Logo
Print this page

සංගක්කාර ටීම් එක ගැන අප්‍රසාදයෙන්

සංගක්කාර ටීම් එක ගැන අප්‍රසාදයෙන්

ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකරයි.

කුමාර් සංගක්කාර එම අදහස් පළකළේ, බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් 'චේන්ජ් ෆෝරම්' නම් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අදහස් දක්වමිනි.
"යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ," ඔහු පැවසීය.

"කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්."
මෙය අවාසනාවන්ත තත්වයක් බව පැවසූ කුමාර් සංගක්කාර, එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ව්‍යුහයේ ගැටළු පවතින බව පෙන්වාදුන් කුමාර් සංගක්කාර එමගින් දක්ෂයන්ගෙන් දක්ෂයන් ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිනොවන බවයි කියා සිටියේය
මෙය තමන්ගේ පෞද්ගලික අදහස බව පවසන කුමාර් සංගක්කාර, තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් සඳහන් කළේය.
මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව එක් දින තරග ක්ෂේත්‍රයේ දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රවීණ ක්‍රීඩා විචාරක ඩීන් ජෝන්ස් ද පසුගියදා පෙන්වාදුන්නේය.
බිබිසි

Latest from Editor

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.theindependent.lk Copyright © 2015 - All rights reserved