Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අක්ෂි කාඩ සහනය පිට පාරේ යයි

අක්ෂි කාඩ සහනය පිට පාරේ යයි

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළ ද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනතාවට ලබාදූන් ලාභය අක්ෂි කාච අලෙවි සමාගම් සහ ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් බෙදා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අක්ෂි කාච අලෙවි සමාගම් 38 කින් අලෙවි කරන අක්ෂි කාච වර්ග වල මිල අඩු කළ අතර, ඉන් පාරිභෝගිකයාට හිමිවන්නේ රුපියල් 2000 පමණ ලාභයක් බව අමාත්‍යවරයා සදහන් කරයි.

අක්ෂි කාච මිල දී ගැනීමේ දී පාරිභෝගිකයාට ඊට වඩා ලාභයක් ලැබිය යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබදව විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද සදහන් කරයි.

වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කර ගත නොහැකි බව සදහන් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ව්‍යාපාර සිදූ කිරීමේ දී සාධාරණ විය යුතු බව ද පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.