Menu

logo new 2015-5-11

Shamrock-png

ඉන්දියාවේ පුහුණුකාර තනතුර බොරුවක් - මහේල

ඉන්දියාවේ පුහුණුකාර තනතුර බොරුවක් - මහේල

කටකතා පැතිර යන නමුත‍් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ජයවර්ධන විසින් බාරගැනීමට නියමිත බවට ඇතැම් දෙස් විදෙස් පුවත් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණද, එය පුවත ප්‍රතික්ෂේප කරමින් මහේල ජයවර්ධන විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉහත ප්‍රකාශය සිදුකර තිබේ.

එසේ වුවද, තමන් දැනට දායකත්වය ලබාදී ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හා බංග්ලාදේශ ප්‍රීමියර් ලිීග් කුල්නා ටයිටන්ස් පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.