Menu

logo new 2015-5-11

Shamrock-png

තලවිල ව්‍යාපාරික ස්ථානවලට දඩ

තලවිල ව්‍යාපාරික ස්ථානවලට දඩ

තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් ඒ අවට පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කර ඇත.

දින 07 ක පමණ කාලයක් පුරා සිදු කරන ලද මෙම මෙහෙයුමේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 52 කට නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

තලවිල පුජා භූමිය ආසන්නයේ ස්ථීරව පවත්වා ගන ගිය ව්‍යාපාරික ස්ථාන 49 කට කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් 2,02,000 ක දඩ නියම වී ඇත. තලවිල පූජා භූමිය තුළ තාවකාලිකව පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කර ඉන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළවි කළ ව්‍යාපාරිකයින් 08 දෙනෙකුට තලවිල සංචාරක අධිකරණයේ නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. එහි දී ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට රුපියල් 27,500 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇති අතර අධිකරණයට නොපැමිණි ව්‍යාපාරිකයින් 03 කුට වරෙන්තු නිකුත් කර ඇත.

මීට අමතරව මිනිස් පරිබෝජනයට නුසුදුසු ආහාර අළවි කළ ව්‍යාපාරිකයින් රැසකට අවවාද කර ඇති මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරික ස්ථාන වල තිබූ ආහාර ද්‍රව්‍යය රැසක් විනාශ කර දමා ඇත.

හෝටල්,ආපන ශාලා,සිල්ලර අළවිසැල්,පලතුරු අළවිසැල්,රසකැවිලි අළවිසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.

තලවිල පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ට පිරිසිදු ආහාර මිළදී ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් මෙම වැටළීම් සිදු කර ඇත.

පුත්තලම නියෝජ්‍යය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍යය පෝල් රංජිත්,කල්පිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීන් වන උදාර ප්‍රනාන්දු සහ දම්ශ්‍රී ද සිල්වා යන මහත්මා මහත්මීන්ගේ උපදෙස් මත තලවිල මහජන සෞඛ්‍යය පරීක්ෂක සුමිත් ජයනන්ද වාස් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබුණි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.