Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ෆොන්සේකාගෙන් ලක්ෂ 50කට විදින්න හැදූ ශිවගීතාකේ ගණිකා මඩමක් මාට්ටු

ෆොන්සේකාගෙන් ලක්ෂ 50කට විදින්න හැදූ ශිවගීතාකේ ගණිකා මඩමක් මාට්ටු

මඩකලපුව මහ නගර සභාවේ නගරාධිපතිනී සිවගීතා ප්‍රභාකරන් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 23 දින මඩකළපුවේ පිහිටි ඇගේ නිවසේදීම අත්අඩංගුවට ගනු ලැබුවේ, ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගියාය යන චෝදනාව මතය.

හිටපු නගරාධිපතිනිය සමග තවත් පුද්ගලයින් නවදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබුණි. ඉන් දෙදෙනකු අදාළ ගණිකා වෘත්තියේ යොදවන ලද කාන්තාවන් බව ‍පොලීසිය කියයි. අත්අඩංගුවට පත් පිරිස අතර ඇයගේ සැමියාද වෙයි. කෙසේ වෙතත්, හිටපු නගරාධිපතිනිය ඇතුළු හතර දෙනකු අදාළ චෝදනාව මත ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකළපුව ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා නියෝග කළේය.
ලෝකයේ පැරණිතම රැකියාවට පණ පෙවූ හිටපු නගරාධිපතිනී සිවගීතා ප්‍රභාකරන් පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් විය. ඇය සිය නිවස නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යමින් මෙම ව්‍යාපාරය කාලයක් මුළුල්‍ලේම සිදුකර ඇති බවත්, ප්‍රදේශයට පැමිණෙන විවිධ දේශපාලනඥයන්ට නොමිලයේම ගණිකාවන් සැපයීම හේතුවෙන් මතෛක් කලක් අවහිරයකින් තොරව මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් ‍පොලීසිය කියයි.
සිවගීතාගේ පියා වූ රාජන් සත්‍යමූර්ති මහතා එක්සත් ජාතික පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු සංවිධායකවරයෙකි. ඔහු 2004 වසරේ පැවැති මහ මැතිවරණයට දෙමළ ජාතික සංවිධානයේ මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදී කොටි සංවිධානය විසින් සිය නිවසේදීම වෙඩි තබා ඝාතනය කරන අතර, ඒ වන විට සිවගීතා ටියුෂන් ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටියාය. සිවගීතාගේ පියා ඝාතනය කෙරුණ ස්ථානයේදීම තවත් අයෙකු ද ඝාතනය වූ අතර, පසු කලෙක සිවගීතා විවාහ වූයේද එම ස්ථානයේදී මියගිය අනෙක් පුද්ගලයාගේ පුතු ප්‍රභාකරන් සමගය. හෙතෙම රජයේ පාසලක මුරකරුවකු ලෙස සේවය කරයි.
සිවගීතාගේ පියා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු වුවද, සිවගීතා සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ, පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂයෙනි. 2008 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මඩකලපුව මහ නගර සභාවට තරග වදින සිවගීතා එහි නගරාධිපති ලෙස තේරීපත් වන්නේ, වැඩිම මනාපයෙනි. එසේම ඇය ටී.එම්.වී.පී. පක්ෂයේ ජාතික ‍ලේකම් තනතුරටද පත්වන්නීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් නායක නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා මහතාගේ ප්‍රබල ආධාරකාරිනියක වන සිවගීතා කලින් කලට පක්ෂ මාරු කරන අයෙකු ලෙසද ප්‍රකටය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ, ඔහුට සහය දීමට ද ඉදිරිපත් වූ සිවගීතා වැඩි කලක් යෑමට පෙර නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩ විය.
2013 වසරේදී නියමිත කාල සීමාව ඉක්මවූ පළාත් පාලන ආයතන බොහොමයක් රජය විසින් විසුරුවා හරින ලද අතර, ඊට මඩකලපුව මහ නගර සභාවද අයත් විය. නගරාධිපති ධුරය අහිමිවූ පසු නැවත වරක් සිය පක්ෂය මාරු කරන සිවගීතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත්වන්නීය. සිවගීතා ප්‍රභාකරන් ඉකුත් මහ මැතිවරණයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයෙන් තරග වැදීමට ඉදිරිපත් වුවද, මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවන ගැටුම අවසන් වන්නේ, සිවගීතා නැවතත් එක්සත් ජනතා සන්ධානයට එක්වෙමිනි.
නැවත වරක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ සිවගීතා ප්‍රභාකරන් සරත් ෆොන්සේකා මහතාගේ විවිධ දුර්වලතා කියමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳ හේතු දැක්වුවද, මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිවගීතා රුපියල් ලක්ෂ පනහක් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටීම හා එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඊට ආසන්නම හේතුව බව කියැවේ.
සිවගීතා ප්‍රභාකරන් මඩකලපුව ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඇයගේ මහ නිවසේම මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ, සිය දේශපාලන හයියද උපයෝගි කර ගනිමින් බව රහසක් නොවේ. සිවගීතා සිය දේශපාලන ගමන ආරම්භ කළ ටී.එම්.වී.පී. පක්ෂයේ නායකයා වූ හිටපු නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාද ඝාතන චෝදනාවක් මත මඩකළපුව රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙද්දීම එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ඉසිලූ හිටපු පුරපතිනිය ගණිකා මඩමක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත එම බන්ධනාගාරයටම පැමිණීම ෙදෙවෝපගත සිද්ධියකි.
කොටි සංවිධානයේ බලය හා භීෂණය මඩකලපුව දිස්ත්‍රික්කය වෙලාගෙන තිබූ අවදියක උතුරේ ප්‍රභාකරන්ට මඩකලපුවේ ප්‍රභාකරන් බලවත් හිසරදයක්ව තිබූ අතර, ඇය ඝාතනය කිරීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යර්ථවී තිබුණි. මේ නිසා උතුරේ ප්‍රභාකරන්ට කොකා පෙන්වූ එකම දමිළ ගැහැනිය ලෙස සිවගීතා ප්‍රභාකරන් දකුණේ ප්‍රකටව සිටියාය. එහෙත්, ඇය සිය දේශපාලන හයියද නොමැති අවදියක ලෝකයේ පැරණිතම රැකියාවට පණ ‍පොවමින් සිය නිවසේ ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් ‍පොලීසියට කොටුවීම තුළින්, ප්‍රභාකරන්ට පමණක් නොව මුළු රටටම සිවගීතා ප්‍රභාකරන් කොකා පෙන්වා ඇති බව දැන් හෙළිවී හමාරය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.