Menu

logo new 2015-5-11

Shamrock-png

වාහන වැරදිවලට දඩය 25000 යි

වාහන වැරදිවලට දඩය 25000 යි

මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්තකරවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පැදවීම, දුම්රිය මාර්ගයක් හරහා අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නෙනාමැති ව රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල රුපියල් 25000ක දක්වා වැඩි කෙරෙන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ හැර අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම, බාලවයස්කරුවන් විසින් රිය පැදවීම සඳහා අවම දඩ මුදල් රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.