Menu

logo new 2015-5-11

Shamrock-png

විස්සයි විස්ස තරග ජයත් සමග බංග්ලාදේශය සමස්ත තරගාවලිය සම කරයි

විස්සයි විස්ස තරග ජයත් සමග බංග්ලාදේශය සමස්ත තරගාවලිය සම කරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.

විස්සයි 20 තරග බිමෙන් සමුගන්නා බංග්ලාදේශ ක්‍රිකට් නායක මස්රෆී මෝටර්සාට ගෞරවයක් පිණිස මේ තරගය ජයග්‍රහණය කිරීම එකම අරමුණ කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී ඕවර් 20කදී කඩුලු 8කට ලකුණු 176ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව ඕවර් 18කදී සියලු දෙනා දැවී ලකුණු 131කට සීමා විය. ශ්‍රී ලංකා ඉනිමට තර්ජනයක් දුන් මෂටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 4ක් හා සකීබ් අල් හසන් කඩුලු 3ක් බිඳ හෙලීම බංග්ලාදේශ ජයග්‍රහණය ඉක්මන් කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලැබූ චාමර කපුගෙදර තම 43වැනි විස්සයි 20 තරගයේදී මුල්ම අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 35කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමග ලකුණු 50ක් ලැබීම හා ලසිත් මාලිංග විස්සයි 20 අන්තර්ජාතික ක්‍රීකට් බිමේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීම කැපී පෙනෙන සිදුවීම් විය. මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, නවසීලන්තයේ ජේකොබ් ඕරාම් හා ටිම් සවුතී, පසුගිය වසරේදී ඉන්දියාවේ රංචිහීදී තිසර පෙරේරා විස්සයි 20 කඩුලු ත්‍රිත්ව ලබා ගත්හ.

දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග තම සිවුවැනි ඕවරයේදී පිට පිට කඩුලු තුන දවාලීමෙන් බංග්ලාදේශ ලකුණු වේගය පහළ වැටුණි. ලකුණු පුවරුව 169 වෙද්දී ලකුණු 15ක් ලබාසිටි මුෂ්ෆිකර් රහීම්ගේ හා අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ නායක මෂ්රාෆි මොර්ටසාගේ ඉනි ගලවා දැමූ මාලිංග, විස්සයි 20 වරම් දිනාගත් මෙහෙදි හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් හා දිල්ෂාන් මුණවීර පිටියට පිවිස කුසල් මුල්ම පන්දුවට හතරේ පහරක් ලබා සකීබ්ගේ දෙවැනි පන්දුවට කඩුල්ල පූජා කොට ක්‍රීඩාගාරයට හැරී ගියේය. මුණවීර වැඩි වේලාවක් නොසිට ලකුණු 4කට දැවී ගිය අතර පන්දු 21කදී හතරේ 3ක් සමග ලකුණු 21ක් ලබාසිටි උපුල් තරංග ලකුණු 23කට දැවී ගිය අතර මෂටර්ෆිසුර් රෙහ්මාන්ගේ පිට පිට පන්දු දෙකකදී අසේල ගුණරත්න හා මිලින්ද සිරිවර්ධන ලකුණු නොදීම දවා ගැනීම බංග්ලාදේශ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය විය.

පස්වැනි කඩුල්ලට පන්දු 45කදී ලකුණු 58ක සම්බන්ධතාවක් කපුගෙදර හා තිසර එක්කොට ශ්‍රී ලංකාවට යම් සහනයක් ලැබුණු අවස්ථාවේ තිසර සකීබ්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී රහීම් කඩුල්ල බිඳ දැමීමෙන් ලකුණු 27කට දැවී ගියේය. ඒ වෙද්දී තිසර පන්දු 22කදී හතරේ පහර 3ක් සමග ලකුණු 27ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 11ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ ඉනිමට හොද ආරම්භයක් දුන් ඉම්රුල් කේයස් හා සෞම්‍ය සාර්කර් පළමු කඩුල්ලට ලකුණු 71ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පළමු කඩුල්ල ලෙස සාර්කර් දැවී ගියේ පන්දු යැවූ අසේල ගුණරත්න වෙත උඩ පන්දුවක් දී ලකුණු 34කටය. ඔහු දැවී යද්දී පන්දු 25කට මුහුණදී දැවැන්ත හයේ පහර දෙකක් හා හතරේ පහර 4ක් එල්ල කොට තිබුණි.

විකුම් සංජය යැවූ තරගයේ සිවුවැනි ඕවරයේදී හයේ පහර දෙකක් හා හතරේ ගහරක් සමග ලකුණු 18ක් සොරා ගැනීමට ආරම්භක පිතිකරුවන් සමත්වූ අතර පළමු තරගයට ක්‍රීඩා කළ ටමීම් ඉක්බාල් වෙනුවට එක්වූ කේයස් ලකුණු පුවරුව 78ක් වෙද්දී දුවද්දී දැවී ගියේ පන්දු 25කදී හතරේ 4ක් හා හයේ පහරක් ද සමගින් ලකුණු 36ක් ලබා සිටියදීය.

අංක තුන පිතිකරු සබීර් රෙහ්මාන් තෙවැනි කඩුල්ලට සකීබ් අල් හසන් සමග එක්ව ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී ලකුණු 19කට දැවීගිය අතර, ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ සකීබ් අල් හසන්, කුලසේකරගේ පන්දුවකට ‘ඩිල්ස් කූප්’ පහරකට යෑමේදී කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. සකීබ් පන්දු 31දී හතරේ පහර 4ක් සමග ලකුණු 38ක් වාර්තා කළේය.

පිතිකරුවන් සිවු දෙනකුම ලකුණු 7ක් තුල දැවීයද්දී පන්දු යවන්නාගේ අන්තයේ බලා සිටි මොහොමදුල්ලා නොදැවී ලකුණු 4ක් ලබා සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.