Menu

logo new 2015-5-11

Shamrock-png

හැමෝට අවශ්‍ය දේ මට කරන්න බෑ මට හිතෙන දේ විතරයි පිටිය මැදදි කරන්න පුළුවන් - ඇන්ජලෝ මැතිව්ස්

හැමෝට අවශ්‍ය දේ මට කරන්න බෑ මට හිතෙන දේ විතරයි පිටිය මැදදි කරන්න පුළුවන් - ඇන්ජලෝ මැතිව්ස්

කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමේදී ඉදිරියේදී විශේෂීකරණය වූ ක්‍රීඩකයන් යොදා ගැනීම වැදගත් බවත් තුන් ඉරියව් ක්‍රීඩකයන් යනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීම වැදගත් නොවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි. පාකිස්තානයට එරෙහිව 12දා පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

"අපි ඉස්සරහට යද්දී විශේෂීකරණය වූ ක්‍රීඩකයන් තෝරගන්න වෙයි සමහර අවස්ථාවලදී. තුන් ඉරියව් ක්‍රීඩකයන් කියලා නිකං ගහලා තේරුමක් නෑ. නමුත් මම හිතන්නේ ඒ ඒ තණතිලි හැටියට වෙනස් වෙන්න වෙයි.

ඉස්සරහට යද්දී සමහර විට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරලා අපිට ඉන්න ක්‍රීඩකයන් වෙනස් කරලා යවන්න පුළුවන්. නමුත් ඉස්සරහට යද්දී ඒ දේවල් වෙනස් වෙන්න වෙයි."

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් අසේල පන්දුයැවීමට යොදා යොදානොගැනීමට හේතුව ද පැහැදිලි කලා

"ගිය තරගයේදීත් (ඉන්දියාවට එරෙහි) අසේල ගුණරත්නගේ පන්දු යැවිම ගැන කතා කළා. නායකයෙක් ලෙස හැමෝටම අවශ්‍ය දේ පිටිය මැද කරන්න බෑ. මට ඒ අවස්ථාවේදී හැගෙන දේ තමයි මම කරන්නේ හරි වුණත් වැරදි වුණත්. ඒ දේ මම කරනවා භය නැතුව. මොකද මම තමයි අන්තිමේදී උත්තර දෙන්නේ. ඒ වෙලාවේ පිතිකරුවන් මොකක්ද කරන්න යන්නේ කියලා තමයි වෙනස් කම් කරන්නේ."
එෂියන් මිරර්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.