Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 17 April 2017

විකිණීම ජයටම මාදුරු ඔය චීනයට විකුණයි

මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54,250 ක භූමි ප‍්‍රමාණයක් චිනයට දිමට කටයුතු කරමින් සිටින බව ප‍්‍රදේශවාසිහු කියති. දේශිය කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිම සදහා මෙම ඉඩම් චිනයට ලබා දිමට කටයුතු කර ඇති බවත් අක්කර 43,250 ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහාත් වෙන් කර ඇතැයි කියති.

Read more...

යහපාලනයේ අලුත්ම විකිණිල්ල - කටුනායක ගුවන්තොටේ ඉඩම් විකුණයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ පිහිටි ඉඩම් කැබලි දෙකක් කාමර 100 ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා මැ‍ලේසියාව හා සිංගප්පූරුව යන රටවල පෞද්ගලික සමාගම් දෙකකට බදු දීමට රජය තීරණය කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එම මගීන්ගේ නවාතැන් පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇත.

Read more...

මීතොට මුල්ලේ මිය ගිය ගණන 27 දක්වා ඉහල යයි තවත් සිරුරු සොයා නිරීක්ෂණ

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 27ක් බව මේ වන විට තහවුරු වී තිබේ. පසුගිය 14දා පස්වරු 2.30ට සිදුවූ හදීසි මරණ වලින් පසු මේ වන විට පැය පනහකටත් වඩා ඉක්ම ගොස් ඇති බැවින් හෙට වන විට මෙම මළ සිරුරු බෙහෝ දුරට නරක් වනු ඇත. එමෙන්ම මේ දිනවල ප්‍රදේශයේ පවත්නා සෙල්සියස් අංශක 30ට වැඩි උෂ්ණත්වය හමුවේ මෙම නරක් වීමේ ශීඝ්‍රතාව තවත් ඉහළ යනු ඇතැයි පැවසේ. කෙසේ හෝ මෙම සිද්ධියෙන් පසු 40ක් පමණ පිරිසක් පිළිබඳව කිසිම තොරතුරක් නොමැති අතර ඔවුන්ට කුමක් සිදුවූයේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චය වී නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වී ඇත. එහෙත් මෙම අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව තවමත් නිල වශයෙන් ප්‍රකාශවී නැත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.