Menu

logo new 2015-5-11

Shamrock-png

බැට්මින්ටන් නිලවරණය දැලේ පැටලේ

බැට්මින්ටන් නිලවරණය දැලේ පැටලේ

රජයේ විගණකාධිපති විසින් විගණිත මූල්‍ය ප්‍රකාශනයක් නොමැති බැවින් හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ලෝක බැඩ්මින්ටන් සම්මේලනය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුමත කර නොමැති බැවින් බැඩ්මින්ටන් නිලවරණය නොපවත්වන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ දැනුම්දී ඇත.

රජයේ විගණකාධිපති විසින් විගණිත මූල්‍ය ප්‍රකාශනයක් නොතිබියදී කිසියම් සංගමයක් නිලවරණය පවත්වන්නේ නම් නව ක්‍රීඩා රෙගුලාසි අනුව එය නීති විරෝධී ක්‍රියාවක් බව බැඩ්මින්ටන් සභාපති සුරාජ් දන්දෙනිය මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත.

එබැවින් බැඩ්මින්ටන් නිලවරණය විගණන වාර්තා ලැබෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට සිදුවනු ඇත. හෙට පැවැත්වීමට දින නියමවී ඇති ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් නිලවරණයේ නීත්‍යානුකූල තත්ත්වය සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් කල් ඇතිවම මත පළ කිරීම හේතුවෙන් නිලවරණය පැවැත්වීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව එදින අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බව කලින් ප්‍රකාශ වුණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණයේදී අනුබද්ධ සංගම්වලට ඡන්ද 51ක් හිමිව තිබෙන අතර මත විමසීම අත් ඔසවා විවෘත ඡන්දයක් මගින් සිදු කිරීමට නියමිතව තිබුණි.

මෙවර සභාපති තනතුරට හයදෙනකු නාම යෝජනා භාරදී ඇති අතර එය බැඩ්මින්ටන් ඉතිහාසයේ මුල් පුටුවට වැඩිම පිරිසක් තරග වදින අවස්ථාවකි. උප සභාපති තනතුරු 7ක් සදහා 19ක් ඉදිරිපත්ව සිටීමද කැපී පෙනේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.