Menu

logo new 2015-5-11

Shamrock-png

පොළොන්නරු ගල් විහාරය ආරක්ෂාවට නව වැඩපිළිවෙලක්

පොළොන්නරු ගල් විහාරය ආරක්ෂාවට නව වැඩපිළිවෙලක්

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරයේ ශෛලමය බුදු පිළිමවහන්සේලා හා පර්වතයේ ඉදිරිපස වසර ගණනාවක් තිස්සේ රිළවුන් හා අනෙකුත් සතුන්ගේ වාසස්ථාන හා ලැගුම්හල් වීම නිසාත් ශාකමය දිලීර නිසාත් බරපතළ ලෙස අව පැහැගැන්වී තිබිම නිසා එය නවීන පුරාවිද්‍යාත්මක නියමයන් අනුව සංරක්ෂණය කිරීමේ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අරඹා තිබේ.

එහි කටයුතු මේ දිනවල පෙරවරුවේ සිට රාත්‍රී 12.00 දක්වා සිදු කෙරන අතර ඓතිහාසික ගල්විහාර පුදබිමේ ගෞරවය හා ගාම්භීරත්වය ආරක්ෂා වන පරිදි මෙම සංරක්ෂණ කටයුතු සිදුවන බව එහි නිලධාරියෙක් පැවැසීය. මේ අතර මීට වසර සියයකට පමණ ඉහතදී සිදු කරන සංරක්ෂණ කටයුතුවලින් පසු සිදු කරන ලද මෙම සංරක්ෂණ කටයුතුවලදී එදා එම කටයුතු මැටි හා සිමෙන්ති බදාම යොදාගෙන සිදු කිරීම නිසා ගල්විහාර ගෘහයේ ඇති ඡත්‍රයක් සහිත පිළිමයේ ඇතැම් තැනෙක පතුරු ගැලවී යාමට පටන් ගෙන ඇති බවද නිරීක්ෂණය වී තිබේ. පළමු අදියරේදී පිරිණිවන් මංචකයේ පිළිමය හා හිටි පිළිමය මෙන්ම ඊට යාව ඇති පර්වත බැම්ම ද සංරක්ෂණය කෙරේ.

කාලාන්තරයක් තිස්සේ රිළවුන් හා අනෙකුත් සතුන් ලැගීම නිසා මඩ හා වසුරු තැන්පත්ව ඇති බවත් ශාකමය දිලීර ආදිය නිසා දුර්වර්ණව තිබිම නිසාද ගල් විහාර පුද බිමේ ආකර්ෂණීය පෙනුම නැතිවී විනාශ වෙන්නට පටන් ගැනීම නිසා මේ පිළිබඳව අවධානය යොමු කළ මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත එහි පුරා වස්තු සංරක්ෂණ අංශය විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරයි. සංරක්ෂණ කටයුතු සඳහා සුදුසු නවීන විද්‍යාත්මක ක්‍රම හා ඒ සඳහා විශේෂයෙන් පුහුණුව ලත් නිලධාරීන් විසින් මෙම කටයුතු සිදු කෙරේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.