Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Ritesh Batra ගේ LUNCH BOX - උපාලි ජයසිංහ

ඔබ ගොඩවී ඇත්තේ වැරදි දුමිරියකට වුව. සමහර විටෙක එය ඔබව නිවැරදි ගමනානත්තයට ගෙන යනු ඇත
_______________________________________
——- Ritesh Batra ගේ LUNCH BOX — ( ඉංදියානු විශිෂ්ට සිනමා පටය )
———————————————————–

මුමිබායි නගරයට එන ලක්ෂ ගණනින් දිවා ආහාරය අඩංගු කෑම පෙටිටි අතරින්
වැරදි හුවමාරැවට ලක් වූ කෑම පෙටිටියේ කතාව
—–
මහල් ගොඩනැගිල්ලක පහල මහලේ තරුණ ගැහැණියක් ඉහළ මාලයේ අයෙකුට මෙහෙම කියනව
‘‘ ඇන්ටී අදනම් අපේ එක්කෙනාට නෙවෙයි කෑම පෙටිටිය ගිහිල්ල තියෙන්නෙ‘‘
‘‘ ඉලා කොහොමද දන්නෙ ‘‘
‘‘ පෙටිටියේ මුකුත් ඉතුරු නෑ ! ඔක්කොම කාලා ! ‘‘
———-
ඊළග දිනයේ ,
මහත්තයා මම මෙි ලියුම කෑම පෙටිටියට දැමිමෙ ඔබ බලයි කියල හිතාගෙන
ස්තූතියි මහත්තයට ඔක්කොම කාල තිබුනට ඒත් මම මෙිව උයල එවන්නෙ ආසාවෙන් මගේ
මහත්තයට කන්න. කමක් නෑ හිස් කෑම පෙටිටිය දැක්කම මම සතුටු වුනා මොකද මම
හිතනව කාගෙ හරි බඩක් සතුටු කරනවයි කියන්නෙ එයාගෙ හදවතත් සතුටු කරනව කියල
මීට ඉලා

Read more...

සුදු මල් පොකුරේ සුදු මල් නොපිපී රතු මල් පිපුණේ ඇයි? – තරුෂි නවංජනා ලියනාච්චි

සමාජය ඉදිරියේ මතු නොව නීතිය ඉදිරියේ ද වරදකාරියක වුණු සුදු අක්කලා එදා මෙන්ම අදත් සමාජයේ අඩුවක් නැතිය. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක් වන ‘සුදු අක්කා’ 90 දශකයේ සිනමාවට එක්වූ තවත් සාර්ථක සිනමා කෘතියකි. ජෝ අබේවික්‍රම, සනෝජා බිබිලේ, වීනා ජයකොඩි, සංජය ලීලාරත්න, මහේන්ද්‍ර පෙරේරා,ප්‍රියා රණසිංහ, චන්ද්‍රා කළුආරච්චි ‘සුදු අක්කා’ හි රංගනයෙන් දායක වෙයි.

 ගැහැණු සිතේ අහුමුළු පීරාගත හැකි සංකීර්ණ හැඟීම් කැටි වූ සිනමා කෘතියකි සුදු අක්කා..සුදු අක්කා අනුකම්පා සහගත, ඉක්මනින් උණුවෙන ලයැති අහිංසක යුවතියකි. “ලේසියෙන් තම්බන්න බෑ “කියා සිටි ඇයද දුර දිග නොසිතා සිදු කළ ක්‍රියාවෙන් සමාජයේ රැවටීමට බඳුන් විය. කමල්ට ද අවසන අත්වූයේ මරණයයි. පන්සිල් සුරකින සමාජයක අවශ්‍යතාව හා අධ්‍යාත්මික ගොඩනැංවීම මොනවට ප්‍රතිදීප්ත කරන මෙම සිනමා කෘතිය කාමේසු මිච්චාචාරයේ ආදීනව මතු කරන බෞද්ධාගමික ඌරුවක් ගත් සිනමාත්මක නිර්මාණකෘතියක් බව විටෙක සිතෙයි. තවත් විටෙක එය ඉක්මවා යමින් ලෝකයේ  හා ස්වභාවධර්මයේ යථාව නිරූපණය කිරීමක් ලෙස හඳුනාගත හැකිය..

ගැහැණියක පතන සෙනෙහස ආදරය උපරිමයෙන් ලැබූ සුදු අක්කා එතරම් ආදරබර අහිංසක සැමියෙකුට පිටුපෑමට හේතුව කිම? කුලී නිවසක වුව තම දරුවන් දෙදෙනා සමඟ යකඩ පිරික්සම් කරන බාස් උන්නැහේ කෙනෙක් වූ තම සැමියාගේ පිරී ඉතිරෙන සෙනෙහස ඇයට ලැබුණි. සුදු අක්කාගේ මිතුරිය වූ තංගා නම් දමිල යුවතිය දරුවන් නොලැබීම නිසා තැවුලෙන් සිටිනතර සුදු අක්කාට දරු සම්පතින්ද අඩුවක් නොවීය. කමල් මල්ලී ඇගේ සිරුර ‘හැඩයි’ කියා කරනු ලැබූ ප්‍රකාශය සුදු අක්කාට ආරංචි වීම ඈ කුපිත කරවූවක් විය. නමුත් සිත යටින් ඇය එයට කැමතිය. සංස්කෘතියේ සදාචාරාත්මක බර කමල්ට දොස් කීමට ඈ පෙළඹවීය. සුදු අක්කා එම ප්‍රකාශය කන වැකීමෙන් පසු කිහිප වතාවක් කැඩපත ඉදිරියේ රැඳුනේ තම සිරුරේ හැඩ බැලීමටයි. පසු අවස්ථාවක ද සුදු අක්කා කමල් සමඟ ප්‍රකාශ කළේ ද “කියන්න තියෙන දෙයක් මටම කියන්න ඕනනෙ..එකෙක්කෙනාට කිව්වහම මං ගැන මොනවද හිතන්නෙ..” එම ප්‍රකාශය කමල්ට සුදු අක්කාගේ කාමරයේ යතුර තමාට ලැබුණාක් වැනි විය. ” එහෙනම් ආයෙත් කියනකොට සුදු අක්කටම කියන්නම්”යනුවෙන් කමල් පැවසුවේ එබැවිනි. එතැන් සිට කමල් පිළිබඳ අනුකම්පාවක් ඇගේ සිතේ වර්ධනය විය.

තම පුංචි පුතු ප්‍රියන්ත අනතුරකට ලක් වූ අවස්ථාවේ දුවපැන කටයුතු කළේ කමල්ය. සුදු අක්කාගේ සැමියා වන ඩේවිඩ් ද එම අවස්ථාවේ පැවසූයේ ” හරි හොඳ ඉලන්දාරියා..⁣මේකෙ වෙන උන් වගේ නෙවෙයි ” ⁣යනුවෙනි. මෑතක සිට කමල් තුළින් අහිංසකයෙකු දුටු සුදු අක්කාට තම සැමියා ද එය පිළිගැනීම තුළ තව තවත් කමල් කෙරෙහි පැවති ප්‍රසාදජනක හැඟීම වර්ධනය කරන්නක් විය..

“ඔය කොච්චි සම්බෝලෙත් එක්ක කාලා බලනවකො.. තමුසෙ හැමදාම ඉල්ලයි..”ඩේවිඩ්ගේ චරිතයට පණ පොවන ජෝ අබේවික්‍රමයන් මෙම චිත්‍රපටය තුළ මැණිකක් දිලෙන්නා සේ අනර්ඝ රංගනකාර්යයි සිදු කරයි..සිනමා කෘතියේ ගුණාත්මක භාවය වෙනුවෙන් තම රංගනයෙන් වඩාත් සාධාරණයක් ඉටු කරන්නේ ඔහුය.

සුදු අක්කාගේ සැමියා වන ඩේවිඩ් සුදු අක්කාට වඩා බොහෝ වියපත් පෙණුමකින් යුතු අයෙකි. ඇයට ඔහුගෙන් බිඳුවක් නොඅඩුව, සෙනෙහස හා රැකවරණය ලැබුණ ද ඇගේ සිතැඟි පරිදි තරුණ වියේ ආශාවන් සංසිඳවා ගැනීමට ඇයට නොහැකි විය. මෙම චිත්‍රපටයේ එක් සිදුවීමක් මතකයට නැඟෙයි. එක් රාත්‍රියක සුදු අක්කා තම සැමියා අසල නිදා සිටිනතර ඇය ඔහුව ස්පර්ශ කරයි. අනෙක් පස හැරී සිටින ඔහු එලෙසම සිට සුදු අක්කාගේ අතක් වැළඳ නැවත නින්දට වැවෙයි. දවසේ දහදිය හෙලා සිදු කෙරූ වෙහෙසකර වැඩ කටයුතු ඔහුව රාත්‍රියේ තවතවත් නිදිබර කරවීය..සුද්දි ඩේවිඩ්ගේ කකුල මතින් කකුලක් ද⁣මා  ගත්තේ ඔහු හා ලිංගික එක්වීමකට ආරාධනා කිරීමටයි. නමුත් ඇගේ අරමුණ ඉටු නොවිනි.

එතැන් සිට සුදු අක්කාගේත් කමල්ගේත් සම්බන්ධය ඇරඹුනි.. මැරතන් තරඟයක් වෙනුවෙන් කැපවී පුහුණුවීම් කරන ජව සම්පන්න තරුණයා වූ,  තම කුලී නිවසේ හිමිකාරියගේ පුතණුවන් වූ, ඇගේ අසල්වැසියා වූ, ඇයට වඩා වයසින් බාල වූ කමල්ගේ කාම පහස සුදු අක්කාට ලැබුණි. ඇය එයට ලෝභ විය.

‘සුදා ..ඔයා සතුටින් ඉන්නවා දකින් මං හරි ආසයි..මම උදේ හිටන් රෑ වෙනකල් යකඩ තලන්නෙ උඹ වෙනුවෙන්.. මේකෙ ඉන්න හැම ගෑණියෙකුටම වඩා හොඳින් උඹව තියන්න..උඹ ඒක පිළිඟන්නවද?’

කමල් හා සුදු අක්කා අතර සම්බන්ධයක් ඇතැයි සැක සිතුණු ඩේවිඩ් තම බිරිඳට කතා කළේ එසේය. ඩේවිඩ් යනු කෙතරම් ඉවසිය හැකි, කාරුණික මිනිසත්කම් පූර්ණ වූ මනුෂ්‍යෙයක් දැයි එයින් වැටහේ. ප්‍රේක්ෂකයාට කඳුළු නංවන ලෙස භාවාතිෂය හැඟීම් කුල්ගන්වන රංගනයේ යෙදීමට ජෝ අබේවික්‍රම නම් අසහාය රංගන ශිල්පියා සමත්කම් දරයි. සුදු අක්කා හා කමල් අතර වර්ධනය වන සම්බන්ධයට සාපේක්ෂව ඩේවිඩ් සුදු අක්කාට දක්වන ආදරය පෙන්වන දර්ශන අභියස ප්‍රේක්ෂකාගාරය කුතුහලයෙන් වික්ෂෝප වෙයි.

“සුදා උඹට පුළුවන් නම් මාව සදාකාලික නින්දට පිටත් කරපන්..” ඩේවිඩ් මෙසේ පවසන්නෙ මහා බරක් ශෝකයක් සිත්හි තබා ගෙනයි. එම ප්‍රකාශය හා එය පවසන ස්වරය සහෘද ප්‍රේක්ෂක දෑසට කඳුළැලි එක් කරයි.

ඩේවිඩ් ට වෙනසක් නොකලද ඇය කමල් හා තදින් බැඳුනි. එය කොතරම්ද කියතොත් කමල්ට පෙම්වතියක් සිටින බව ආරංචි වූ මොහොතේ ඈ සිටි ස්ථානය සොයා ගොස් කෑගැසීමට තරම් සුදු අක්කා බොළඳ පෙම්වතියක් වී ඇත. මෙයින් කුපිත ⁣වන කමල් පැමිණ සුදු අක්කා වෙත බැණවැදුණු අවස්ථාවේ සුදු අක්කාත්, මෙතෙක් වේලා නැරඹූ ප්‍රේක්ෂකයාත් පුදුම කරමින් කමල් හිතූ තරම් අහිංසකයෙකු නොවන බව හැඟෙයි. විවාහ වී දරු දෙදෙනෙක් සහිත පවුලක් ඇති සුදු අක්කා⁣ට තම ජීවිතයට බලපෑම් කිරීමට,  තම අනාගත විවාහයට බලපෑම් කිරීමට ගත් උත්සාහයත් දුටු කමල් තව තවත් කොපයෙන් වියරු වැටෙන්නට ඇත.

කමල්ගේ වෙනස සුදු අක්කාට දරාගත නොහැකි කාරණාවකි.. තම ආදරබර ස්වාමියාගේ සෙනෙහසට පිටුපා කමල්ට මුලා වූවෙකු සේ සුදු අක්කාගේ හෘද සාක්ෂිය හඬාවැළපිනි. තම නිවසට වැටෙන ගල් ප්‍රහාරයට කමල් ද සම්බන්ධ වූ බව ඇසූ ඇය තව තවත් කම්පා විය.. “කමල් මට ගල් ගහල මදි”. ඒ ඇගේ පාපොච්චාරණයයි. අවසන ඇය සමඟ නිදිවැදුනු ඔහුත් ඇයට වේසිය යැයි ඇමතීය. එයයි පුරුෂෝත්තම වාදී සමාජයේ අවසන කාන්තා උරුමය.” තොගේ තියෙන වේසකමට ඒ කෙල්ල පලි නෑ යකෝ”සුදු අක්කා ගොස් තමාගේ අලුත් පෙම්වතිය හමුවීම නිසා කෝපයට පත් කමල් එසේ පැවසීය. අවසන ගමේ සියල්ලන්ම සුදු අක්කාට බැණ වැදිණි. ඔවුන් ඇයට ගල් ගැසූහ.

චිත්‍රපටයේ ආරම්භයේ සිටම මැරතන් තරඟයට පෙර පුහුණුවීම් කළ කමල්ගේ අවසාන තරඟය දින ඔහුගේ ජය කණුව අභියස ලේ විලක් කිරීම සුදු අක්කාගේ ඉවසීම පුපුරා ගිය අවස්ථාවයි. සුදු අක්කා සමාජයට, හෘද සාක්ෂියට, පමණක් නොව නීතියටද වරදකාරියක් විය. ඇය ඒ තත්වයට පත්වූ ආකාරය හොඳින් බලා සිටි ප්‍රේක්ෂකාගාරය ඇගේ හැඟීම් හා ඇයට මුහුණපෑමට සිදු වූ අවස්ථාවන් පිළිබඳව හොඳින් දැන සිටිති. සුදු අක්කාගේ අවසන් ඉරණම සිර ගෙයයි. ඇගේ රෝගී සැමියා හා අහිංසක දරුවන් දෙදෙනා තනි කර දමමින් ඇයට පිටත් වීමට සිදු විය. චිත්‍රපටය ආරම්භ වන්නේ මෙම දර්ශනයෙනි. ඇගේ ස්වාමියාගේ සමාව ඇගේ හිත තව තවත් පෑරීය.

සුදු අක්කාට වදනකින් හෝ සැනසීමක් ලැබීමට හැකිවූයේ දමිල ජාතික තරුණිය වූ තංගා නැමැති යෙහෙළියගෙනි. ජාතිය නොව අනුන්ගේ දුකට සංවේදී වන සහකම්පනය මනුෂ්‍යත්වය උත්තරීතර කරවන බව එයින් ගම්‍ය වේ. පලිගැනීම ‍වෛරය කෙළවර වන්නේ බියෙන්ය..ශෝකයෙන්ය.. සම්පූර්ණ කළු හෝ සුදු චරිත නොමැති සමජයේ අඩුවැඩි වශයෙන් කළු සුදු චරිත වෙසෙයි.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

රෝහින්ග්‍ය අර්බුදයෙන් රෑ රැජිනට කිරුළ අහිමිවේ

රකයින්' පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය 'රූ රැජින සම්මානය' තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

Read more...

චාමර වීරසිංහ ජනප්‍රිය ශ්‍රී ලංකිකයා වෙයි (ඡායාරූප සහිතයි )

වසරක් පාසා පැවැත්වෙන Ada Derana Sri Lankan of the Year 2017 පසුගිය 27 දා උත්කර්ෂවත් ලෙසින් අවසන් වුණේ අප රට තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දස්කම් දැක්වූ පිරිසට සම්මාන රැසක් හිමිකර දෙමින්.

Read more...

හොඳම නවකතාව - ගරුඩ මුහුර්තය, හොඳම කෙටි කතාව - මකර තොරණ

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය ගරුඩ මුහුර්තය නවකතාව රචනා කිරීම වෙනුවෙන් සම්මානලාභී ලේඛක කීර්ති වැලිසරගේ මහතාට හිමි විය.

Read more...

ප්‍රතිසන්ධානය Reconciliation චිත්‍ර දැක්ම

ප‍්‍රතිසන්ධානය, සංහිඳියාව, සමගි සන්ධානය:ඉතාම සංකීර්ණවූත් බරපතළ වූත්ජනපි‍්‍රයවූත්හාස්‍යජනව කවූත්මිත්‍යාවක්වූත්අවස්ථාවාදිවූත්ජුගුප්සාජනකවූත්දුඃඛාන්තයක්වූත්බඩගෝස්තරවාදින්ගේඅවියක්වූත්දේශපාලඥයින්ගේ පලිහක්වූත්විද්වතුන්ගේපැවැත්මවූත්පිඩිතයන්ගේසිහිනයක්වූත්සංඥාවකි.

Read more...

රමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික කාන්තාව ගෙත්සි ෂන්මුගම්

පිලිපීනය විසින් පිරිනමනු ලබන, ආසියාවේ නොබෙල් තෑග්ග ලෙස ද ගෞරවයට පාත්‍ර වන රමෝන් මැග්සේසේ සම්මානය 2017දී දිනා ගත් සය දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටියි.

Read more...

මළත් නොමළ ප්‍රේමකීර්ති

ප්‍රවීණ කලාකරුවකු වූ අභාවප්‍රාප්ත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 28 වැනි ගුණ සමරුව අදට (31) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ගතානුගතිකත්වයෙන් මිදී තමාට ම ආවේණික ස්වාධීන මං පෙතක සැරිසරමින් නව අත්හදා බැලීම් උදෙසා ඇප කැප වී සිටි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙරට සම්මත විද්‍යුත් මාධ්‍ය සම්ප්‍රදාය උඩුයටිකුරු කළ අසහාය මාධ්‍යවේදියෙකි.

Read more...

කතුවරුන් 16කගේ පොත් 30 එළි දකින අහස සාහිත්‍ය උළෙල

අහස පොත් ප්‍රකාශකයන් විසින් සංවිධානය කරනු ලබන අහස පොත් වැස්ස 2017 සාහිත්‍ය උළෙල ජුලි මස 03 වන දින දවස පුරා කොළම මහජන පුස්තකාල භුමියේදී පැවැත්වේ.

Read more...

ආදර ගීතයේ කෝකිලයා සමුගනී

ශ්‍රී ලාංකික දස දහස් සංඛ්‍යාත රසික හදවත් ස්වප්ත ස්වරයේ සොඳුරු මියැසියෙන් ස්පර්ෂ කළ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) කො‌ළඹ පෞද්ගලික රො‌හලකදී අභාවප්‍රාප්ත විය.

Read more...

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී

ස්වකීය ජීවීත කාලයෙන් අඩකටත් වඩා සිනමා ලේඛනයෙන්- විචාරයෙන් ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල අද (30) උදෑසන ජීවිත සිනමාවෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.