Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ඩෙංගු ඇති කළ පිරිසකට නඩු

ඩෙංගු ඇති කළ පිරිසකට නඩු

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 29 වන දිනෙන් ආරම්භ කළ ඩෙංගු මර්දන සතියේ පළමු දිනය වන ඊයේ (29) දිනය තුලදී පමණක් පරිශ්‍ර 83274 පරික්ෂා කර 573 දෙනෙකුට නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සැදුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ මෙම මදුරු මර්දන වැඩසටහනට එක්ව ඇතැයි ද පැවසේ.
බස්නාහිර පළාත තුළ පමණක් පරිශ්‍ර 23,491ක් පරික්ෂාවට ලක්ව ඇති අතර ඉන් මදුරු කීටයින් සහිත පරිශ්‍ර 561ක් සොයා ගෙන ඇත. ඉන් පුද්ගලයින් 1517කට නොතීසි සහ 260කට නඩු පැවරීමට ද කටයුතු කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර,ගාල්ල, මාතර , හම්න්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක අවදානම් දිස්ත්‍රික්කයන් ලෙස නම් කර ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.