Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 08 May 2017

2006 දී හූ කියල පන්නපු කොම්පැනි කාරයෝ ආයෙත් ඌවට ගෙන්වනවා - සමන්ත විද්‍යාරත්න

පහුගිය ආණ්ඩුව 2006 ගේන්න හදලා අසාර්ථක වුණු ව්‍යාපෘතියක් වර්තමාන ආණ්ඩුව ඌව වෙල්ලස්සේ බින්තැන්නට ගේන්න හදනවා. මේ වනවිට උක් වගාකරන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කැබිනට් අනුමැතිය අරගෙන කර්මාන්ත ශාලාවට මුල්ගල තියන්න යොදාගෙන තිබෙනවා. 2006 දෙසැම්බර් මාසයේ මිල්රෝයි ප‍්‍රනාන්දු කැබිනට් අනුමැතියක් අරගෙන ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර 65,000ක් බ්‍රිතාන්‍යයේ බූකර් ටේට් සමාගමට දෙන්න ගියා. මොනරාගල පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ආරම්භ කළෙත් මේ සමාගමයි. 2006 මෙම ඉඩම් ලබාදීමට එරෙහිව ජනතා විරෝධයක් පැන නැගුණා. 2006-2007 වකවානුවේදී බිබිල, මැදගම, මඩුල්ල, බඩල්කුඹුර, රිදීමාලියද්ද, මීගහකිවුල, ලුණුගල, කන්දකැටිය, පදියතලාව, මහඔය යන ප‍්‍රදේශවලින් ඉඩම් අක්කර 65,000ක් දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබුණා. එයට විශාල විරෝධයක් පැන නැගුණා. උගතුන්, බුද්ධිමතුන් මහජන පෙත්සම් අත්සන් කළා. ජවිපෙ අපි පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වුවා. එදා ධර්මදාස බණ්ඩා ඇමතිවරයා තමයි ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කළේ. එදා නැවතුණු ව්‍යාපෘතිය අද නැවතත් ඇවිත්.

Read more...

ඊශ්‍රායලයට ජවිපෙන් බලපෑම්

ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පලස්තීන තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලබන පෙත්සමට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බිමල් රත්නායක මහතා අත්සන් තැබීය.

Read more...

සරත් ෆොන්සේකාට එරෙහිව හරේන් ඇද ගැනීම විජේදාසගේ ගේමක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත තනතුරක් සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වූ එජාප තනතුරු ලබාදීම සමග සම්බන්ධකොට විජේදාස රාජපක්ෂ විසින් ඒ සදහා හරේන් ප්‍රනාන්දුද විරුද්ධ බවට ප්‍රචාරයක් යවා සරත් ෆොන්සේකාට එජාප විරෝධී කඳවුරක් නිර්මාණය කිරීමට උත්සාහ දරණු ලැබීය.

Read more...

දානේ අවුල් නම් දන්සැල් කැන්සල් - උපුල් රෝහණ

* පවතින පීඩාකාරී කාලගුණික තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන කිවුවොත්?

දැනට ඇතිවෙලා තියෙන කාලගුණික තත්ත්වය කිහිප ආකාරයකින්ම ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් කරනවා. එකක් තමයි මේ නියං කාලගුණයත් එක්ක ඇතිවී තිබෙන ජල හිඟය නිසා සෞඛ්‍ය තර්ජන කිහිපයක්ම එල්ලවෙලා තියෙනවා. මෙහිදී වඩා වැදගත් කාරණා දෙකක් මේ තුළ තියෙනවා. ඉන් එකක් තමයි පවතින ජල ප්‍රභව (මූලාශ්‍ර) අපවිත්‍ර වී තිබීම. අනෙක තමයි නියඟයට උත්තර හොයන්න , ඉල්ලුමට අවශ්‍ය සැපයුම දෙන්න හතු පිපෙනවා වගේ බිහිවෙලා තියෙන ජලය අලෙවි කරන ව්‍යාපාරිකයන් ඔවුන් මේ කර්මාන්තය සඳහා ලියාපදිංචිවෙලා ඕනෑම ජල ප්‍රභවයකින් ජලය අරගෙන විකුණන තත්ත්වයට පත්වෙලා.

Read more...

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙන් මැක්‍රොන්

ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ.

Read more...

මහින්දගේ අය ඡන්දයට එන්නේ අපි එක්ක - එස්.බී

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්. බි. දිසානායක  පැවැසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.