Menu

logo new 2015-5-11

Shamrock-png

ලංකාවට දණ ගැසූ ඉන්දියාව අප්‍රිකාවට තලා අවසන් පූර්ව වටයට

ලංකාවට දණ ගැසූ ඉන්දියාව අප්‍රිකාවට තලා අවසන් පූර්ව වටයට

ඉන්දියාව ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගය කඩුලු 8 කින් ජය ගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම පන්දුවාර 38 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී නියමිත ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය. තරගය ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් විණ.

කාසියේ වාසිය දිනු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පන්දුවට පහර දුන්, දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191 කි.

ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වෙමින්, ක්වයින්ටන් ඩී කොක් ලකුණු 53ක් රැස් කළේ ය. වේග පන්දු යවන්නන් වන බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 23 කට සීමා කරමින්, රෝහිත් ෂර්මා ලකුණු 12 කට දැවී ගියේ ය.

ශීකර් දාවන් සහ නායක විරාත් කෝලි දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 128 ක සබඳතාවක් ගොඩනැගූහ.

එක්දින ක්‍රිකට් දිවියේ 19 අර්ධ ශතකය වාර්තා කළ ශිකර් ධවාන් ලකුණු 78 කට දැවී ගියේ ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.