Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ගුවන් යානා අතුරුහන්වීමේ අබිරහසේ අබිරහස්

ලෝකයේ ගුවන් ගමන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ලොකුම අබිරහස ලෙස බොහෝ දෙනා සලකන මලයාසියානු එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන් වී පසුගිය මාර්තු 8 වැනිදාට වසරක් සම්පූර්ණ විය. නමුත් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය මෙම යානයට සිදු වූයේ කුමක්දැයි සොයන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් තවමත් සිටින්නේ මීට අවුරුද්දකට පෙර ඔවුන් සිටි තැනමය. එසේ කියන්නට සිදුව ඇත්තේ තවමත් මේ කිසිවෙකුට මෙම ගුවන් යානය ගැන මොනම හෝඩුවාවක්වත් සොයා ගන්නට නොහැකිව ඇති නිසාය. සීට් කවරයක්, ගමන් බෑගයක්, ඇඳුමක කොටසක් තරම් දෙයක්වත් සොයා ගන්නට නොහැකි වීම සැබැවින්ම දැවැන්ත ප්‍රහේළිකාවක් විනා අන් කවරක්ද? එය හරියට ගුවන් යානය පිටසක්වළ ආක්‍රමණිකයන් පිරිසක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර රැගෙන ගියාක් වැනි මහා අබිරහසකි.
ගුවන් යානයට සිදු වූයේ කුමක්ද යන්න ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකි පසුබිම තුළ මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩ වඩාත් පිළිගැනීමට සහ ආන්දෝලනයට ලක් වෙමින් සංසරණය වන කතාවක්ද තිබේ. එනම් මලයාසියානු යානය පැද වූ ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි ෂා , යානය සහ එහි ගමන්ගත් පිරිසත් රැගෙනම සිය දිවි නසා ගැනීමේ අවසන් ගමනක නිරත වූවාද යන්නයි.
මෙම තර්කය මීට පෙරද වරින් වර මතු වූවක් වුවද දැන් එය වඩාත් වලංගුභාවයක් ලබමින් ඇති බවක් පෙනෙන්නේ පසුගියදා කපිතාන් සයිමන් හාඩි නමැති, අත්දැකීම් බහුල ගුවන් නියමුවා විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් පැහැදිලි කිරීම් සහ නිරීක්ෂණයන් කිහිපයක් නිසාය. ගුවන් යානය එහි අවසන් හෝරා කිහිපය තුළ ගමන් කර ඇති රටාව විශ්‍ලේෂණය කරමින් ඔහු ගොඩනගා ඇති තර්කයන් නිසා මෙම සිය දිවි නසා ගැනීම පිළිබඳ සැකය වඩාත් තහවුරු වෙමින් ඇති බවක් පෙනී යයි.
කපිතාන් සයිමන් හාඩි, විශේෂයෙන් ආසියානු කලාපයේ ගුවන් ගමන් මාර්ග පිළිබඳ හසල අවබෝධයක් ඇති, වසර 17 ක් තිස්සේ බෝයිං 777 ගුවන් යානා පැදවීමේ අත්දැකීම් ඇති, මෙම විෂයය පිළිබඳ විශේෂඥයකු ලෙසිනි සැලකෙන්නේ. (අතුරුදන් වූ යානයද බෝයිං 777 වර්ගයේ යානයකි). කපිතාන් හාඩි පවසන්නේ සහාරි ෂා සිය ගුවන් යානය, වුවමනාවෙන්ම නියමිත ගමන් මාර්ගයෙන් පිටතට ගෙන, ඉතා දක්ෂ ලෙස රේඩාර් පද්ධතිවලින් සඟවාගෙන සැතපුම් දහස් ගණනක දුරක් පදවාගෙන ගොස් ඇති බව තමාට ස්ථිර බවයි. යානය මහ සයුර මැදදී අතුරුදන්ව ඇත්තේ ඔහු මේ ආකාරයෙන් වුවමනාවෙන්ම යානය සඟවාගෙන ගමන් කිරීමෙන් පසුවය යන්න කපිතාන් හාඩිගේ විශ්වාසයයි.
ගුවන් යානය අවසන් වරට ගුවන් ගමන් පාලක මැදිරියක රේඩාර් තිරයක සටහන් වූයේ එය දකුණු චීන මුහුදට ඉහළින් චීනයේ බිජිං දෙසට පියාසර කරමින් තිබියදීය. යානයේ ගමනාන්තය වූයේ බිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. නමුත් පසුව චන්ද්‍රිකා තොරතුරු වලින් අනාවරණය වූයේ එය එම ස්ථානයේ සිට, ආපසු හරවාගෙන, ගුවන් ගමන් පාලක රේඩාර් තිරවලට පවා හසු නොවී පැය ගණනක් තිස්සේ පෙරළා මලයාසියාව දෙසට ගමන් කර ඇති බවයි.
යානය අවසන් වරට ගුවන් ගමන් පාලකයින්ගේ සම්බන්ධතාවලින් ගිලිහී යාමෙන් පසු එය ගමන් කර ඇති මාර්ගය තුළ අවධානයට ලක් විය යුතු බොහෝ හෝඩුවාවන් ගැබ්ව ඇති බව කපිතාන් හාඩි අවධාරණය කරයි. එතැන් සිට යානය ආපසු හැරී ගමන් කර ඇත්තේ මලයාසියානු සහ තායිලන්ත දේශ සීමාව ඔස්සේය.
'යානය අට වතාවක්, මේ රටවල් දෙකේ ගුවන් කලාපවලට ඇතුළු වෙමින් පිටවෙමින් ගමන් කර තිබෙනවා. මෙය අහඹු සිද්ධියකට වඩා ඉතා දක්ෂ පියාසර කිරීමක් හැටියටයි සඳහන් කළ හැකි වන්නේ. හැම විටම එක් රටක ගුවන් ගමන් පාලකයන් යානය ඇත්තේ අනෙක් රටේ සීමාව තුළ යයි සිතා ඒ ගැන අවධානය අත හැරීමට මේ නිසා ඉඩ තියෙනවා.' කපිතාන් හාඩි සඳහන් කරයි. මේ තත්ත්වය තුළ නියමු සහාරි ෂාට රේඩාර් තිරවලින් සඟවාගෙන ගුවන් යානය තමාට වුවමනා තැනට ගෙන යාමට ඉඩ ලැබෙන්නට ඇතැයි යන්න ඔහු ඉඟි කරයි.
කපිතාන් හාඩි විසින් ඉදිරිපත් කරන ලද තර්ක අතරින් කාගේත් වැඩි අවධානය දිනා ගන්නට සමත් වූ තර්කය මේ කිසිවක් නොවේ. මැ‍ලේසියානු ගුවන් යානය එහි ගමන් මගෙහි එක් අවස්ථාවක 'පෙනාන්ග්' නමැති දූපත අද්දරින් කිසියම් අසාමාන්‍ය ගමන් රටාවක් අනුගමනය කරමින් ගමන් කර ඇතැයි යන්න හාඩි ඔහුගේ තර්කය සනාථ කිරීමට ගෙන හැර දක්වන ප්‍රබලම සාධකය බව පෙනේ. 'පෙනාන්ග්' යනු අතුරුදන් වූ ගුවන් යානාව පැද වූ නියමු සහාරි ෂා ගේ උපන් බිම පිහිටි දූපතයි. එම දූපත අද්දරින් යානය ගමන් කර ඇති රටාව අනුව කපිතාන් හාඩි අනුමාන කරන්නේ කිසිවකු පෙනාන්ග් දූපත දෙස අවසන් වරට බලන ආකාරයේ හැඟීම්බර නිරීක්ෂණයක යෙදෙමින් යානය පදවා ඇති බවයි.
'පෙනාන්ග් දූපත අද්දරින් යානය පදවා තිබිම කිසියම් අසාමාන්‍ය තත්ත්වයක්.' හාඩි පෙන්වා දෙයි. 'මම බොහෝ වේලාවක් මේ ගැන කල්පනා කරමින් කාලය ගත කළා. එය හරියටම කලකට ඉහත මා ඕස්ට්‍රේලියාවේ අයර්ස් පර්වතය අද්දරින් යානයක් පදවාගෙන ගිය අවස්ථාවට සමානයි. එහිදී ගුවන් ගමන් මාර්ගය වැටී තිබෙන්නේ හරියටම අයර්ස් පර්වතයට කෙළින් ඊට ඉහළිනුයි. ඒ නිසා එම මාර්ගයේ යානයක් පදවාගෙන යද්දී මෙම පර්වතය හරියාකාර දැකගන්න ලැබෙන්නේ නැහැ. මොකද එය හරියටම යානයේ බඳට යටින් පිහිටන නිසා.
'එම නිසා මෙම පර්වතය හොඳින් දැකබලා ගන්නට නම් ඔබ යානය මඳක් දකුණට හෝ වමට හරවා පර්වතය අද්දරින් එය පදවාගෙන ගොස් නැවත වංගුවක් ගෙන නියමිත මාර්ගයට පැමිණිය යුතුයි. පර්වතය හොඳින් දිස්වන්නේ මේ ආකාරයෙන්, ඊට හරියටම ඉහළින් නොව, එය අද්දරින් යානය පදවාගෙන ගියහොත් පමණයි.
එම්.එච්. 370 යානයේ ගමන් රටාව නිරීක්ෂණය කරද්දිත් අපට පෙනාන්ග් දූපතට ඉහළදී මෙවැනි අසාමාන්‍ය වංගු ගැනීමක් දැකගත හැකියි. එක් වංගුවක් නොව වංගු තුනක්ම අරගෙන ඇති බවයි පෙනෙන්නේ. මෙයින් අනුමාන කළ හැකි වන්නේ කිසිවකු පෙනාන්ග් දූපත දෙස කිසියම් හැඟීම්බර නිරීක්ෂණයක යෙදෙන්නට උත්සාහ කර ඇති බවයි.'
මේ කතාවෙන් ඉඟි කෙරෙන්නේ යානය පැදවූ නියමු සහාරි ෂා යානයත් සමග දිවි නසා ගන්නට පෙර අවසන් වතාවට තම උපන් බිම දැක ගනු පිණිස එවැනි අසාමාන්‍ය ගමන් රටාවක් අනුගමනය කරන්නට ඇති බවයි.
ගුවන් නියමුවකු මේ ආකාරයෙන් සිය යානයද එහි සිටින මගීන්ද සමග සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදීම ඉතා කලාතුරකින් සිදුවිය හැක්කක් වන නමුත් එය සිදු නොවිය හැකි දෙයක් යැයි බැහැර කිරීමේ හැකියාවක් නැති බවද ගුවන් ගමන් විශේෂඥයෝ පෙන්වා දෙති. එමෙන්ම කපිතාන් හාඩිගේ ඉහත කී නිරීක්ෂණ නිසා එම මතයට මේ වනවිට විශාල වලංගුභාවයක් ලැබෙමින් ඇති ආකාරයක්ද පෙනේ.
බෝයිං 777 වර්ගයේ යානා පැදවීම සම්බන්ධයෙන් මහත් අත්දැකීම් ඇති තවත් විශේෂඥයකු වන ස්ටීව් ලැන්ඩෙල්ගේ නිරීක්ෂයන්ද කපිතාන් හාඩිගේ මතයට තවදුරටත් රුකුල් දෙන්නක් ලෙස සැලකිය හැක්කකි. යානය රේඩාර් තිරයක අවසන් වරට දිස් වීමෙන් පසු එය නැවත දකුණට හරවා එක දිගට පැය හයක කාලයක් සෘජු ගමන් මාර්ගයක ගමන් කර තිබිම ඔහුගේ අවධානයට හසු වෙයි. මෙතරම් කාලයක්, මෙතරම් දුරක් ගමන් කරන තුරු යානයේ නියමු කුටිය තුළ සිටි කිසිවකු රේඩියෝ පණිවුඩයක්වත් නොදුන්නේ මන්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි. එසේම එවැනි පණිවුඩයක් ලබා දීමට බාධාවක් විය හැකි කිසිදු තාක්ෂණික ගැටලුවක් බෝයිං 777 යානාවල නැති බවද ඔහු පෙන්වා දෙයි.
යානය හෝ නියමු කුටිය තුළ හෝ මහත් විනාශකාරී ගින්නක් ඇති වීම වැනි අවස්ථාවක නම් රේඩියෝ පණිවුඩයක් දීමේ ගැටලුවක් මතු විය හැකි බව ඔහු පිළිගනියි. නමුත් ලැන්ඩෙල් පෙරළා ප්‍රශ්න කරන්නේ යානයේ නියමු කුටිය තුළ එවැනි මහා ගින්නක් තිබුණා නම් යානය පැය හයකට අධික කාලයක් ගැටලුවකින් තොරව පියාසර කළ බවක් පෙන්වන්නේ කෙසේද යන්නයි.
ලැන්ඩෙල්ගේ මෙම තර්කනයද බොහෝ විට අවසානයේ අපව ගෙන යන්නේ යානය තුළ කිසියම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවන්නට ඇතැයි යන අනුමානයටයි. කිසිවකු වුවමනාවෙන්ම සියලු සම්බන්ධතා බිඳ දමා ඇති බවට සැකයක් මේ අනුව ඇති වෙයි. අනෙක් අතට යානය පැහැර ගැනීමක් හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්, වගකීම භාර ගැනීමක් නොමැති වීමද මෙම 'දිවි නසා ගැනීමේ න්‍යාය' සනාථ කරන්නක් බවද බොහෝ දෙනා පෙන්වා දෙති.
එවැන්නක් සිදු වී නම් ගුවන් නියමුවකු සිය යානයද සමග දිවි නසා ගත් බවට සැක කරන නව වැනි අවස්ථාව බවට මෙය පත් වනු ඇත. මීට පෙර එවැනි අවස්ථා අටක් පිළිබඳව වාර්තා වන බව ඇමෙරිකානු ගුවන් ගමන් ආරක්ෂක ජාලය (උඉ ඒමඪචබඪධද ඉඥජභපඪබර ව්ඥබඹධපඬ) සඳහන් කරයි.
පළමු වරට එවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ 1976 සැප්තැම්බර් මාසයේ රුසියාවෙනි. ගුවන් නියමුවකු ඇන්ටනෝව් 2 යානයක් සොරා ගෙන එය පදවාගෙන ගොස් තට්ටු නිවාසයක ගැටෙන්නට සලස්වා ඇත්තේ සිය දික්කසාද වූ බිරිඳ එහි ජීවත් වූ නිසාය. නියමුවා සහ තට්ටු නිවාසයේ පදිංචිකරුවන් 11 දෙනෙකු මෙහිදී මරණයට පත්ව ඇති නමුත් නියමුවාගේ බිරිඳ ඒ අතර සිට නැත.
දෙවැනි වරට එවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ 1979 වසරේ කොලොම්බියාවෙනි. රැකියාවෙන් පහ කරන ලද ගුවන් යානා කාර්මිකයකු හමුදාවට අයත් කුඩා යානයක් සොරා ගෙන පදවාගෙන ගොස් බොගොටා නම් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාපාත් කර තිබේ. මෙම සිද්ධියෙන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇත.
ඊළඟ සිද්ධිය වාර්තා වී ඇත්තේ 1994 රුසියාවෙනි. ගුවන් හමුදා ඉංජිනේරුවරයෙකු මොස්කව් ආසන්නයේ පිහිටි කුබින්කා කඳවුරෙන් ඇන්ටනෝව් 26 යානයක් සොරාගෙන අනතුරුව කුබින්කා නගරය වටා වාර ගණනාවක් ගමන් කරමින් සිට ඇත. අවසානයේ යානයේ ඉන්ධන අවසන් වීමෙන් එය අනතුරට පත්ව නියමුවාද මරණයට පත්ව තිබේ.
1994 වසරේම නියමුවකුගේ දිවි නසා ගැනීමක් ගැන සැක කරන තවත් සිද්ධියක් සිදුව ඇති අතර එය වාර්තා වන්නේ මොරොක්කෝවෙනි. රාජකීය මොරොක්කෝ ගුවන් සේවයට අයත් යානයක් ගුවන් ගත වී සුළු මොහොතකට පසු ඇට්ලස් කඳුවැටියට කඩා වැටී තිබේ. නියමුවා යානයේ ස්වයං නියමු පද්ධතිය ක්‍රියා විරහිත කොට යානය කඳු වැටිය වෙතට යොමු කර ඇති බව සැලකිණි. මෙම අනතුරින් 44 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පස්වැනි සිද්ධිය ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි. මෙම අනතුරින් 104 දෙනෙකු මරු වැළඳගත් අතර අනතුරට ලක් වූයේ සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ යානයකි. මෙහිදීද නියමුවා යානය වුවමනාවෙන්ම පහතට කඩා වැටෙන්නට සලස්වා ඇති බවට සැක කෙරිණි.
මීළඟ අනතුර 1999 වසරේ වාර්තා වන්නේ බොට්ස්වානාවෙනි. මෙම අවස්ථාවේ නම් තමා වුවමනාවෙන්ම යානය කඩාපාත් කරන බව නියමුවා රේඩියෝ පණිවුඩයක් මාර්ගයෙන් ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු සිය යානය ගැබරෝන් ගුවන් තොටුපළට කඩාපාත් කළ අතර ගුවන් තොටුපළේ තිබූ යානා දෙකක්ද එහි ගැටී අනතුරට පත් විය. එක් අයෙකු මරණයට පත් විය.
නියමුවා සිය දිවි නසා ගැනීමෙන් සිදු වූ බවට සැක කරන ගුවන් අනතුරු අතරින් වැඩිම පිරිසක් මිය ගිය අනතුර ලෙස සැලකෙන්නේ 1999 වසරේම ඇමෙරිකාවේ සිදු වූ අනතුරයි. ඊජිප්තු ගුවන් සේවයට අයත් බෝයිං 767 ගුවන් යානාවක් ගුවන් තොටුපළින් අහසට නංවා ටික වේලාවකට පසු පහතට කඩා වැටෙන්නට පටන් ගත් අතර ප්‍රධාන ගුවන් නියමුවා මඳකට නියමු කුටියෙන් ඉවත ගිය අවස්ථාවක සහයක නියමුවා වුවමනාවෙන්ම මෙම අනතුර සිදු කරන්නට ඇති බවට සැක කෙරිණි.
අවසන් වරට මෙවැනි දිවි නසා ගැනීමක් යයි සැක කෙරෙන්නේ 2013 වසරේ නැමීබියාවේ සිදු වූ සිද්ධියකි. මොසැම්බික් සිට ඇන්ගෝලාව බලා පියාසර කරමින් තිබූ යානයක් හදිසියේම පහතට කඩා වැටෙන්නට පටන් ගත් අතර මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එය නියමුවා වුවමනාවෙන්ම සිදු කරන ලද අනතුරක් බවයි. මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 33කි.
කෙසේ නමුත් මලයාසියානු එම්.එච්. 370 ගුවන් යානයේ නියමු සහාරි ෂා යානයත්, එහි ගමන් ගත් 239 දෙනාත් රැගෙන දිවි නසා ගත්තා නම් වැඩිම මගීන් පිරිසක් මරණයට පත් කළ එවැනි සිදුවීම මෙය බවට පත් වනු ඇත

ලක්බිම

 

Read more...

අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.

Read more...

ජාතික හෘදය සාක්ෂියක් නැති තැන දෙමළෙන් ගැයෙන්නේ කවර හැඟීමක්ද?

ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන සංවාදයක් ඇති වී තිබේ. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට ඔසවා ඇත. ඒ ගැන සංවාදයක් නැත.

මුහුණු පොත යනු බොහෝ සංවාද ඇවිලෙන තැනකි. බොහෝ මතවාද පළවන තැනකි. සංවාද ඇවිලී යාමේ හෝ අදහස් මතවාද පළවීමේ අවුලක් කා තුළවත් නැත. ඒත් සියල්ල පරයමින් ජාතිවාදී ව්‍යාපෘතිවල වැසිකිලි දුගඳ හැම අතෙකින්ම හමා එන බැවින් යමක් ලිවිය යුතු ය.

මූණු පොතේ පළ වූ සාධනීය ඇවිලීම් කිහිපයක් පළමුව උපුටමි. ඒවා සාධනීය වන්නේ ඒවා ලියලන්නේ ලියන්නන්ගේ ආධ්‍යාෂය තුළ ම වීම නිසා ය. උත්ප්‍රාසය මෙහිදී සිංහල භාෂාමය වරප්‍රසාදයක් වී ඇතුවා මෙනි.

පෙරටුගාමී සමාජවාදී ගමන්මඟ නිවැරදි නොවැන්නේ යැයි ඉන් ඉවත් වූ රුවන් නෙලූ නිර්මාණාත්මකව මෙසේ පවසයි.

"බුදු අම්මෝ, රට ඉවරෝ, කොටියට දෙනෝ ..!!"

මරාවාදීන් ගේ විලාපය එක් අතකින් සාධාරණ ය. දැන් දෙමළුන් තමන්ට තේරෙන භාෂාවෙන් තමනුත් ශ්‍රී ලාංකිකයින් බව පවසද්දී, "මං පැරදුනේ ඊළාම් චන්ද නිසා " යැයි කියූ එකාගේ ගෝලයින්ට ඇඬෙන්න ම ඕනෑ ය.

මේ වනාහී කිසියම් නිර්මාණාත්මක ‘කින්ඩියකි‘.

ජාතික ගීය දෙමළෙන් ගැයූ බවට සාක්‍ෂි දක්වමින් බුකී පිටියට අවතීර්ණ වන කපිල එම්. ගමගේ ඍජුවම මෙසේ පවසයි.

"රටක් එක්සේසත් කෙරෙන්නේ තමන් සමග ජීවත්වෙන අනෙකාගේ හිස මතට බෝම්බ හෙලීමෙන්ද? අනෙකා මුහුණපාන ගැටළුවලට සාධාරණ විසඳුම් ලබාදීමෙන්ද?

මේවා පිළිබඳව සාධාරණව මධ්‍යස්ථව සිතන්නට බැරි උදවියට මේ දියුණු දේශපාලන තීරණය කොරහේ කිඹුලන් දැකීමක් ලෙස ගන්නේ ශ්‍රී ලංකාව ලෝකය යැයි සිතන බැවිනි. (ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන රටවල් ගැන සොයා බලන්න)"

කපිල වරහන් ඇතුළේ කියා ඇති දෑ ගැන එවන් රටක ජීවත් වෙන රන්සිරිමල් ප්‍රනාන්දු වෙනත් තැනකදී පවසයි. තමන්ගේ අද්දැකීම ඇසුරිනි.

"දැන් සමහරු ලෝකෙ කොහෙවත්ම රටක ජාතික ගීය භාෂා දෙකකින් නෑ කියලා කෑ ගහන්නෙ එහෙම කරාපු එකම රට ලංකාවය කියලා ගිනෙස් පොතේ ලියන්න ද නොදන්නා මුත් අපි ඉන්නා පලාතෙ නං ඔය සිංදුව භාෂා දෙකෙන්ම ලියලා නීති පොතෙත් අච්චු ගහලා තියන බව දැන...අපි නං ඉතින් පරණ පුරුදු විදිහටම.................................සුවසේ වෙසෙමු.....!"

බුද්ධික බස්නායක, ජාතික ගීය දෙමළෙන් ගැයීමේ, මේ ඊනියා විරෝධයට එරෙහිව තම උත්ප්‍රාසාත්මක විරෝධය මෙලෙසින් දක්වයි.

‘‘ජාතික ගීය ද්‍රවිඩ බසින් ගැයීමට විරුද්ධව බුකියේ අදහස් දක්වන මාගේ මිත්‍රවරුණි:

‘‘චිරාත්කාලයක් නොවෙනස්ව පැවතී, ආවේණික යයි අගයන යමක්, වෙනෙකෙක් කොපි කරන විට, ‘රිමික්ස්‘ කරන විට, කෝපයක් මෙන්ම පිළිකුලක්ද ඇතිවීම ඉතා සාධාරණ ය.

ඒ නිසා, උඩරට රදළයන් නොවන ඔබලා සියල්ලන්ම පාහේ මුල් ඇඳුම් සහ ‘කැන්ඩියන්‘ ඇඳන් ෆේස්බුක්වල පවා අප්ලෝඩ් කර ඇති මගුල් පොටෝ දකින විට, හතර වරිගෙම රදළ ලේ ඇත්තන්ට ඇතිවන ශෝකය සහ ජුගුප්සාව දැන්වත් ඔබට තේරෙනු ඇතැයි සිතමි. රදළයන්ට පමණක් කැප තුප්පොට්ටි හත්මාල ආදිය, පිළිකන්නෙන්වත් ගෙට නොගන්නා හැත්තක් අඳිනවා දකින්න වේවි යයි මොණරවිල කැප්පෙටිපොල දිසාව කිසි දිනක සිතන්නට ඇද්ද?

රදළ නාමයටද, උඩරට සම්ප්‍රදායටද හිනස්සවන මේ සිරිත් කොල්ලය සියවසක් තිස්සේ ලංකාව පුරා පැතිරෙනවා දැක දැකත්, සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ කිසිදිනක අඩු තරමින් ෆේස්බුක් ස්ටේටස් එකකින්වත් ප්‍රකාශ නොකිරීමට තරම් සංවර වීම ගැන රදළයින්ට කෘතඥතා පූර්වක විය යුතුය."

ඔහුගේ උත්ප්‍රාසාත්මක රදළ නිදසුන මට වෙනත් උත්ප්‍රාසාත්මක රදළ නිදසුනක් මෙනෙහි කරවයි. ඒ රදළයන්ගේ ස්වයං පාලන ඉල්ලීම ගැන ය. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන පතරංග සංවාද කෙරෙන භූමියේ මුලින්ම ස්වයං පාලන ඉල්ලීමක් කෙරුණේ රදළයන් විසිනි. ඒ 1927 දීය. සුද්දාගෙනි. ඩොනමර් සාමි අබියස ය. තමන් වෙනම ජාතියක් ලෙස කල්පනා කළ උඩරට සිංහලයන් නියෝජනය කළ 'උඩරට ජාතික සභාව' ඩොනමෝර් කොමිසම ඉදිරියේ ඉල්ලා සිටියේ ඇමෙරිකානු පන්නයේ ෆෙඩරල් ක්‍රමයකි. තමන්ගේ ශුද්ධ ජාතිකත්වය රැකගනු පිණිස ය. ශුද්ධවර සියල්ලට ඉංගිරිසි කොළණිකාරයා කෙළවා හමාර කළ පසු ඇතිවූ ඉංග්‍රිසි සිංහල ව්‍යාවස්ථා හා සංශෝධන මගින් දිගින් දිගමට දෙමළ ජනතාවට කෙළවන්නට උඩරට පහතරට භේදයකින් තොරව සියලු සිංහලයෝ එක පෙළට සිට ගත්හ. සිංහලය නම් එහෙම ය. එතනින් නොනැවතී පීඩනයට එරෙහිව දෙමළ මිනිසා කරලියට ගෙනා සටන මර්දනය කරන්නට වෙනම ජාතියක් වූ උඩරට සිංහලයා, පහතරට සිංහලයා සමග සම අසුන් ගත්හ. සිංහලය නම් එහෙම ය.

එබැවින් සියල්ල කෙසේ වුවද මට කියන්නට ඇත්තේ වෙනත් අදහසකි. එය අරඹන්නේ නම් මෙහෙම ය.

'ජාතික ගීයෙ නාමෙන්
සිංහල ළයෙහි රාවය
දෙමළෙන් උසුරුවන
දෙමළ සොයුරිය සෝයුර
කම්පාවක් ය ඔය හඬ
නිනද නැඟෙනා මා තුළ.'

මේ වනාහී සිංහල නිජබිම නොවේ. එසේ හිතන්නේ ඉතිහාසය ගැන කොම්බුවක් තරම් වත් නොදන්නා උංකුං බබාලා පමණකි. ඒ අනුව එසේ පැවසීම බබා උක්කුං වැඩකි. ඓතිහාසිකව ගත් කල මෙය භූමියක් ලෙස විවිධ යුගයන්හි තිබුණේ විවිධ පාලන ක්‍රමවේදයන් ය. උත්කර්ෂයට නැංවෙන ‘සිංහලය‘ නිර්මාණය වීමට පෙර පවා මෙහි වෙනත් ගෝත්‍ර විසූ බව පැහැදිලි ය. 1982 කුරුවිට බටදොඹ ලෙනින් හමුවූ මානව දත පිළිබඳ පර්යේෂණයන්ට අදාළ වාර්තාවක් පළ කරන ජාත්‍යන්තර 'සයන්ස්' සඟරාවේ 2015 මාර්තු කලාපය පවසන්නේ එකී දත අවම වශයෙන් වසර 20,000ක්වත් පැරණි බව ය. දෙමළ දත් කඩන්නට බලන් සිටිනා සිංහලයාට මෙවන් දත් ගැන අදහසක් නැත. ඇතැම් විට එවන් දතක් ගැන ඇසූ විට දතකට පූට්ටු වේ.

සමාජීය වශයෙන් සහ පංතීමය වශයෙන් පවතින සියලු විෂමතා විසුණු කරලීමට පාලකයන්ට යොදා ගත හැකි උසස්ම වර්ගයේ බර අවිය හෝ සුරතල්ම වර්ගයේ බෝම්බය ජාතිවාදය බව කීමට වචන පුනුරුච්චාරණය කරන්නට අවශ්‍ය නැත. යුද්ධය අවසාන කළා යැයි කියූ මොහොතේ දෙමළ නිජබිමට හතරවටින්ම ආ රණ විරුවන් මුල්ලිවයික්කාලෛ පටු බිම් තීරුවට ගොඩවැදුණේ මෙකී සිංහල ජාතික ගීය ගයමිනි. ඔවුන් අත වූයේ සිංහල ජාතික කොඩිය ය. එබැවින් එහි කිසිදු ‘ජාතික’උරුමයක් දෙමළාට නැති බව අප සිහිතබා ගත යුතු ය.

ඒ වන විට ඉහළින් බෝමබ දමමින්, නා නා විධ පොකුරු බෝමබ ගසමින් මරා දැමුණු දෙමළ පුරවැසියන් යහපාලනයකට පවා තවම ගණනය කරන්නට බැරි ය. එතරම් ය. ලෝකයේ කිසිම ජාතියක් තමන්ගේම ජාතියේ හිස මතට මෙසේ බෝම්බ හෙළා ඇතැයි ඔබ අසා තිබෙනවාද? එසේ බෝම්බ හෙලුයේ දෙමළා වනාහි තමන්ගේ ජාතියට අයත් නොවන ජීවියෙකු බව සක් සුද සේ සුපැහැදිලි නිසා ය. එය එසේ බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් පැවසීමට බැරල් ගණන් උපැහැරණ ගෙන හැර පෑ හැකි ය.

ඊළාම්වාදීන් යැයි මරාවාදීන් විසින් හැඳින්වෙන 'යහපාලන රජය' ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ඔසවා තබන්නේ දෙමළාගේ හිස මතට මෙසේ පොකුරු බෝමබ විදීමට අණ දීමෙන් පමණක් නොනැවතී, එය රූපවාහිනී දේශපාලන ගුබ්බෑයම්වලට පැමිණ තලු මරන සරත් ෆොන්සේකාව ය. ඔහු මෙසේ පවසයි.

‘‘මං උදාහරණයක් කියන්නම්. මේ අවසාන සටන කාලෙ චීනයේ ඔලිම්පික්ස් තිබුණා. ඒ කාලෙ මාස පහක් එක දිගට මට පතුරං නැව් ආවෙ නෑ චීනෙන්. ඒ කාලෙදි මගේ කාලතුවක්කු පතුරං ඉවරවුණා ඔක්කොම. අපි වෙඩි තියනකොට සාමාන්‍යෙයන් මල්ටි බැරල් රොකට් හතලිහක් එකපාරට අරින්න ඕනි. ඒ කාලෙ අපි දවසටම එක රොකට් එකයි පත්තු කරන්නෙ. පතුරං ගන්න සල්ලි ඉල්ලුවා, සල්ලි දුන්නෙත් නෑ මට. ඔය අතර අසළ රටක හමුදාපතිට මිත්‍රකමට මං පුද්ගලිකව මං කතා කරලා එයාගෙ තොගවලින් මං ණයට ඉල්ල ගත්තා ඩොලර් මිලියන හැටක පතුරං. එයාට දෙන්න පුළුවංකම තිබුණෙ එච්චරයි. එහෙම කරලා තමයි ඒ මාස පහේ යුද්ධ කළේ.’’

පැවති මරා පාලනයේ ජාතික වීරවරයන් මල්ටි උණ්ඩ ඇණවුම් නොකර සිටි වකවානු වල පවා අන් රට වලින් 'යාලුකමට' ඒවා ණයට ඉල්ලා ගෙන දෙමළ හිස් ගෙඩි මත වපුරන්නට අණ දුන්නේ මොහු ය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවසර ලැබෙන්නේ ද එක් පසෙකින් සරත් ෆොන්සේකා ඔසවා තබන මෙකී යහපාලන ආණ්ඩුවෙන්ම ය. මේ සිද්ධි දෙක පමණක්ම සළකා බැලූ විට හිත තුළ ඇතිවන්නෙ වමනකාරක වූ මාරාන්තික උත්ප්‍රාසයකි.

ඇත්ත වශයෙන්ම නම් මේ ඉල්ලීම කළ දෙමළ දේශපාලකයන් කළ යුතුව තිබුණේ මෙකී සිංහල ජාතික අභිමානී සිංහල ගීතයක දෙමළ පරිවර්ථනයෙන් පැන නැඟෙන මානසික බර අනාගත දෙමළ දරුවා මත බලහත්කාරී ලෙස නොපටවා හිඳීමයි. අවම වශයෙන් ඊට වෙර දැරීමයි. සිංහල සීතිමක් දෙමළ මනස ඇතුළේ සාධාරණීයකරණය නොකර සිටීමට වග බලා ගැනීමයි. නමුත් එය අලුත් වටයකින් සිද්ධ වී ඇත. ජාතික විධායක සභාවේදී මෙම ගැයුම යෝජනා කළ මනෝ ගනේෂන් පන්නයේ දෙමළ දේශපාලන ක්‍රියාකරුවකුට මෙහි බරපතලකම නොතේරීම අරුමයක් නොවන්නේ ය. දෙමළ දේශපාලකයා හා දෙමළ පීඩිතයා අතර ඉතිහාසය පුරාම පැහැදිලි බෙදුම් රේඛාවක් තිබිණ. සිංහල දෑත් ශක්තිමත් කරන්නට නියම්ව හෝ අනියම්ව දායකවුණු දෙමළ දෑත් නම් කොතරම්ද? දෙමළ ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දෙන උවමනාව වඩා බරපතල ලෙස සිතිය යුතු වන්නේ එබැවිනි.

කෙසේ හෝ සිංහල ජාතිවාදීයා අමන හඬින් මොරදෙමින් සිටින්නේ මෙම සිංහල හිතවාදී 'දෙමළ' ව්‍යපෘතියටයි. නූතන සිංහල වර්ගවාදයේ 'පඤ්ඤා' වන නලින් ද සිල්වා මහාචාර්වරයා සිටින්නේද මෙම වාග් සන්නද්ධ අංශයේ ය. ‘ජාතික හෙළ උරුමය’ ට්‍රැක් එක මාරු කර ඇත. මෙන්න! ජාතික හෙළ උරුමයේ ස්ථාවරය:

‘‘ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වාදයක් ඇති වී ඇත. එය මුල්කරගෙන ඇතැම් පිරිස් නැති ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරමින් ඇත. පටු දේශපාලන උවමනාවන් මත ජාතික සංහිඳියාවට හා ජාතික එක්සත්භාවයට හානි කරන ලෙස දක්වන එම මත අදහස් අපි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.‘‘

උපුටනය, එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හෙවත් කමල් දේශප්‍රිය විසින් නිකුත් කෙරුණු නිල නිවේදනයෙනි. ඒ ඒ බනිසයන්ට අනුකූල වන පරිදි ඒ ඒ රඹකැන් තෝරා ගැනෙන න්‍යායික භාවිතයන් වනාහි, සිංහල ජාතික අවස්ථාවාදයේ නිරාකූල පරාවර්ථනයන් බව මගේ අදහසයි.

කොළඹ නව නගර සභා ශාලාවේ පැවති සිංහල - දෙමළ කලා උළෙලට සහභාගී වූ මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි ඇතුළු වයෝවෘධ, ප්‍රවීන, ප්‍රකට දෙමළ කලාකරුවන් හා විද්වතුන්ට පහර දීමට ‘ශුද්ධ සිංහල තර්ජනාංගුලි‘ ළෙලවමින් ආ සිංහල උරුමයේ සිංහල බල සෙනඟට නායකත්වය සැපයූ නයුවෙකු වූයේ මේ නිවේදනය නිකුත් කර ඇති කමල් දේශප්‍රිය ම ය. මෙවන් සිංහලයන්ට එකම ආත්මය තුළ නැවත නැවතත් මැරි මැරී ඉපදෙන්නට පිළිවන. මෙම සිංහල දස මහා යෝධයෝ මෙවන් දේශපාලන ගන්දබ්බ අවදීන්හි හැසිරෙන්නේ ‘‘කැවුම් කෑමට රුසියෝ’’ මෙන් ය.

මෙවන් ‘‘ජාතික හෙළ උරුම‘‘කාරයන්ගේ නිර්දේශ හා අනුමැති මගින් මාගේ ප්‍රවාදය තවදුරටත් සාක්ෂාත් වනු ඇත. මට අනුව, මෙම ගීත සංවාදය කෙසේ වෙතත් ගීත භාවිතය අවසානයේදී සිද්ධ වන්නේ එකම එක දෙයකි. එනම්, සිංහලයා ශ්‍රී ලංකාව නම් වන භූමියට සිංහලයාට ඇති ස්වාමීත්වය ගැන සිංහලයා හිතන ආකාරය එයාකාරයෙන්ම විඳගැනීමට දෙමළ මිනිසාට සිද්ධවීමයි. එය ජාතික පීඩනයේම වෙනත් ස්වරූපයකි. එනයින් ගත් කල මෙය තවත් එක් සිංහල දේශපාලන ව්‍යාපෘතියක් පමණක් බව අවධාරණය කළ යුතුය

මංජුල වෙඩිවර්ධන

http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-32/2014-12-30-18-26-09

Read more...

දෙමාපියන් දුවන රේස් එකේ පිස්සන් වන ළමුන්

බැලූ බැලූ අත අද දක්නට ඇත්තේ තරගයකි. ඒ තරග අතර අධ්‍යාපනයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. දරුවන්ට වඩා අධ්‍යාපන තරගයේ අද දුවන්නේ දෙමව්පියන්ය. ඒ නිසාම දරුවන්ටද ඔවුන් නිදහස දෙන්නේම නැති තරම්ය. ඔවුන්ට සෙල්ලමක් කිරීමට, ඔවුන් කැමති ‍පොතක් පතක් කීයවීමට, ගමනක් බිමනක් යෑමට, යහළුවෙක් යෙහෙළියක් ඇසුරු කිරීමට මේ කිසිම දෙයකට දරුවන්ට දෙමව්පියන් නිදහස ලබා නොදෙන බවක් නම් අද සක් සුදක් සේ පැහැදිලිව පෙනේ. දෙමව්පියන්ට අවශ්‍යව ඇත්තේ දරුවන් එක් තැනකට කොටු කර ‍පොත පත පාඩම් කරනවා දැකීම පමණි. අධ්‍යාපන රටාවේ ඇති තරගකාරීත්වය අද එවැනි තත්ත්වයක් නිර්මාණය කර දී තිබේ.

Read more...

වෙබ් ගොඩ් ෆාදර්ට 50 යි

ලාංකේය දේශපාලනයේ පරිවර්තනීය තත්වයන් අරඹයා විකල්ප මාධ්‍ය කලාවන් සිදුකළ මෙහෙවර එදා මෙන්ම අදද කැපී පෙනෙන සුවිශේෂීත්වයක් දරයි. මෙකී මාධ්‍ය කලාවේ සුවිශේෂී පුද්ගලයන් අතර රුවන් ෆර්ඩිනැන්ඩු නම් පුද්ගලයා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් වෙනත් මාවතකට යොමු කළ පුද්ගලයෙක් වේ. ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දහරාවට ගොනුව තිබූ විකල්ප හා දේශපාලන මාධ්‍ය කලාව අන්තර් ජාල පුවත්පත් දක්වා රැගෙන ගිය මූලිකයෙක් වේ. මේ හේතුවෙන්ම ඔහු වෙබ් මාධ්‍ය කලාවේ ගොඩ් ෆාදර් වශයෙන්ද හැදින්වු අතර එකී කියමන විරුදාවලියක් මිස උපහාසයක් නොවන බව වෙබ් පුවත් පාඨකයින් හා එකී මාධ්‍යයේ නියැලෙන්නන් තහවුරු කරනු ඇත.

Read more...

වැරදි කරන ලද මිතුරන් හමුවීම

ජනවාරි 09 වැනිදායින් පසුව ගෙවී ගිය කාලයේ සිදු වූයේ මැදමුලන වලව්වේ සාලයේ වාඩි වී සිටි මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් ඔහුට ඡුන්දය දුන් ඡන්ද දායකයන්ගේ පෙරහැර ගමන් කිරීමයි. මහින්ද පුටුවේ වාඩි වී සිට දරුවන් සුරතල් කළේය; ගැහැණුන්ගේ මිනිසුන්ගේ සුව දුක් ඇසුවේය; මෛත‍්‍රීපාල ආණ්ඩුවට විරුද්ධව වචනයක් හෝ කීවේය. මීට පෙර ජනාධිපතිවරුන් ධුර කාලය අවසන් වී විශ‍්‍රාම ගිය නිසාත් ජනාධිපතිවරයකුට පරාජය වී ගෙදර යාමට සිද වූ පළමු අවස්ථාව මෙය නිසාත් කලින් ජනාධිතිවරුන් කෙරෙහි ජනතාව දැක්වූ ප‍්‍රතිචාරය හා මහින්දට දක්වන ප‍්‍රතිචාරය සන්සන්දනය කළ නොහැක. නමුත් මෙය විශේෂ තත්වයකි.

Read more...

විමල් සහ නුගේගොඩ

විමලසිරි ගම්ලත්ට ජනී ජනයා බොහෝ සේ ආදරය කළේය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ ලේඛන ශෛලිය හා ඔහුගේ ආශ්‍රයේ සිටි බොහෝ හිතමිතුරන්ගේ සේවනයෙන් ඔප්නැංවූ කැඩපතක් වූ නිසාවෙනි. සමකාලීනයෝ විමලසිරි ගම්ලත් ඔසවා තැබූහ. එකී ඔසවා තැබූවන් අතර සිටි සමහරෙක් ඔහු සමග පසුකාලීන දේශපාලන ගණුදෙනුවේ හරි හරියට සිටීමද ඉතිහාසය දන්නන්ට කදුළක් එක්කරන්නක්ම වන්නේය.

Read more...

මහින්ද අගමැති කරවීමේ දේශපාලන සෙල්ලම

මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන් ජනතාව මැතිවරණයෙන් පසුව අනාථ වී ඇති නිසා ඔහු යළිත් මහ මැතිවරණයකට ඉදිරිපත්ව අගමැති ධුරයට තරග කළ යුතු යැයි උදය ගම්මන්පිල පැවසුවේය.

Read more...

උද්දච්ච ගෝඨාගේ සිහින තොටුපලේ, පාවෙන අසරණ ජීවිත

ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ සුරපුරක් කරන බවට පොරොන්දු දෙමින් නානා විධ විප්‍රකාරයන් කොළඹ නගරයට ආදේශ කිරිමට පටන් ගත්තේය. ඔහු ජීවත් වූ ඇමරිකාවේ නොයෙක් තැන්වල පිහිටි ස්ථානයන් ඒ ආකාරයෙන්ම කොළඹද පිහිටුවීමට ඔහු මනෝ විකාරයක් බවට පත්කොට ගෙන තිබිණි. ඒ සදහා මුදල් ද අවශ්‍ය තරමින් කිසි ලෝස් එකක් නොමැතිව මහා භාණ්ඩාගාරයෙන් ගැනීමට ගෝඨාගේ අයියන්ඩිය වන මහින්ද රාජපක්ෂ ඉඩ සලසා දි තිබුනේය. මේ සියලු කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශුමය සදහා යුද හමුදා සෙබලුන් වහලුන්සේ යොදා ගැනීමට ඔහු තනි අයිතියක් තබාගෙනද තිබිනි. 

Read more...

තුච්ඡ මිලිටරීකරණයේ අධ්‍යාපන වෙඩි උණ්ඩය

ලංකාවේ අනාගත පරපුර තුළ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ගොඩනැගීම ඉතා වැදගත් ය. මෙය කළ යුතුව තිබෙන්නේ එක පැත්තකින් ප්‍රවර්ධනය කරන ලද රාජාණ්ඩු මානසිකත්වයට හා අනෙක් පැත්තෙන් එය සමග අත්වැල් බැඳගත් මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව ය.

Read more...

ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම

‘‘අඩු තරමින් අප ගත කරන දුක්ඛිත ජීවිතවලටවත් ඒවායේ ස්වභාවික අවසානය කරා ළගාවීමට අවසරයක් නොමැත. මා සම්බන්ධයෙන් ගතහොත් මම මැසිවිලි නොනගමි. මන්ද මා වාසනාවන්තයින්ගෙන් කෙනෙක් වන බැවිනි. සහෝදරවරුනි, අපගේ මේ ජීවිතයේ සියලූ දුෂ්ටත්වයන් පැන නගින්නේ මිනිස් වර්ගයාගේ කෲරත්වය තුළින් බව ඔබට පැහැදිලිව නොපෙනේද?’’

Read more...

පාවෙන අවි ගබඩා, පාවෙන මඩ හා තවත් කතා

පාවෙන නොයෙකුත් දේවල් ගැන නොයෙකුත් කතා මීට පෙර අප කොතෙකුත් අසා ඇත්තෙමු. පාවෙන පීරිසි, පාවෙන මාලිගා, පාවෙන පාලම්, පාවෙන පාරු, පාවෙන විදුලි බලාගාර ආදී දෑ කොතෙක්‌ද?

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.