Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දැයට දුටු ගැමුණු කුමරුවන් හා විහාර මහාදේවී දුවණියන් ලබා අධිෂ්ඨාන පූජාවක්

දැයට දුටු ගැමුණු කුමරුවන් හා විහාර මහාදේවී දුවණියන් ලබා අධිෂ්ඨාන පූජාවක්

ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා දැයට දුටුගැමුණු කුමරුවන් හා විහාර මහා දේවී වැනි දියණියන් බිහිකිරීම සදහා ආශිර්වාද කිරීමේ අධිෂ්ටාන පිංකමක් අම්පාර ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ රජගහ නුවර ශ්‍රී ලංකා වේළුවරනාරාමාධිපති පූජ්‍ය පල්ලේගම විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් මිනිසත් හඬ සංවිධානය , කොරියාවේ බෞද්ධාශ්‍රමය හා එක්ව සිදුකරනු ලබන මෙම අධිෂ්ඨාන පූජාව මේ මස 11 වන දින උදෑසන 9.00 සිට ලාහුගල මගුල් විහාරයේදී පැවැත්වෙන අතර එහිදී ගැබිනි මාතාවන් 100 දෙනෙක් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ආහාර පාන බෙදාදීමට කටයුතු යොදා ඇති බව මෙම අධිෂ්ඨාන පූජාවේ සම්බන්ධිකාරක පූජ්‍ය උහන සුමන හිමියෝ සදහන් කොට සිටියහ.

අධිෂ්ඨාන පූජාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සංවිධායක පූජ්‍ය පල්ලේගම විජිත හිමියන් සදහන් කොට සිටියේ විහාර මහාදේවිය ගොඩ බසින ලද ස්ථානයේ පිහිටි මෙම මගුල් විහාර භුමියේදී මෙම අධිෂ්ඨානය සිදුකර අපේ දැයේ මෑණිවරුන්ට අප ආශිර්වාද කරන්නේ දුටුගැමුණු කුමරුන් වැනි පුතුන්ද විහාර මහා දේවි වැනි දූවරුන්ද මේ මොහොතේ අපේ දැය ඉල්ලා සිටින බැවින් එකී ආශිර්වාදය කිරීමට සුදුසුම බිම මෙම මගුල් විහාරය බවත්ය.
එසේම මේ පළාත් මීට පෙර දැඩි ත්‍රස්ත උවදුරුවලින් ගහනය වූ බිම් වන අතර මේ වන විටත් ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යෙය් ජීවත් වන අතර ඔවුන්ට දිරියක් වීම ජාතියේ අවශ්‍යතාවයක් මෙන්ම අපගේ ආශිර්වාදය ඔවුන්ට හිමි විය යුතුබවත්ය.
එසේම මේ සදහා දෙස් විදෙස් මිතුරන්ද උදව් කරනු ලබන බවද උන් වහන්සේ සදහන් කොට සිටියේය.

MINI

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.