Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සරසවි සිසුන් දෙදෙනෙකු මිය යාමට ඇතුලට ගිය පොලීස් නිලධාරීන්ට ඇප

සරසවි සිසුන් දෙදෙනෙකු මිය යාමට ඇතුලට ගිය පොලීස් නිලධාරීන්ට ඇප

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා මෙම නියෝගය අද ලබාදුන්නේය.

2016 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා රාත්‍රියේ යාපනය - කොකුවිල් ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබු අතර ඔවුන්ගේ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට නිරීක්ෂණය වී තිබුණි.

ඒ අනුව එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.