Menu

logo new 2015-5-11

Shamrock-png

පා පැදි සම්මේලනයේ ගැටුම්

පා පැදි සම්මේලනයේ ගැටුම්

ඉදිරි දින කිහිපය ඇතුළත කළුතර සහ කොළඹ යන දිස්‌ත්‍රික්‌ පාපැදි සංගම් පිළිනොගැනීමට නිශ්චිත හේතුවක්‌ දක්‌වන්න ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අපොහොසත් වුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවට එම එක්‌ සංගමයක නියෝජිතයෙක්‌  ප්‍රකාශ කර සිටියේය.

වසර දෙකකට ආසන්න කාලයක්‌ තහනමකට ලක්‌ව සිටින අදාළ දිස්‌ත්‍රික්‌ සංගම් මීට ප්‍රථම කිහිප වතාවක්‌ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙත මේ ගැටලුව නිරාකරණය දෙන මෙන් ඉල්ලා සිටිය මුත් තවමත් එයට නිසි පිළිතුරක්‌ ලැබී නොමැත.

පාපැදි සම්මේලනය මගින් ඉකුත් දා මෙම ගැටලුව නිරාකරණය කිරීමට එක්‌ පාර්ශවයක්‌ පත්කළමුත් එම පාර්ශවය සඳහා මෙම සංගම් දෙකේම විරෝධය පළ වී තිබුණි. ඒකට ප්‍රධානතම හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ මෙම දිස්‌ත්‍රික්‌ සංගම් දෙක තහනමකට ලක්‌ කිරීමේදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මගින් එසේ පත්කළ පාර්ශවය සෘජුවම කටයුතු කළ බවයි.

'මේ පිළිබඳව පරීක්‌ෂණය කරන්න පත් කරපු පුද්ගලයා තමයි අපේ සංගම් දෙක තහනම් කිරීමට මූලික වෙලා කටයුතු කළේ. ඒ නිසා ඔහුට මෙවැනි පරීක්‌ෂණයක්‌ කිරීමට භාර දීම සාධාරණ නැහැ. කොහොම වුණත් මේ ඉදිරි දවස්‌ කිsහිපයේදී අපිව පිළිනොගැනීමට සාධාරණ හේතුවක්‌ ඉදිරිපත් නොකළහොත් සාධාරණය වෙනුවෙන් අපි අධිකරණයේ සහය පතනවා'යි අදාළ සංගම් දෙක වෙනුවෙන් සාමාජිකයෙක්‌ පවසා සිටියේය.

එළැඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතුය. වත්මන් සභාපති වරායට මෙම සංගම් දෙකේ බහුතරය එතරම් පක්‌ෂපාතී නොවීම මෙය විසඳීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක්‌ බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. මාර්තු මාසයේ පැවැත්වීමට යෙදී තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය අවසන්වන තෙක්‌ මේ ගැටලුව නිරාකරණය නොකළහොත් අදාළ දිස්‌ත්‍රික්‌ සංගම් දෙකට නිලවරණයේදී ඡන්දය ලබා දීමේ අවස්‌ථාව අහිමි වනු ඇත.

ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වූ එක්‌ පාර්ශවයක්‌ 'මාර්තු මාසයේ පාපැදි සම්මේලනයේ නිලවරණය තියන්න ඕනේ. අපිව මෙහෙම හිර කරලා තියෙන්නේ නිලවරණය ඉවරවෙනකම්ද කියලත් අපිට හිතෙනවා. මොකද එතකොට අපිට ඡන්දය ප්‍රකාශ කරන්න බැරිවෙන නිසා.'

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත්ද යන වග 'දිවයින' විසින් අදාළ පාර්ශවයෙන් විමසන ලදුව 'ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත්. එතුමා කියලා තියෙනවා මේකට කඩිනමින් සාධාරණ පිළියමක්‌ ලබාදෙන්න කියලා. ඒත් පාපැදි සම්මේලනය මේක තාම අදිනවා.'යි පවසා සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.