Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රසවත්හු දිවියෙන් සමුගනිති. ශ්‍රී ලාල් ගෝමස් ද මිය ගියේය

රසවත්හු දිවියෙන් සමුගනිති. ශ්‍රී ලාල් ගෝමස් ද මිය ගියේය

පසුගිය දින කිහිපකට ලංකාවේ ප්‍රවීන නළුවෙකු වන විජය නන්ද සිරි ද අසහාය මාධ්‍යෙව්දීයෙකු වූ එල්මෝ ප්‍රනාන්දුද එසේම මාධ්‍ය වේදියෙකු වූ ශ්‍රී ලාල් ගෝමස්ද දිවියෙන් සමුගත්තේය. 

කලාවෙන් මොවුන් තිදෙනාම ජනතාවට අතිමහත් සේවයක් සිදුකලේය.
ප්‍රවීණ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වූ ශ්‍රීලාල් ගෝමස් මහතා මිය ගියේ අද (11) උදෑසන අය.
ලක්බිම පුවත්පතේ මෙන්ම දිවයින පුවත්පතේ ඡායාරූප කර්තෘවරයා වශයෙන් සේවය කර ඇති ඒ මහතා මියයන විට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායකගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් රාජකාරි කළේය.

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසද රාජකාරි කර ඇති ශ්‍රීලාල් ගේමස් මහතා, මෙරට සමාජ, දේශපාලන ක්‍ෂේත්‍රයේ විශේෂ සංදිස්ථාන රැසක ඡායාරූප ගත් අයකි. ස්වකීය වෘත්තිය අත්දැකීම් පෙළගස්වමින් ඔහු අවස්ථා කිහිපයකදීම ඡායාරූප ප්‍රදර්ශන පැවැත්විය.

ඒ මහතාගේ දේහය මාකොළ, මාකොළ උතුර, ආසිරි මාවතේ අංක 639/2 ඒ දරණ නිවසේ තැන්පත්කර ඇත. අවසාන කටයුතු සෙනසුරාදා (13) පස්වරු 3.00ට සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කෙරේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.