකා කෝලා සමාගම ඇමරිකාවේ බහු ජාතික සමාගමක් වීම නිසා බවට පරිසරවේදීහු චෝදනා කරති.

Read more...

නව කතානායක කරූගේ වගත් මෙසේමැයි

8 වන පාර්ලිමේන්තුවේ 20 වන කතානායකවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ දේශබන්ධු කරු ජයසූරිය මහතා ය. ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන පක්ෂ දෙක සම්මුතියකට පැමිණ බිහිවන මෙම සම්මුති ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක ධූරයට පත් කරනු ලබන්නේ ඒ.එච්.එම් ෆවුසි මහතා ය. රටේ තුන්වන පුරවැසියා ලෙස 20 වන කතානායකවරයා වී පත්වන දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ගැන සටහනකි මේ..

Read more...

ආණ්ඩුව අලුත් කර ගන්න, ලලිත් කුගන්ලා ගැනත් බලන්න

ලලිත් කුමාර් වීරරාජ්, කූගන් මුරුගානන්දන්, ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප‍්‍රියංකර යන නම් සතර කාලයේ ගෙවීයෑමත් සමග නෑසීයමින් තිබේ. ලලිත්-කූගන් කෝ? යනුවෙන් ලියූ වැකි කොළඹ තාප්ප මත බොඳවී ගොසිනි. වසීම් තාජුඞීන් ඝාතනය කර ඇති බවට ඔප්පු වී තාජුඞීන් පිළිබඳ සංවාදය කරළියට පැමිණ තිබෙන්නේය. ඉහත සඳහන් නම් සතරද රාජපක්ෂ පාලන සමයේ අබිරහස් ලෙස මියගිය සහ අතුරුදන්වූ තරුණයන්ය. තාජුඞීන් ක‍්‍රීඩාවෙන් යමක් කළ තරුණයෙකි. ඉහත සිව්දෙනා තමන් විශ්වාස කළ දේශපාලනයේ යමක් කළෝය. රාජපක්ෂ සමයේ සිදුවූ අබිරහස් මරණ සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විශේෂ කොමිසම්, විශේෂ රහස් පොලිස් පරීක්ෂණ සහ අධිකරණ ක‍්‍රියාදාමයන් සිදුවෙද්දී ඉහත නම් සතර ශ‍්‍රවණය වූයේ අඩුවෙන්ය. මේ නම් සතර කාලයේ වැලිතලාවෙන් මැකී යායුතු නැති නිසාත් රාජපක්ෂලා මේ කිසිවක් සිදු නොවූ ලෙස නැවත දේශපාලන බලය ඉල්ලමින් සිටින නිසාත් කෙටියෙන් හෝ සටහනක් තැබිය යුතුය.

Read more...

රනිල් යනු කවරෙක්ද ?

හැදින්වීම

මේ රටේ ජනතාව තමන් වෙනුවෙන් නීති සම්පාදනයට, ප‍්‍රතිපත්ති සම්පාදනයට සහ සම්පත් කළමනාකරණය සදහා ආණ්ඩුවක් පත් කර ගැනීමටමේ දිනවල මහා මැතිවරණයකට සුදානම් වෙමින් පවති. නිදහස ලබා ගත් දා සිටම මහජන ජන්දයෙන් තේරීපත් වු නියෝජිතයෝ විවිධ පොරොන්දු දෙමින් බලයට පැමිනියද

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.