Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පරාජය වැළඳගැනීමට සිදුවන බව පසක් කරමිනි.

තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 47 ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දැමීමට දැඩි උත්සාහයක නිරත වූ අතර ඔහුට යම් පමණක හෝ සහායක් ලැබුනේ නායක රෝහිත් ෂර්මාගෙන් පමණි. ෂර්මා ලකුණු 24 ක් රැස්කළ අතර වෙනදා දකින මුම්බායි ක්‍රීඩකයන්ගේ ප්‍රවේගකාරී ප්‍රහාරය පාලනය කිරීමට පූනේ පන්දු යවන්නන් සමත් විය.



පන්දු ඕවර 20 අවසානයේදී මුම්බායි කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 129 ක් පමණි. ඒ සඳහා කඩුලු 8 ක් ප්‍රතිවාදීන්ට පූජා කිරීමට ඔවුන්ට සිදුවිය. පන්දු යැවීමේදී උනඩ්කට් සිය පන්දු ඕවර 4 අවසන් කළේ ලකුණු 19 කට කඩුලු දෙකක් ලබාගනිමිනි. ඇඩම් සම්පා කඩුලු දෙකක් හා ඩෑන් ක්‍රිස්ටියන් කඩුලු දෙකක් බිඳහෙළීය.

130 ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹායෑමට පිටියට පිවිසි පූනේ කණ්ඩායම මානසික අතින් ඉතා ශක්තිමත්ව සිටියේ සිය ප්‍රතිවාදීන් මෙම තරගාවලියේදී අවස්ථා තුනකදීම පරාජය කර තිබූ හෙයිනි.

පූනේ කණ්ඩායමේ ආරම්භය තරමක් මන්දගාමී වූ අතර තෙවැනි පන්දුවාරයේදී තරුණ ක්‍රීඩක ත්‍රිපති දවාගනිමින් තරගයට අවතීර්ණවීමට මුම්බායි ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් ඉන්පසු දෙවැනි කඩුල්ල සඳහා 54 ක සබඳතාවයක් එක්කිරීමට රහනේ සහ නායක ස්මිත් සමත් විය. එහෙත් ලකුණු ලබාගැනීම මන්දගාමීව සිදුවූ අතර එම සබඳතාවය සඳහා පන්දු 57 ක් වැයකර තිබිණි.

ලකුණු 71 දී රහනේ දැවීයාමෙන් පසු පිටියට පිවිසියේ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ය. හොඳම තරග අවසන් කරන්නා (Best Finisher) ලෙස හැඳින්වෙන දෝනි සුපුරුදු පරිදි සෙමෙන් සෙමෙන් සිය ඉනිම ආරම්භ කළ අතර එහෙත් ඔහුට පිටියේ ස්ථාවරවීමට ජස්පිට් බූම්රාහ් සහ ලසිත් මාලිංගගෙන් අවකාශ නොලැබිණි. අවසානයේ පන්දු 13 කදී ලකුණු 10 ක් ලබාගත් දෝනි බූම්රාහ්ගේ පන්දුවකට දැවීයන විට තරගය නැවතත් මුම්බායි කණ්ඩායම දෙසට දෝලනය විය.

ඉන්පසු මුම්බායි ක්‍රීඩකයන් තවදුරටත් පූනේ පිතිකරුවන් සිරකර තබාගැනීමට සමත් වූ අතර නායක ස්මිත් පමණක් පිටියේ හුදෙකලා වෙමින් සිය අන්තය ආරක්ෂා කරගැනීමට සමත් වුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ස්මිත් ලකුණු 51 ක් ලබාගත් අතර ඒ සඳහා ඔහු පන්දු 50 කට පමණ මුහුණ දී තිබිණි.

අවසන් පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී ස්මිත් දැවීගිය අතර ඒ වනවිට ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම දෙසට දෝලනය වී තිබූ අතර අවසානයේ පූනේ කණ්ඩායම ඕවර 20 නිමාවට පත්වන විට ලබාගෙන තිබුණේ ලකුණු 128 ක් පමණි.

මුම්බායි කණ්ඩායමේ මිචෙල් ජොන්සන් ලකුණු 26 කට කඩුලු 3 ක් සහ බූම්රාහ් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත් අතර ලසිත් මාලිංග කඩුලු ලබාගැනීමට අපොහොසත් වුවද සිය පන්දු ඕවර 4 අවසන් කළේ ලකුණු 21 ක් පමණක් ලබාදෙමිනි. කරන් ශර්මා පන්දු ඕවර 4 තුළදී ලබාදී තිබුණේ ලකුණු 18 ක් පමණි.

මුම්බායි කණ්ඩායම මීට පෙර 2013 සහ 2015 වසරවල IPL දිනාගැනීමට සමත් වූ අතර ඒ අනුව වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනාගත් කණ්ඩායම බවට පත්වීමට ඔවුන් අද සමත් විය. පූනේ කණ්ඩායම අවසන් තරගයට පැමිණ පළමු අවස්ථාව මෙය වන අතර බොහෝදුරට පූනේ කණ්ඩායම IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන අවසන් අවස්ථාව ද මෙය විය හැකිය.

සිය කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම සඳහා දියත් කළ ඉනිම වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ කෘනාල් පාන්ඩ්‍යා අවසන් තරගයේ වීරයා සම්මානය සඳහා නිර්දේ විය.

මෙම අවසන් තරගය මෙන්ම තරගාවලිය දෙස ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු අවධානය යොමුකළ අතර වෙනත් වසරවලදී එයට හේතුවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගාවලියට ක්‍රීඩා කිරීමයි. එහෙත් මෙවර ලසිත් මාලිංග පමණක් තරගාවලිය පුරා ක්‍රීඩා කළ අතර ඇන්ජලෝ මැතිව්ස් තරග කිහිපයකට පමණක් ක්‍රීඩා කළේය.

මෙවර බොහෝදෙනා IPL තරගාවලිය දෙස අවධානය යොමුකළේ මහේල ජයවර්ධන මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම හේතුවෙනි. IPL කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගත් පළමුවැනි ශ්‍රී ලාංකිකයා මහේල වන අතර කණ්ඩායමක ප්‍රධාන පුහුණකරු ලෙස ඔහු කටයුතු කළ පළමු අවස්ථාව ද මෙය වේ.

පළමු අවස්ථාවේදීම තමන් සාර්ථක පුහුණකරුවෙකු බව ඔප්පු කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප IPL තරගාවලියේදී ලද එකම ජයග්‍රහණයයි. එසේම ලසිත් මාලිංග තරගාවලිය ආරම්භයේදී එතරම් දක්ෂතා අතරට නොපැමිණියද අවසන්භාගයේදී සපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර එය චැම්පියන්ස් කුසලානයේදී ශ්‍රීලංකා කණ්ඩායමට හිතකර වනු ඇත.

මහේල ජයවර්ධන ඔබට ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ උණසුම් සුබ පැතුම්......

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.